1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරීමය බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.1950 වර්ෂයේදී ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමෙන් අනතුරුව මේ දක්වා තේමා 11ක් යටතේ මුදල් නෝට්ටු කාණ්ඩ 11ක් නිකුත් කර ඇත.
එකොළොස් වන මුදල් නෝට්ටු කාණ්ඩය
2010 දී වසරේදී නිකුත් කරන ලද එකොළොස් වන මුදල් නෝට්ටු කාණ්ඩයේ තේමාව වනුයේ “සංවර්ධනය, සෞභාග්‍ය සහ ශ්‍රී ලංකාවේ නැටුම් ශිල්පීන්” යන්නයි.
රුපියල් 20 නෝට්ටුව | ||
ප්‍රමුඛ වර්ණය : මදටිය පැහැය පරිමාණය : මි.මී 128 x 67 | ||
![]() මුහුණත
නෝට්ටුවේ මුහුණත මැද, කොළඹ වරායේ වර්තමාන දර්ශනයක් හා ඊට පසුබිමින් එහි පැරණි දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණුපසට වන්නට ශ්‍රී ලංකා පඬුකන් බස්සා (පඬුවන් බස්සා) සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට නිල්ගල සමනලයා දැක්වේ.
![]() පිටුපස
නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් වෙස් නැටුම් ශිල්පියෙක් සහ ගැටබෙර වාදන ශිල්පියෙක් ද, ඉහළ දකුණු කෙළවරෙහි සෞභාග්‍යයේ සංකේතයක් වන පුන්කලස සහිත මුරගලක්
සහ දකුණුපස දිගට තනි ලියවැලක් ද දැක්වේ. |
රුපියල් 50 නෝට්ටුව | ||
ප්‍රමුඛ වර්ණය : නිල් පරිමාණය : මි.මී 133 x 67 | ||
![]() මුහුණත
මනම්පිටියේ ඉදිකළ නව පාලම සතු ඊට පසෙකින් දුම්රිය මාර්ගය එක්ව ගමන් කරන්නා වූ පැරණි පාලම කලාකරුවෙකුගේ නිර්මාණයක් ලෙසින් ද ඊට පසුබිමින් ශ්‍රී ලංකාවේ පැරණි ආරුක්කු දුම්රිය පාලම ද දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අනු මැසිමාරා නමැති පක්ෂියා ද නෝට්ටුවේ වම්පස පහළට වන්නට පිටනිල් කොළයා නමැති සමනලයා ද දැක්වේ.
![]() පිටුපස
නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් වඩිග පටුන නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද, ඉහළ දකුණු කෙළවරෙහි පුන් කලස සහිත මුරගලක් සහ දකුණුපස දිගට තනි ලියවැලක් ද දැක්වේ.
|
රුපියල් 100 නෝට්ටුව | ||
ප්‍රමුඛ වර්ණය : තැඹිලි පාට පරිමාණය : මි.මී 138 x 67 | ||
![]() මුහුණත
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසුබිමින් විදුලි රැහැන් සමඟින් දිස්වන ලක්ෂපාන දිය ඇල්ල දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා රතු දෙමලිච්චා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම්පස පහලට වන්නට සරා කොළයා නමැති සමනලයා ද දැක්වේ.
![]() පිටුපස
නෝට්ටුව සිරස්ව අල්ලා බැලූ විට ඉන්දීය ශාස්ත්‍රීය සම්ප්‍රදායට අයත් භරත නැටුමේ යෙදෙන ශිල්පිනියක් සහ මෘදංග බෙර වාදන ශිල්පියෙක් ද ඉහළ දකුණු කෙළවරෙහි නාගරාජ මුරගලක් සහ දකුණුපස දිගට ද්විත්ව ලියවැලක් ද දැක්වේ.
|
රු. 500 නෝට්ටුව | ||
ප්‍රමුඛ වර්ණය : දම් පරිමාණය : මි.මී 143 x 67 | ||
![]() මුහුණත
කොළඹ නගරයේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා ලංකා බැංකු මූලස්ථානය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ පසුබිමින් මහනුවර ලංකාතිලක විහාරයේ දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා අළු ගිරවා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම්පස පහළ, හෙළ නීල පරමයා නමැති සමනලයා දැක්වේ.
![]() පිටුපස
නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට, පහත රට දෙවොල් මඩු නැටුම් සම්ප්‍රදායට අයත් තෙල්මේ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ යක් බෙර වාදන ශිල්පියෙක් ද ඉහළ දකුණු කෙළවරෙහි පද්මනිධි මුරගලක් සහ දකුණුපස දිගට ද්විත්ව ලියවැලක් ද දැක්වේ.
|
රු. 1000 නෝට්ටුව | ||
ප්‍රමුඛ වර්ණය : කොළ පරිමාණය : මි.මී 148 x 67 | ||
![]() මුහුණත
ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අලුතින් ඉදි වූ රම්බොඩ උමග එම ස්ථානයේ වූ පැරණි රම්බොඩ දුර්ගය පසුබිම් කර ගනිමින් දැක්වෙන ආකාරය කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා ගිරා මලිත්තා නමැති පක්ෂියා සහ නෝට්ටුවේ වම් පස පහළට වන්නට සිතිරි සිව්වා නමැති සමනලයා දැක්වේ.
![]() පිටුපස
නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට සබරගමුව නැටුම් සම්ප්‍රදායට අයත් මල්පදය නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ දවුල් බෙර වාදන ශිල්පියෙක් ද ඉහළ දකුණු කෙළවරෙහි බහිරව රූප සහ දිසා පාලක රූප සහිත මුරගලක් සහ දකුණුපස දිගට ද්විත්ව ලියවැලක් ද දැක්වේ.
|
රු. 5000 නෝට්ටුව | ||
ප්‍රමුඛ වර්ණය : රන් පරිමාණය : මි.මී 153 x 67 | ||
![]() මුහුණත
වෙහෙරගල වේල්ලේ දර්ශනයක් කලාකරුවකුගේ නිර්මාණයක් ලෙසින් සහ ඊට පසුබිමින් කැනියොන් වේල්ලේ දර්ශනයක් දැක්වේ. නෝට්ටුවේ දකුණු පසට වන්නට ශ්‍රී ලංකා කහ කණ්කොන්ඩයා සහ නෝට්ටුවේ වම්පස පහළ දෙහි සැරියා නමැති සමනලයා දැක්වේ.
![]() පිටුපස
නෝට්ටුව සිරස්ව අල්ලා බැලූවිට, නාග රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් සහ ගුරුළු රාක්ෂ නැටුමේ යෙදෙන ශිල්පියෙක් ද ඉහළ දකුණු කෙළවරෙහි රත්න ප්‍රාසාදය මුරගල සහ දකුණුපස දිගට ක
මූලාශ්‍රය: ශ්‍රි ලංකා මහ බැංකුව
|