ඇමෙරිකානු ජනපතිවත් ත‌ෝරන ඡන්ද විද්‍යාල

 


 
ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්රකාශ කිරීමට යන ඇමෙරිකානුවන් සැබවින්ම සිය ඡන්දය දෙන්නේ ඡන්ද විද්යාලය සකසන නිලධාරීන් සමූහයකට .

එනම්, සරලව "විද්යාලය" (college) යන පදය භාවිත කරන්නේ එක් කාර්යයක් පැවරෙන පුද්ගලයින් කණ්ඩායමකට . එම පුද්ගලයින් තෝරාගැනීම කරන තැනැත්තන් (වරකයින් - electors) වන අතර ජනාධිපතිවරයා හා උප ජනාධිපතිවරයා තෝරාගැනීම ඔවුන්ගේ කාර්යය වේ.සෑම සිව් වසරකට වරක්, මැතිවරණ දිනෙන් සති කිහිපයකට පසු සිය කාර්යය ඉටු කිරීම සඳහා ඡන්ද විද්යාලය රැස්වේ.

 

ඡන්ද විද්යාලය ක්රියාකරන්නේ කෙසේ ?

 

ප්රාන්තවල තෝරාගැනීම කරන්නවුන්ගේ (වරකයින්) සංඛ්යාව දළ වශයෙන් එම ප්රාන්තයේ ජනගහනය අනුව සැකසේ.මුළු වරකයින් සංඛ්යාව 538 ක් වේ.වැඩි වරකයින් ප්රමාණය කැලිෆෝර්නියා ප්රාන්තයට සතු . එම සංඛ්යාව 55 කි. වයෝමිං, ඇලස්කා හා නොර්ත් ඩැකෝටා (සහ වොෂිංටන් අගනුවර) වැනි ජනගහනයෙන් අඩු අතලොස්සක් ප්රාන්තවලට අවම ප්රමාණය වූ තිදෙනෙකු හිමිවේ.මේ සෑම දෙනෙකුට එක් ඡන්දය බැගින් හිමිවන අතර ජනාධිපතිධුරය ජයග්රහණය කිරීම සඳහා අපේක්ෂකයෙකු ඡන්ද 270 ක් හෝ ඊට වැඩි ප්රමාණයක් සතු කරගත යුතුය.

 




උදාහරණයක් ලෙස, රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ටෙක්සස් ප්රාන්තය තුළ ඡන්ද 50.1% ක් දිනාගත්තේ වී නම්, එම අපේක්ෂකයා හට ඡන්ද විද්යාලය සඳහා ප්රාන්තයට හිමි ඡන්ද 38 පිරිනැමේ.ප්රාන්ත දෙකක පමණක් (මේයින් හා නෙබ්රැස්කා) එක් එක් අපේක්ෂකයින් ලබාගන්නා ඡන්ද ප්රමාණයට අනුව, ඡන්ද විද්යාලය සඳහා වූ සිය ඡන්ද බෙදා වෙන්කරනු ලබයි.රට පුරා හැකි තරම් ඡන්ද දිනාගනු වෙනුවට, ඕනෑම දිසාවකට ඡන්දය ගැලිය හැකි ප්රාන්ත නැතිනම් නිශ්චිත "දෝලනය වන ප්රාන්ත " ජනාධිපති අපේක්ෂකයින් විසින් ඉලක්ක කරනු ලබන්නේ හෙයිනි.ඔවුන් දිනන සෑම ප්රාන්තයක් , ඔවුන්ට අවශ් කෙරෙන, ඡන්ද විද්යාලයේ 270 ඡන්ද ප්රමාණයට ළඟා කරයි.සාමාන්යයෙන්, ප්රාන්තයේ සාමාන් ඡන්දදායකයින්ගේ කැමැත්ත දිනන කවර හෝ අපේක්ෂකයෙකු වෙත ඡන්ද විද්යාලය සඳහා වූ සිය ඡන්ද සංඛ්යාව අදාළ ප්රාන්තය විසින් පිරිනමනු ලැබේ.

මහජන ඡන්දය දිනුව ද, ජනාධිපති විය නොහැකි ද?

ඔව්, විය හැකියි.

 

ජාතික වශයෙන් වූ ඡන්දදායකයින් අතර වඩා ජනප්රිය අපේක්ෂකයා වීමේ හැකියාව තිබුණ , එම අපේක්ෂකයා ඡන්ද විද්යාලය තුළ 270 ක් ඡන්ද ලබාගැනීමට ප්රමාණවත් ප්රාන්ත සංඛ්යාවක් ජයග්රහණය කිරීමට අපොහොසත් විය හැකිය.

ඇත්තෙන්ම, පසුගිය මැතිවරණ පහෙන් දෙකකදීම ජයග්රහණය කළේ පොදු මහජනතාව අතරින් සිය ප්රතිවාදීන්ට වඩා අඩු ඡන්ද සංඛ්යාවක් ලැබූ අපේක්ෂකයින් .2016 දී ඩොනල්ඩ් ට්රම්ප් ලැබුවේ හිලරි ක්ලින්ටන් වඩා මිලියන තුනක් තරම් අඩු ඡන්ද සංඛ්යාවකි. එනමුත්, ඡන්ද විද්යාලය ඔහුට බහුතරය දීම හේතුවෙන් ඔහු ජනාධිපතිධුරය ජයග්රහණය කළේය.

