ශ්‍රී ලංකාව ගෝලීය බලපෑමේ ගොදුරක් ද?

ලෝක දේශපාලනය තුළ ඇමරිකාව, චීනය හා ඉන්දියාව යනු අතිශය බලවත් රාජ්‍යයන් ලෙස සඳහන් කළ හැකිය.මෙම රාජ්‍යයන් ත්‍රිත්වය ලංකාව සම්බන්ධයෙන් ද අතිශය තීරණාත්මක බලවේග බවට පත්වී ඇත. චීනය හා ඇමෙරිකාව පස මිතුරු රාජ්‍යයන් වන අතර ඉන්දියාව සහ චීනය පස මිතුරු රාජ්‍යයන්ය. සතුරාගේ සතුරා මිතුරා බවට ප්‍රකට ප්‍රකාශයක් පවතින අතර එය මේ රාජ්‍යයන් ත්‍රිත්වය සම්බන්ධයෙන් ද සත්‍යයකි .ඇමරිකාව සහ ඉන්දියාව මිතුරන් වී සිටින්නේ අත්‍යවශ්‍ය මිතුරුක කමකට වඩා ඔවුන්ගේ පොදු හතුරා චීනය වන නිසාය. මේ බල අරගලය නිසා ලංකාව ගොදුරක් බවට පත් වී තිබේ .ලිබියාවේ ගඩාෆිගේ දේශපාලන හා ආර්ථික ප්‍රතිපත්තිය ඇමරිකාවේ මැදපෙරදිග බල ආධිපත්‍යයට තර්ජනයක් වූ නිසා උපායශීලීව ගඩාෆි මරා දමා ලිබියාවේ පාලනය අවුල් කර දැමීය .අද වන විට ලිබියාවේ ගඩාෆි යටතේ තිබූ ශක්තිමත් ලිබියාව නොව දුර්වල දේශපාලන ව්‍යාකූලත්වයක්ක ද සහිත ලිබියාවකි. ඒ නිසා ඇමෙරිකාව සිය අරමුණු ඉටුකර ගෙන ඇති බවට එය සාක්ෂියක් වේ .
![]() |
Mr.Mahinda Rajapaksha |
![]() |
Present president of Srilanka |
ඇමරිකාවට ලංකාව තුළ ඇමෙරිකානු හිතවාදී ආණ්ඩුවක් නිර්මාණය කර කර ගැනීමට උත්සාහ දරන්නේ 2005න් පසුවය .2005 ට පෙර බලයට පත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව අනුගමනය කළ විදේශ ප්‍රතිපත්තිය වූයේ නොබැදි ප්‍රතිපත්තියය. ඔවුන් චීනය සමග සම්බන්ධතා පැවැත්වූ වුූවද එය අතිශය සමීප සම්බන්ධතාවක් වූයේ නැත. නමුත් වෙනත් කිසිදු රාජ්‍ය නායකයෙකුට වඩා මහින්ද රාජපක්ෂ චීනය සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නා ලදී. මෙය අැමරිකාවට තර්ජනයක් වූ නිසා ඇමෙරිකාව හැකි සෑම විදියකම මහින්ද රාජපක්ෂ බලයෙන් ඉවත් කර ගැනීමට උනන්දු විය. මේ තත්ත්වය මර්දනය වූයේ 2009 පසුවය. මන්ද යුද්ධයෙන් පසු මහින්දට ණය ගැනීම්ට උදව් කළේ චීනය නිසාවෙනි. මේ නිසා චීනයත් මහින්දත් අතර සමීප සම්බන්ධතාවක් ඇති විය. එබැවින් ඇමරිකාවට මහින්ද පෙනුණේ සතුරෙකු ලෙසය. එබැවින් ඇමෙරිකාවට අවශ්‍ය වූයේ කෙසේ හෝ මහින්ද එළවා දැමීම ය. මේ තත්ත්වය ඉන්දියාව ද කැමැති වූ නිසා ඉන්දියාවටද එළවා දැමීමේ අවශ්‍යතාවය පැන නැගුණි.
![]() |
Present primeminister of Srilanka |
මේ සඳහා වූ විවිධ උපාය මාර්ග යොදා ගත් අතර ඇමරිකාව සහ ඉන්දියාව 2013 දී මානව හිමිකම් චෝදනා යුධ අපරාධ චෝදනා ගෙන විත් මහින්ද එළවා දැමීමට උත්සාහ ගත්තද චීනය සහ රුසියාව ලංකාව වෙනුවෙන් පෙනී සිටි නිසා එය අසාර්ථක උත්සාහයක් බවට පත් විය. නමුත් 2015 දී එය සාර්ථක වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කර ගැනීමට හැකිව වූ නිසාය. ඇමරිකාවට මෛත්‍රී ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු ලෙස පෙනෙන්නේද ඔබාමා සමඟ සමීප හමුවූකට අවස්ථාවක් ලැබෙන්නේ ද ඒහි ප්‍රතිඵලයක් වශයෙනි. නමුත් මෛත්‍රී ඇමරිකාවට හෝ ඉන්දියාවට නැවවිය හැකි රූකඩයක් නොවුන බව පැහැදිලි වූයේ රනිල්ගේ බටහිර ගැති ප්‍රතිපත්තියට මෛත්‍රී විරෝධය දැක්වීම්ත් සමඟගය .මෛත්‍රී විසින් 2018 දහවැනි මස 26 වන දින මහින්ද අගමැති කරනුයේ මෙවැනි තත්වයක් තුල දීය නමුත් එය දැඩි ලෙස හෙළා දැකීමට බටහිර රටවල් යොමු වූයේ එය ප්‍රජාතන්ත්‍රවාදී යට සිදු වූ හානියක් නිසා නොව බටහිරට පක්ෂපාතී රනිල්ට බලය අහිමි වූ නිසාය .එබැවින් බටහිර රටවල් මෙරටට ලබාදුන් සහන අත්හිටුවීමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා දීමට තිබූ ණය මුදල් අත්හිටුවීම් පියවර ගත්හ.
නමුත් අනික් අතට චීනයේ මහින්ද අගමැති වීම සමඟ සුබපැතුම් එක් කළේය. ඒ මහින්ද චීනයේ හිතවතෙක් වන බැවිනුත් මහින්ද චීනයේ උවුවමනාවන්ට ඉඩදෙන බැවිනුත්ය. මෙයින් පැහැදිලි වන්නේ ලංකාව කුමන ආකාරයෙන් සැලකුම් ලැබුවද බලවත් රාජ්‍යයන්ගේ ගොදුරක් වී ඇති බව නොවේ ද ? මෙවැනි තත්වයක් තුල රටේ නායකයන් එකතු වී දේශීයත්වය ආරකරක්ෂා කරනු වෙනුවට ඔවුන් බලය උදෙසා දැඩි අරගලයක නිරත වේ. නිදහස් ලබන විට ජපානයට පමණක් දෙවැනි වූ ආර්ථිකයක් හිමි කරගෙන සිටි ලංකාව අද සිටින්නේ කොතැනද යන්න අමුතුවෙන් කිව යුතු නැත. මේ සියලු තත්ත්වයන්ට වගකිවයුතු වන්නේ මෙරට දේශපාලනය නො වේ ද ????
- රොහාන් වික්‍රමසිංහ-
(දේශපාලන විද්‍යා දේශක)
(දේශපාලන විද්‍යා දේශක)