loard of the fallen game ,සපු කුසුම එක පැත්තේ කරක් ගහන හැමෝම අද ගෙනාපු අලුත් ගේම් එකට සාදරයෙන් පිළිගන්නවා. අද ගෙනාපු ගේම් එක ටිකක් විශේෂ ගේම් එකක් මොකද කියනවනම් මේ පරිගණක ක්‍රීඩාව සටන් ජවනිකා වලින් පිරිච්ච එකක්. ක්‍රීඩාව ආරම්භ වූ මොහොතේ සිට ක්‍රීඩකයාට ඉතාමත් හොඳින් ක්‍රීඩා කිරීමට අවස්ථාවව මෙයින් සලසා දෙයි. මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කිරීමට මූලිකත්වය ගන්නේ Deck13 Interactive ආයතනය සහ CI Games යන ආයතන ද්විත්ව යයි. මෙම පරිගණක ක්‍රීඩාවෙ ප්‍රධාන චරිතය Harkyn යන නමින් හඳුන්වයි. ඔබට ක්‍රීඩා කිරීමට සිදුවන්නේ මෙම චරිතයට පණ පොවමින්. එක දිගට ගලාගෙන යන කතාවකට සමාන මෙම ක්‍රීඩාව නිරන්තරයෙන් ලබා දෙන්නේ නැවුම් වූ අත්දැකීමකි. ක්‍රීඩාවේ නියුතු ්‍ප්රධාන චරිතයට ම ගැළපෙන ආකාරයෙන් ඔහුගේ ඇඳුම නිර්මාණය වී ඇත. නිරන්තරයෙන්ම ඔහුගේ සටන් සඳහා මායාව ප්‍රයෝජනවත් වේ. එම මායා කර්මයන් නිසාම නිරන්තරයෙන් ඔහුගේ ආයුධ බලසම්පන්න වන බව ඔබ ක්‍රීඩා කරන අතරතුර ඔබට දකින්න පුළුවන් ප්‍රධාන ලක්ෂණයක් වේවි. එසේම ඉතාමත් හොඳ ශබ්ද රටා මවන මෙම පරිගණක ක්‍රීඩාව එම හේතුව නිසාම අනෙකුත් ක්‍රීඩා අතරින් සුවිශේෂී ලක්ෂණ පෙන්නුම් කරයි.
මෙම ක්‍රීඩාව පරිගණකයට ස්ථාපනය කිරීම සඳහා ඔබගේ ප්‍රොසෙසර core-i3 වත් අවමය පැවතිය යුතුය. ram ධාරිතාව ගිගාබයිට් හයක් හෝ අටක් වනවා නම් මෙම පරිගණක ක්‍රිඩාව මන්දගාමී බවින් තොරව ඔබට ක්‍රියාත්මක කළ හැකිය. hard disk එක මත පවතින ඉඩ ප්‍රමාණය ගිගාබයිට් 25ක් මේ සඳහා වෙන්කළ යුතුය. එසේ නම් පහතින් ඔබට මෙම පරිගණක ක්‍රීඩාව බාගත කරගත හැකිය.
![]() |
File size 17.32GB |