ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසිය හැකිද ?(දකුණු අප්‍රිකාවට පරාජය වීමෙන් පසු)

ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ දී සිකුරාදා (ජුනි 28) දකුණු අප්‍රිකාව හමුවේ ලද පරාජයත් සමග ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ඉදිරි තරඟ දෙක ජයගැනීමට අමතරව අනිකුත් කණ්ඩායම්වල ප්‍රතිඵල මත රැඳී සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවී තිබේ.
ඩර්හැම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයෙහි පැවති තරඟයෙන් ශ්‍රී ලංකාවට කඩුලු නවයක පරාජයක් අත්විය.ඒ සමගම ශ්‍රී ලංකාව ඉතිරි තරග දෙකේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඉන්දියාව අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුය.
එමෙන්ම ශ්‍රී ලංකාව ඉදිරි වටයට සුදුසුකම් ලැබීම පිණිස එංගලන්තය ඉදිරි තරග දෙකම පරාජය වීම අත්‍යවශ්‍ය වන අතර යම් හෙයකින් එංගලන්තය ඉරිදා (ජුනි 30) ඉන්දියාව සමග පැවැත්වෙන තරගය ජයගත හොත් ශ්‍රී ලංකාවට ඉදිරි තරග දෙක ජයගත්ත ද අවසන් පුර්ව වටයට පිවිසිය නොහැක. එංගලන්තයට ඇති ඉතිරි තරග දෙක වන්නේ ඉන්දියාව සහ නවසීලන්තය සමග ඇති තරඟයි.

ඊට අමතරව ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා පාකිස්තානය සහ බංග්ලාදේශය ඔවුන්ට ඉතිරිව ඇති ඉතිරි තරග දෙකෙන් එක් තරගයක් හෝ පරාජය වීමත් අත්‍යවශ්‍යවේ.
එසේ වුවහොත් ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසිය හැකිය.මෙවැනි කරුණු දිගටම  කියවන්න  sapukusuma.com අපිව bookmark කර කරගන්න.


Previous Post Next Post