call of duty ගැන කතා කරනව නම් ගේම් එකේ නම කියපු ගමන් ගේම් ගහන ඕන කෙනෙක් දන්නවා call of duty කියන්න මොකක්ද කියලා මොකද ඒක ඒ තරමට ජනප්‍රියයි.මෙම ගේම් එකේ version කීපයක් ආවත් 2016 වර්ෂයේ පැමිණි මෙම ගේම් එක බොහෝ සෙයින් ජනාදරයට පත් වෙනවා.raveen software කියන සමාගම තමයි මේ call of duty ගේම් එක නිර්මාණය කරන්නේ.ඒ වගේම තමයි activision ආයතනය මෙම පරිගණක ක්‍රීඩාව ලොව පුරා බෙදා හැරීමට කටයුතු කරනවා.2016 නොවැම්බර් මාසයේ මෙම පරිගණක ක්‍රීඩාව ලෝකයා වෙත නිකුත් කෙරෙනවා.
මෙම පරිගණක ක්‍රීඩාව අනෙකුත් මෙවැනිම වූ ක්‍රීඩා වලින් වෙනස් වන්නේ මෙම ක්‍රීඩාව ක්‍රීඩකයාට ලබා දෙන වෙනස්ම වූ අත්දැකීම් නිසාවෙන්. ඉතාමත් අලංකාර අන්දමින් පරිගණක ක්‍රීඩාවකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ලබන මෙම ක්‍රීඩාව, ආලෝක යොදා ගැනීමේදී ක්‍රීඩකයාට ක්‍රීඩා කිරීමේ රුචිය වර්ධනය කරමින් ආලෝක යොදා ගැනීමට සමත්වේ.මෙම ක්‍රීඩාව තුලින් ක්‍රීඩකයාට තමාට ලබා ගත හැකි විවිධ වූ යුද උපකරණ වලින් පහර දීමේ හැකියාව ලබාදෙයි.මෙය කලින් ලිපියක සඳහන් කරා මෙන් සතුරන් මර්දනය කළ යුතු පරිගණක ක්‍රීඩාවකි .විශේෂයෙන් සඳහන් කරනවානම් ආයුධ වර්ග හැත්තෑවකට අධික ප්‍රමාණයක් මෙම පරිගණක ක්‍රීඩාව මඟින් ක්‍රීඩකයාට සපයනු ලබයි .එම නිසා නිරන්තරයෙන් ම ක්‍රීඩකයා මෙම ක්‍රීඩාව වෙත ඇද බැඳ තබා ගැනීම සඳහා නිෂ්පාදන සමාග විසින් විවිධ වූ උපක්‍රම මෙම ක්‍රීඩාව සඳහා අන්තර් ගත කොට ඇත .එසේම මෙම ක්‍රීඩාව තුළ පවතින බොහෝ මෙහෙයුම් ඔබට සම්පූර්ණ කළ යුතු වන්නේ තනි ආකාරයෙනි .නමුත් මෙම පරිගණක ක්‍ීඩාව තුළින් ලබා දී ඇති multiplayer mode මගින් පරිගණක ක්‍රීඩා කරන්නන් කිහිපදෙනෙකුට වුවද සම්බන්ධ වී ක්‍රීඩාව සිදු කිරීමට හැකියි.ග්‍රැෆික් චිත්‍රපටියක දී ලැබෙන ඉතාමත් හොඳ video වීඩියෝ කොලිටිය මෙම පරිගණක ක්‍රීඩා මගින් ක්‍රීඩකයාට ලබා දෙයි.