පෙම්වතාව ලඟින් තියාගන්න මෙහෙමත් කරන්න

ඔය අද ලස්සනයිනේ
ගැහැනු ළමයි ඒ වගේම කාන්තාවන් මේ බොහෝ දෙනාට අමතක වන කාරණය තමයි මේ සඳහන් කරන්නේ.ඔහු හමු වුනු විට කටපුරා ඔහු ලස්සන බව පවසන්න. එසේම ඔහුගේ ඇදුම ගැන ප්රශංසා කරන්න. ඔබ නොසිතුවාට එයින් ඔහු සතුටට පත්වෙනු ඇත.
ස්තුතිය
ඔබගේ පෙම්වතා ඔබ වෙනුවෙන් යමක් කළ විට ඒවා වෙනුවෙන් ඔහුට දිය හැකි හොඳම තෑග්ග නම් කටපුරා ස්තුතියක් ඔහුට ලබා දීමයි. එමනිසා ඇත්තැම් විට ඔහු ඔබ කැටුව කෑමකට යනවා විය හැකි ,එසේම ඔබව ආරක්ෂා කාරී ලෙස තැනකට ඇරලනවා විය හැකියි. එසේත් නොමැති නම් ඔබ කැමති දෙයක් ඔබට ගෙනෙන්න දෙනවා විය හැකි එවැනි අවස්ථාවලදී ඔහුට කටපුරා ස්තුතියක් කරන්න එයින් ඔහු සතුටු වෙනවා නොඅනුමානයි .
ආදරේ වග පවසන්න
ආදරේ කරන ගොඩක් දෙනෙක් එකිනෙකා පළමු වතාවට ආදරේ පැවැසයි. ඉන්පස්සෙ නැවත ඔවුන් එම සුන්දර වචන පෙළ නොකියන තරම් එමනිසා අඩුම මාසෙකට වතාවක් හෝ ඔහු නොසිතන අවස්ථාවක ඔබේ ආදරය සහ එහි පෘථුලත්වය පවසන්න. එය ඔහුට අස්වැසිල්ලක් සහ සතුටක් වනු ඇත.
ඔබ දෙදෙනාගේ සොඳුරු මතකයන් ආවර්ජනය කරන්න
මෙය සුදුසු අවස්ථාවක සහ සුදුසු ස්ථානයක් තුල සිදු කරන්න. ගොඩක් වෙලාවට ඔබ දෙදෙනා විවේකයෙන් සිටින විට මෙය පවසන්න. ඔබ ඔහු හා කළ කී දෑ ආගිය තැන් වලින් සතුටු වුන බව ඔහුට පවසන්න එය ඔහුගේ සතුටට කාර්ණයක් වනු නිසැකයි
විහිළුවලට කට පුරා සිනාසෙමින්
කාන්තාවන්අ තින් වන තවත් වැරැද්දක් තමා ඇයගේ පෙම්වතා ඇයව හිනස්ස වීමට සිදු කරන විහිළු බලරපතළ ලෙස ගැනීම්. ඇතැම් පෙම්වතියන් විහිලු නොහදුනන තරම්. එමනිසා ඔහු ඔබ වෙනුවෙන් ඔබව හිනැස්සවීම සඳහා සිදුකරන විහිලු සතුටින් බාරගෙන කටපුරා සිනාසෙන්න. මන්දයත් විහිළුවක් යනු හුදෙක්ම විහිළුවක් පමණක් නිසා ඒවා බරපතළ කාරණා ලෙස ජීවිතයට නොගන්න ඔහුගේ විහිළුවට ඔබ සිනාසෙන විට එය ඔහුට මහත සතුටක් වනු ඇත
නිතර මතක් වෙන වග
ඔහු ළඟ නොමැති අවස්ථාවලදී ඔහුව ඔබට නිරන්තරයෙන් මතක් වෙන බව ඔහුට දුරකථනය හරහා හෝ පවසන්න .එවැනි අවස්ථාවල දී ඔහු ඔහුට හැකි සෑම අවස්ථාවකදීම ඔබව මුණ ගැසීමට කටයුතු කරයි.එසේම එසේ පවසන විට එය ඔහුට සතුටුට කාරනයක් වනු ඇත.
සමාව ඉල්ලන්න
ඔහු සමඟ කටයුතු කරන විට ඔබගෙන් වැරැද්දක් සිදු වූ සැනින් එම වැරැද්ද වැරදිකරු ඔබනම් පසුබට නොවී සමාව ඉල්ලීමට තරම් නිහතමානී වන්න. මන්ද එම වැරැද්දෙන් ඔබගේ පෙම්වතා සිත් තැවුලක් ඇතිකරගෙන සිටින විට එම තත්ත්වය ඔහු ඔබේ සමාව ඉල්ලීම සමග යටපත් කර ගනු ඇත. එසේම ඔබ සමාව ඉල්ලන නිසාම ඔහු අතින් වරදක් සිදු වූ විට ද ඔහු සමාව ඉල්ලීමට තරම් කාරුණික වනු ඇත.
වීරයකෙකු බව පවසන්න
බොහෝ පිරිමින් මාගේ ප්රියම්බිකාව වෙත තමාගේ හැකියාවන් පෙන්වන්න, එසේම ඇය වෙනුවෙන් යමක් කරන්න උත්සුක වෙනවා. එවැනි අවස්ථා වලදී ඔබ ඒවා නොසලකා හරින්න එපා .ඒවා පිළිගෙන ඔහුව තවත් දිරිමත් කරන්න .එය ඔබගේ සම්බන්ධයට මනා රුකුලක් වනු ඇත.
ගතිගුණ
ඔබ ඔහුගෙන් ගතිගුණ එනම් හොඳ ගතිගුණ නිරන්තරයෙන් වර්ණනා කරන්න. නරක පුරුද්දකට ඔහු ඇබ්බැහිවී සිටි නම් හොද වර්ණනා කරන අතරතුරම නරක පුරුදු වලින් ඔහුව ඈත් කරන්න කටයුතු කරන්න. එවැනි අවස්ථාවල දී ඔහු ඔබ පිළිබඳව මනා අවබෝධයක් ඇති කර ගනු ඇත.
විශේෂ දින සමරන
ඔබට සහ ඔහුට විශේෂ දින ඇති උදාහරණයක් ලෙස ඔබගේ ආදරේ පැවසූ දිනය, සම්බන්ධය පටන්ගත් දිනය ආදරවන්තයින්ගේ දිනය අලුත් අවුරුද්ද ආදිය පෙන්වා දෙන්න පුළුවන්. මෙවැනි අවස්ථාවලදී ඉතා විශාල වටිනාකම් වලින් යුත් තෑගි වල්ට මුදල් වියදම් කරනවට වඩා කුඩා හෝ තෑග්ගක් ඔහුට ලබා දෙන්න. එය ඔහුට සතුටුට කාරනණයක් වනු ඇත.