
වයස අවුරුදු 6 පමණ කාලයේ පටන් කුඩා විලියම් ඉගෙනුම ලැබුවේ ‘බිග් ස්කූල්’ යනුවෙන් හැඳින්වෙන පාසලෙන්. (අද මේ පාසල ස්ට‍්‍රැට්ෆර්ඩ් හි VI වැනි එඩ්වඩ් ව්‍යාකරණ පාසලයි) වයස අවුරුදු 13 පමණ වන විට එනම් පියාගේ ව්‍යාපාර බංකොලොත් වීමත් සමඟ විලියම්ට පාසල් ගමන අවසන් කරන්නට සිදුවුණා. එතැන් පටන් ඔහුගේ ජීවිතය ගත වුණු ආකාරය ගැන විවිධ අය විවිධ මත පළ කරනවා. ඇතැමෙකු කියන්නේ ඔහු එතැන් පටන් බංකොලොත් වෙමින් තිබූ පියාගේ ව්‍යාපාර කටයුතු තම අතට ගත් බවයි. ඇතැමෙකුගේ අදහස ඔහු ගුරුවරයකු හො හමුදා සෙබළකු වූ බවයි.වයස අවුරුදු 18 දී විලියම්, ඈන් හතාවේ මෙනෙවිය සමඟ විවාහ වුණා. මේ විවාහයෙන් ඔවුන් දරුවන් තිදෙනෙකු ලැබුවා. දරුවන් උපන් පසු මේ පවුල ස්ට‍්‍රැට්ෆර්ඩ්
නගරය අතහැර ලන්ඩන් නගරයේ පදිංචියට ගියා. මේ වන විට නාට්‍ය කලාව බොහෝ ජනපි‍්‍රය වී තිබූ අතර ලන්ඩනයෙ විවිධ නාට්‍ය රඟ දැක්වුණා. කුඩා කාලයේ පටන්ම කලාවට ඇල්මක් දැක්වූවකු වූ ශේක්ස්පියර් ද ටිකෙන් ටික ඒ වෙත යොමුවුණා.ඔහු මුලින්ම ප‍්‍රසිද්ධ වේදිකාවට පිවිසුණේ නළුවකු හැටියටයි. ඔහු ‘ලෝඩ් චැම්බලෙන්’ස් මෙන්’ නම් වූ නාට්‍ය සමාගමට සම්බන්ධ වූ අතර මේ නාට්‍ය සමාගම ඒ කාලයේ එංගලන්තයේ රජකම් කළ 1 වැනි එළිසබෙත් රැජනගේ හා රට පාලනය කළ අයගේ අනුග‍්‍රහය ලැබූවක් වුණා. ඒ වගේම මේ නාට්‍ය සමාගම ඉදිරිපත් කළ නාට්‍ය මිනිසුන් අතර ඉතාම ජනපි‍්‍රය වුණා.
නළුවකු හැටියට මුලින්ම වේදිකාවට පැමිණි ශේක්ස්පියර් ක‍්‍රමයෙන් නාට්‍ය රචනා කරන්නටත් අධ්‍යක්‍ෂණය කරන්නටත් පටන් ගත්තා. ඔහුගේ මුල්ම ප‍්‍රසිද්ධ නාට්‍යය වුණේ ම වැනි හෙන්රි නාට්‍යයයි. එතැන් පටන් ඔහු නාට්‍ය 37 කට ආසන්න ප‍්‍රමාණයක් රචනා කරමින් ප‍්‍රසිද්ධ වේදිකාවේ රඟ දැක්වූවා. එදා එංගලන්ත වැසියන් ඉතා ආදරයෙන් වැළඳගත් මේ නාට්‍ය හැම එකක්ම පසුව ලොව පුරා පතල වුණා. විවිධ භාෂාවන්ට පරිවර්තනය වෙමින් විවිධ රටවලට ගිය ශේක්ස්පියර් නාට්‍ය එම රටවල අදටත් වේදිකා ගත වෙමින් පවතිනවා. මේ නාට්‍ය අතරින් බොහොමයක් සිංහල භාෂාවට ද පරිවර්තනය වී ඇති අතර අපේ රටේත් වරින් වර වේදිකා ගත වෙනවා.නාට්‍ය විචාරකයන් ඔහුගේ නාට්‍ය කාණඩ තුනක් යටතේ වර්ග කොට දක්වනවා. හාස්‍ය ඉස්මතු වන නාට්‍ය හෙවත් ප‍්‍රහසන, ශෝකජනක අවසානයක් සහිත ශෝකාන්ත නාට්‍ය හා ඓතිහාසික සිදුවීම් අලලා රචනා කෙරුණු නාට්‍ය ඒ කාණ්ඩ තුනයි.නාට්‍ය කලාව ශේක්ස්පියර් ගේ ජීවිතයට ගෙන ආවේ කීර්තිය පමණක් නෙමෙයි. ඉතා ඉක්මනින් ඔහු වෙතට මහා ධනස්කන්ධයකුත්
ගලාගෙන ආවා. තම උපන් බිම වූ ස්ට‍්‍රැට්ෆර්ඩ් ප‍්‍රදේශයෙන්ම ඔහු විශාල නිවසක් මිලදී ගත්තා. 1610 වසරේදී ඔහු මේ නිවසේ පදිංචියට ගියා.ශේක්ස්පියර් කියන්නෙ නාට්‍ය රචකයකු පමණක් නෙමෙයි. ඔහු අතින් කාව්‍ය නිර්මාණ රැසක් ද බිහිවුණා. මේ කාව්‍ය නිර්මාණ එක් තැන් කොට ඔහු ‘100 සොනෙට්ස්’ නමින් කාව්‍ය ග‍්‍රන්ථයක් ද පළ කළා.මහා නාට්‍යකරුවකු, කවියකු හැටියට අමරණීය නමක් තැබූ මේ සුවිශේෂ මිනිසා 1616 අපේ‍්‍රල් 23 වැනිදා (බොහො දෙනා ඔහුගේ උපන් දිනය හැටියට හඳුන්වන දිනයේම) අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ සිරුර මිහිදන් කෙරුණේ ඔහු බෞතීස්ම කළ ස්ට‍්‍රැට්ෆර්ඩ් දේවස්ථාන භූමියේමයි.
-දේවිකා වඩිගමංගාව-