ජීවිතය යනු




 ජීවිතය යනු නූලක ගැටගැසූ සරුන්ගලයක් වැනිය. එය කෙලෙස කොතැනකදී අප අතින් ගිලිහෙන්නේද එය නැවත අපට අල්ලාගත නොහැකිය. ජීවිතය අප සතුව තිබෙන තුරාවට එය අප සතුව පවතිනු ඇත. ජීවිතය හුදෙක් අයිතියට සීමා වුවක් ම නොවන්නේ ද එබැවිනි. එනමුත් ජීවිතයේ නිදහස සොයා ඒමකින් තොර සොයා ගත යුත්තක් වන්නේ ජීවිතය විදවීමට ශේෂ වූවක් නොවන නිසාය. ජීවිතය අප සතු නම් ජිවිතය විදීම හෝ විදවීමද අප සතුය. නිරතුරුව දකින්නේ සරුන්ගලයක ලස්සන නමුත් එය රැදා තබන නූලපොට කාගෙවත් හිතේ රැදිලා නැති තරම්. හිතුවොත්, ඒ නූලපොට කැඩිලා ගිය දිනයට, අත හැරිය දිනයක මොනවා වෙයිද,, සරුන්ගලය ජීවිතය නම් අපේ හැගීම් ඒ නූලපොටට සමානයි.. එහෙනම්, ජීවිතය රැදෙන්නේ අපේ හැගීම්වල ලස්සනත් එක්ක නෙමෙයිද,. ඔබ හිතන විදිහ මත ඔබේ ජිවිතය රැදිලා තියේවි හැමදාමත්.



                    මොහොතක බිදවැටීමක් ජීවන පරාජය නොවේ. මොහොතක ජය ජීවන ජයග්‍රහණයද නොවේ. එය රදා පවතිනුවේ ස්වකීය සිතුවිලි මතය. වැටුණු තැනින් නැගිසිටිමටත්, ජයගත් තැනින් තවත් ඉහළට යාමටත් අවස්ථාව සතු වන්නේ ඔබ සතුවය. අවැසි වන්නේ එක් සිතුවිල්ලක වෙනස පමණි. ජීවිතයේ හිමි අහිමි සියල්ල සතුටින් දරාගැනීමත් ජීවිතයට විදවන්නට ඉඩහැරීමත් ඔබ සතුය. ජීවිතයේ නූල අල්ලාගැනීම හෝ අත්හැරීම ඔබ සතුය. කිසිවෙකුට ඔබ හෝ ඔබට කිසිවෙකු විය නොහැකිය. එක් වරක් ඔබට පෙර ජීවිතයට ජිවත් වීමට ඉඩ හරින්න. එවිට ඔබත් ඉබේම ජීවත් වනු ඇත. ඔබට ජිවිතය විදීමට ඉඩදෙන්න. ජීවිතය ඔබේම විදිහට විදින්න..

-නිර්මාණයට අපගේ ස්තූතිය-  

Please Select Embedded Mode To Show The Comment System.*

Previous Post Next Post