jeff bezos ගැන පිළිබඳව විමසා බලන විට ඔහුගේ උපත සිද්ධ වෙන්නේ 1964 ජනවාරි 12 වැනිදා ඇමරිකාවේ නිව් මෙක්සිකෝව තුළයි. කුඩා කල සිට පරිගණකය ඔහුගේ ප්‍රියතම භාණ්ඩ බවට පත්වෙනවා. ඔබ අප කවුරුත් දන්නවා පරිගණකය කුඩාකල ප්‍රියතම භාණ්ඩය බවට පත්වූ බොහෝ දෙනකුගේ අද ජීවන තත්වය ඉතාමත් ඉහළ බව.එයට හොඳම උදාහරණ facebook නිර්මාතෘ mark zuckerberg , google සෙවුම් යන්ත්‍රය නිර්මාණය කළ ලැරි සහ බ්‍රයන් වැනි අයයි. ප්‍රින්ස්ටන් සරසවියේ පරිගණක විද්‍යාව හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු ශිල්පය පිළිබද උපාධියක් මොහු හැදෑරීමට සමත් වෙනවා.පසුව මොහු ගේ පළමු රැකියාවන් අතර wall street සේවය ජීවිතයේ ඇතැම් සන්ධිස්ථානයන් වෙනස් කරන්න සමත් වෙනවා.නමුත් ඔහු එම රැකියාවෙන්ව ඉවත් වෙනවා. එම ඉවත් වීම තමයි ඔහුගේ ජීවිතේ හැරවුම් ලක්ෂය බවට පත්වෙන්නේ. 1995 දීී තමාට හැකි , කුඩා ආකාරයෙන් වර්තමානයේ ඔබ ද මම ද ඇතැම් වෙලාවට භාවිතා කරන amazon වෙබ් අඩවිය නිර්මාණයය කරනවා.
මුලින්ම ඔහු එම වෙබ් අඩවිය තුලින් සිදුකරන්නේ අන්තර්ජාලය ඔස්සේ online ක්‍රමයට පොත් විකිණීමයි. එය ආරම්භ වී මාස දෙකක් යාමටත් මත්තෙන් ඩොලර් 20000කට අධික විකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා. ඉන්පසුව එම ලැබූ ජයග්‍රහණය සමඟ ඔහු 1998 වර්ෂයේ දී පොත්වලට අමතරව තවත් භාණ්ඩ කිහිපයක් ඔහුගේ වෙබ් අඩවිය තුලින් විකිණීමට පියවර ගන්නවා. එම භාණ්ඩ අතරට සිල්ලර භාණ්ඩ ද ඇතුළත් බව කිවහොත් ඔබ පුදුමයට පත්වේවි. දිනෙන් දින ඔහුගේ දෑස් ඉදිරිපිට දීම ඔහු විසින් ආරම්භ කළ ඔහුගේ වෙබ් අඩවිය ඔහු ලෝකයේ දැවැන්තයන් අතරට එක් කරන්න සමත් වෙනවා.එම නිසාම ලොව ප්‍රසිද්ධ The washington post සමාගම ද තමාගේ මුදලින්ම මිලදී ගන්නවා. මා මෙම ලිපිය ලියන විටත් ඔහුගේ සමස්ත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 123 අධිකයි.( ශ්‍රී ලංකා රුපියල් බිලියන 22140 අගයක්).
ඔහු මෙවැනි ආකාරයට පොහොසතෙක් නම් ඒ පිළිබඳව ලොව සතුටට පත්වන තවත් පුද්ගලයෙක් සිටී නම් ඒ ඔහුගේ ආදරණීය බිරිඳයි. ඇය නමින් මැකන්සි ටට්ල්ය. ඇය එතරම් ප්‍රසිද්ධ අයෙක් නම් නොවේ. නමුත් මේ දක්වා ආපු ගමන් මාර්ගය තුළ ඇයගෙන් ලැබුණු ශක්තිය පිටුවහල ඉතාමත් විශාල බව jeff පවසනවා. "මගේ බිරිය හරිම විචක්ෂණ, බුද්ධිමත් කල එළියට ඉන්න ඇය හරිම ප්‍රබෝධ ජනකයි" මෙසේ පවසන්නේ ඔහුගේ ඒ ආදරණීය සැමියා වන ජෙෆ්. මොවුන් දෙදෙනාගේ හමුවීම පිළිබඳව සඳහනක් තබන්නේ නම් jeff හට තමාගේ ආදරණීය බිරිඳ හමුවන්නේ ආයෝජන කළමනාකරණ සමාගම දීය.ඇය එම සමාගමේ පර්යේෂණ සහායිකාවක් ලෙස බදවා ගනු ලබන්නේ jeff විසිනි ඒ ඇයව සම්මුඛ පරීක්ෂණයට ලක් කරන්නේ jeff නිසාය. නමුත් පවතින අලුත්ම වාර්ථාවන්ට අනුව ඔවුන්ගේ විවාහය මේ වසරේ හෝ ලබන වසරේ මුල දෙදරා යාමට නියමිතයි.එය වුව හොත් ජීවත්වන ප්‍රාන්තයේ නීතියට අනුව තමාගේ සමස්ත වත්කමින් හරි අඩක් තමාගේ බිරිඳට වන්දියක් ලෙස ලබා දිය යුතුය. එම නීතිය අනුව ඔවුන් දික්කසාද වුවහොත් ජෙෆ්ගේ සමස්ත ධනයෙන් සියයට 50 ක් ඇය සතු වනු ඇත. එසේ වුවහොත් මෙතෙක් ඉතිහාසයේ ධනවත්ම කාන්තාව බවට පත්වන්නේ ජෙෆ්ගේ මෙම ආදරණීය බිරිඳයි.
එහෙනම් අදට නමවතින්නම් යාළුවොන්ටත් වෙබ් සයිට් එක ගැන කියන්න. නැවතත් අලුත් ලිපියකින් හමුවෙමු ඔබට ජය වේවා.
-දුමී-
amazon සමාගමේ වටයක් යන්න පහත වීඩියෝව නරඹන්න

