අවිහිංසක හීනයක් |නිර්මාණ


අවිහිංසක හීනයක්
උදෑසනින් නැගිට අම්මා උයන
පුංචි රොටියක රස බලා
පිටව යන්නේ අපමණ  බලාපොරොත්තු
පුංචි සිතෙහි දරාගෙන
පුංචි පුංචි අකුරුවලින් හැඩවුණු
පොත් මිටියක් තුරුලු කරගෙන

අවිහිංසක හීන ගොඩක්
පොත් අස්සේ සගවාගෙන
පාසලට පියනගන්නේ අපමණ
බාධක ගොඩක් මැදින්
පන්තියේ යහලු යෙහෙළියන් අතරේ
සොයන්නේ තමාට හිමි තැන

A3  සිහිනය  පසුපස
හබා යන පුංචි කැකුළිය
සරසවි සිහිනයේ යතාර්ථය
දකින්නට ප්‍රමද නෑ ඔබ
දුප්පත්කම මැදින් යන්න ඉදිරියට
සැබෑ කරගන්න ඔබේ අවිහිංසක හීනය



පියුමි මධුෂිකා
(university of J'pura)







Previous Post Next Post