 

මෙම ක්රමය තෝරාගත්තේ ඇයි?

1787 දී ඇමෙරිකානු ව්යවස්ථාව සකස් කෙරෙමින් පවතින විට ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සඳහා ජාතික වශයෙන් ජනප්රිය ඡන්දයක් පැවැත්වීම ප්රායෝගිකව අපහසු විණි. රටේ ප්රමාණය මෙන්ම සන්නිවේදනයේ පැවති දුෂ්කරතා මීට හේතුවිය.

 

සමග වොෂිංටන් අගනුවර සිටින මන්ත්රීවරුන් විසින් ජනාධිපතිවරයා තෝරා පත්කරගනු ලැබීමට ඉඩදීමට එතරම් උනන්දුවක් නොවීය.

 

එබැවින්, වරකයින් තෝරාගැනීමට ප්රාන්තවලට ඉඩ සලසමින් ඡන්ද විද්යාලය බිහිකිරීමට ව්යවස්ථාවේ සැකසුම්කරුවෝ පියවර ගත්හ.කුඩා ප්රාන්ත මෙම ක්රමයට කැමැත්ත පළ කළේ ජනාධිපතිවරයෙකු පිළිබඳ තීරණය ගැනීම සඳහා රට පුරා පවත්වන ජනප්රිය ඡන්දයකට වඩා තමන්ට මෙයින් වැඩි අවස්ථාවක් දුන් බැවිනි.ජනගහනයෙන් විශාල ප්රමාණය වහලුන්ගෙන් සමන්විත වූ දකුණු දිග ප්රාන්ත වෙතින් ඡන්ද විද්යාලයට කැමැත්ත පළවිය. වහලුන් ඡන්දය ප්රකාශ නොකළ ඇමෙරිකානු සංගණනවලදී ඔවුන් ඇතුළත් කර ගැනිණි. (පුද්ගලයෙකුගේ පහෙන් තුනක් ලෙසිනි)ප්රාන්තයක ජනගහනය අනුව ඡන්ද විද්යාලය වෙනුවෙන් වූ ඡන්ද සංඛ්යාව තීරණය කෙරෙන බැවින් ජනප්රිය මහජන ඡන්දයකින් සැපයෙනවාට වඩා වැඩි බලපෑමක් කිරීමේ හැකියාව ජනාධිපති තෝරාගැනීමේදී එම ප්රාන්තවලට හිමි විය.

 

ජයග්රහණය කළ අපේක්ෂකයාට ඡන්දය දීමට වරකයින්ට සිදුවේ ?

ඡන්දදායකයින් කවරෙකුට සහයෝගය පළකළ , ඇතැම් ප්රාන්තවල වරකයින්ට ඕනෑම අපේක්ෂකයෙකු සඳහා ඡන්දය ප්රකාශ කළ හැක. එහෙත් ප්රායෝගික තලයේදී, සිය ප්රාන්තයේ වැඩි ඡන්ද දිනන අපේක්ෂකයා සඳහා සෑම විටම පාහේ වරකයින් විසින් සිය ඡන්දය දෙනු ලබයි.

 

කිසියම් වරකයෙකු සිය ප්රාන්තයේ ජනාධිපති තේරීම පසෙක ලා ඊට එරෙහිව ඡන්දය භාවිත කරයි , එම තැනැත්තා "ද්රෝහියකු" ලෙස නම් කෙරේ. 2016 වසරේදී ඡන්ද විද්යාලය තුළ ඡන්ද හතක් මේ ආකාරයට ප්රකාශ කෙරුණද එම ද්රෝහී වරකයින් හට ප්රතිඵලයේ වෙනසක් කළ නොහැකි විය.

 

කිසිම අපේක්ෂකයෙකු බහුතරය නොලැබුවහොත් කුමක් වේ ?

එවිට, ඇමෙරිකානු මන්ත්රීවරුන්ගේ පහළ මන්ත්රණ සභාව වන නියෝජිත මන්ත්රී මණ්ඩලය ජනාධිපතිවරයෙකු තෝරාගැනීම සඳහා ඡන්දය ප්රකාශ කරයි.

 

එවැනි තත්ත්වයක් මෙතෙක් හටගෙන ඇත්තේ එක්වරක් පමණි. 1824 වසරේදී ඡන්ද විද්යාලයේ ඡන්ද අපේක්ෂකයින් සිව් දෙනෙකු අතරේ බෙදී යාම හේතුවෙන් කිසිවකුට බහුතරය හිමි නොවිණි.

 

පක්ෂ දෙකක් විසින් ආධිපත්යය පතුරුවාගෙන ඇති ඇමෙරිකානු ක්රමය තුළ, අද එවැනි තත්ත්වයක් ඇති වීමට බොහෝවිට ඉඩක් නැත.


SapuKusuma.com

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

No comments: