ඔබගේ නිශ්චල දේපල, ණය උකස්කර, පොරොන්දු සින්නක්කර හෝ සින්නක්කර ඔප්පු මත ඇපයට තබා ණය මුදලක් ලබාගෙන තිබේද ?
ඔබට සහනයක් සලසා දීමට ණය සහනදායක මණ්ඩලය සූදානමින් සිටී.
ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුවට පැමිණෙන ඔබ පහත ලියවිලි අනිවාර්යෙන්ම රැගෙන ආ යුතුය.
ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගත් ඉඩම් රෙජිස්ට්‍රාර් සහතික කරන ලද ණය ගනුදෙනුවට අදාල ඔප්පු පිටපත
ඔප්පුව සහතික කළ දින සිට මේ දක්වා කාලයට අදාලව ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් ලබාගන්නා ලද පත්ඉරු වල සහතික පිටපත්
පිළිගත හැකි ඔප්පු වර්ග
ණය උකස්කර ඔප්පු
පොරොන්දු සින්නක්කර ඔප්පු
ණය ගණුදෙණු සඳහා ලියන ලද සින්නක්කර ඔප්පු
පිලිගැනීමට නොහැකි ඔප්පු
සහතික කල දිනයේ සිට අවුරුදු 10 ක් ඉකුත් වූ සින්නක්කර ඔප්පු
ඔප්පුවේ සඳහන් පොරොන්දු කාලය ඉක්මවූ පොරොන්දු සින්නක්කර ඔප්පු
බැංකු වලින් ණය ලබාගත් ඔප්පු
සමුපකාර පනත යටතේ ලියාපදිංචි කර ඇති ආයතන වලින් ණය ලබා ගත් ඔප්පු
ශ්‍රී ලංකා මහබැංකුව අධීක්ෂණය කරනු ලබන ආයතන වලින් ණය ලබාගත් ඔප්පු
සහතික කල දිනයේ සිට අවුරුදු 10 ක් ඉකුත් වූ උකස්කර ඔප්පු