ජාතියේ මහ හෙළුව

වෙනත් රට වල නිරුවත (nude) යනු කලාවකි. අපේ රටේ මැජික් එකකි.බුදු දහමේ වුවද විරාගය ලෙස හඳුන්වා දී ඇත්තේ මඩ ගොහොරක මඩ නොගෑවී සිටීමක් ලෙසය..සමාජයේ මඩ ඇත.එකිනෙකාට රිසි දේ ඇඳීමට ඉඩ ඇත.තමන්ට අවශ්‍ය දෑ අනවශ්‍ය දෑ තෝරා බේරා ගැනීමට හෝ ඒවායින් ඈත් වීමට ස්වාධීනත්වයක් ඇත.තමාගේ ජීවිතය සාර්ථක කර නොගන්න බොහෝ දෙනා අනුන්ට උපදෙස් දීමට ඉතා දක්ශයෝ වෙති.දැන් මෙය කියවන ඇතැමෙකුට මේ මොන අමාරුවක් දැයි හැඟෙනු ඇත. තවකෙකුට මේකිට දැං හෙළුව මාකට් කරන්නද ඕනෙ වෙලා තියෙන්නෙ ? යන අනේකවිධ ගැටලු මතු වනු ඇත..කම් නැත. මා පැවසීමට උත්සහ දරන්නේ හෙළුව පිළිබඳ ඇති ගෝත්‍රික මානසිකත්වයෙන් මිදී නැති මෙවැනි සමාජයක සභ්‍යත්වයක් පිළිබඳ කතා කිරීමට අප සුදුසුදැයි යන ප්‍රශ්නය අපෙන්ම අසා ගත යුත්තක් බවයි.
සමාජ නූගත්භාවය, ලිංගික අධ්‍යාපනය පිළිබඳ දැනුම නොලැබීම,මිථ්‍යාවන්ගෙන් පුරවාගත් ඔළු ගෙඩි මෙම තත්ත්වයට බලපා ඇත.. වෙනත් රටවල් තාක්ෂණය සමඟ ඉදිරියට යද්දී අපේ උන් කේන්දරයේ කොටු අතර බට්ටා පණිති.රෙද්ද පල්ලෙන් බේරෙන සභ්‍යත්වයක් සොයති.. රට මෙසේ දිවෙන තාක් රටට ආතල් ය.. සුද්දා දුන් දුම්රිය අද වන තුරු ප්‍රතිසංස්කරණය වී නැත.. බස් එකක ජැක් ගහන අසහන මානසිකත්ව පිරි මිනිසුන් එමටය.ඉල්ලීමක් දිනාගැනීමට නම් පාරට බැසියය යුතුමය..කඳුළු ගෑස් පහසින් මත් විය යුතුමය.. වෙළෙඳ භාණ්ඩයක් මිලට ගැනීමට ගිය විට මුදලාලිලාගෙ රැස් බැලිය යුතුමය.. එවන් රටක රෙද්දක සභ්‍යත්වය තම්බා කන්නදැයි අප අපෙන්ම ඇසිය යුතුය.
©මීනු ගුණසිංහ
(University of J'pura)
