Project IGI 1, පරිගණක ක්‍රීඩාවනම කියූ සැනින් ගොඩක් දෙනෙක් අඳුනන පරිගණක ක්‍රීඩාවක්
විදිහට i.g.i. නම් කරන්න පුළුවන්. ලෝකයේ පරිගණක ක්‍රීඩා කරන්නන් අතර
එතෙක් මෙතෙක් ඉතිහාසයක් තුළ වඩාත් ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක් ලෙස මෙම ක්‍රීඩාව
නම් කිරීමට හැකිය. 2000 වර්ෂයේ දෙසැම්බර් මස 15 වන දින නිකුත්
කරන ලද මෙම පර පරිගණක ක්‍රීඩාව නිර්මාණය
කරනු ලබන්නේ Innerloop Studios ආයතනය විසිනි. එසේම
Eidos Interactive ආයතනය විසින් මෙය ලොව පුරා පරිගණක ක්‍රීඩා
ලෝලීන් අතර බෙදා හැරීමට කටයුතු කරයි.
පරිගණක ක්‍රීඩාව තුළ ඔබ ක්‍රීඩා කළ යුතු වන්නේ තනි සොල්දාදුවෙක් ලෙසයි. මෙය
සම්පූර්ණ කතාන්දරයක් ලෙස ඉදිරියට ගලාගෙන යන පරිගණක ක්‍රීඩාවකි. මෙහි ප්‍රධාන චරිතය
වන්නේ ජෝන් නැමැති බ්‍රිතාන්‍ය රහස් සංවිධානයේ සොල්දාදුවායි.ඔබ ක්‍රීඩා කළ යුතු
වන්නේ ඔහු ලෙසයි. පරිගණක ක්‍රීඩාවේ පළමුවන
මෙහෙයුමේ සිට අවසාන මෙහෙයුම් දක්වා ඔබට සතුරන් සමග විවිධ වූ අවි ආයුධ භාවිතා
කරමින් ක්‍රීඩා කිරීමට සිදුවේ. මෙහෙයුම් කීපයක්ම සාර්ථක කිරීමට ඔබට සිදුවේ.
මෙහෙයුමක් සම්පූර්ණ වූ පසු පමණක් ඊළඟ
මෙහෙයුමට යා හැකි වේ. පරිගණක ක්‍රීඩාව ඉතා සරල මට්ටමක
පැවතියත් ක්‍රීඩා කරන්නාට එහි මෙහෙයුමෙන් මෙහෙයුමට ඉතාමත්ම හොඳ අත්දැකීමක් ලබා ගැනීමට මං පෙත් විවර වේ. එනම් එහි මෙහෙයුමෙන් මෙහෙයුමට පරිගණක ක්‍රීඩාව
සංකීර්ණ වන්නට පටන් ගනී. ඉතා හොඳ graphic හැකියාවක් පෙන්වන මෙම ක්‍රීඩාව ඊට
සාපේක්ෂව
පැහැදිලි ශබ්ද භාවිතා කරමින් ක්‍රීඩා කරුට උපරිම
වින්දනයක් ලබාදීමට කටයුතු කරයි.
මෙම ක්‍රීඩාව පරිගණකය තුල ධාවනය කිරීම සඳහා පැවතිය යුතු අවම සුදුසුකම් වන්නේ
System
Requirements Of IGI 1
·
Operating System:
Window XP/Vista/7/8
·
CPU :Intel Pentium II
or later
·
Ram: 128MB
·
Setup Size: 251MB
·
Hard Disk: 500MB

