2028 දී Samsung වලින් දෙන 6G තාක්ෂණය


සුප්‍රකට දකුණු කොරියානු තාක්ෂණික දැවැන්තයෙකු වන Samsung සමාගම විසින් communication technologies වල මීළඟ පරම්පරාව වන 6G තාක්ෂණය බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් හඳුන්වා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරනවා.ඒ අනුව 2028 වර්ෂයේදී දී එහි ආරම්භ වනු ඇති බව හා 2030 පමණ වන විට එය ලොව පුරා ව්‍යාප්ත වීම සිදුවනු ඇති බව Samsung සමාගම ප්‍රකාශ කර සිටිනවා.
"The Next Hyper-Connected Experience for All” යන ශීර්ෂය යටතේ Samsung සමාගම විසින් නිකුත් කළ වාර්තාවක මේ පිළිබඳ තොරතුරු ඇතුළත් කොට ඇති අතර එහි 6G Network ව්‍යාප්ත කිරීම පිළිබඳව විස්තර සඳහන් කර තිබෙනවා.කොහොම නමුත් තවමත් 5G Network පවා ලොව පුරා ව්‍යාප්ත වී නොමැති පසුබිමක 6G Network එක සඳහා අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් Samsung සමාගම සඳහන් කොට තිබෙන්නේ, සාමාන්‍යයෙන් Network එකක් පර්යේෂණ හා සංවර්ධනය කොට ව්‍යාප්ත කිරීම සඳහා අඩුම වසර 10 ක් වත් ගත වන බැවින් එය ආරම්භ කිරීම ප්‍රමාද කිරීමට කිසිදු හේතුවක් නොමැති බවයි.
Samsung සමාගමේ Advanced Communications Research Center එකෙහි ප්‍රධානියා වන Sunghyun Choi පවසන්නේ එම කාරණය පදනම් කරගෙන 6G Network එක සම්බන්ධයෙන් වැඩ කටයුතු ආරම්භ කිරීමට තීරණය කල බවයි.2G Network වල සිට 3G වෙත මාරු වීමට තාක්ෂණික සමාගම් වලට වසර 15 ක් ගතවූ අතර එතැන් සිට වසර 8 ක් ඇතුලත 5G දක්වා update වීමට ලෝකයට හැකිවී තිබෙනවා.Samsung හි මෙම අලුත්ම හෙළිදරව්වත් සමඟ ලෝකය 5G තාක්ෂණයේ සිට 6G දක්වා මෙම දශකය තුළදීම මාරු වනු ඇති අතර 6G සමඟින් තත්පරයට 1,000GB පමණ වේගයක් ලබාදීමට අපේක්ෂා කරනවා.
එමෙන්ම 6G සමඟින් Air Latency එක Milisecond 100 ට වඩා අඩු වනු ඇති බවත් 6G Network විසින් 5G Network එකට වඩා 50 ගුණයක වේගයක් අත්කර ගනු ඇති බවත් පැවසෙනවා.එමෙන්ම 6G Network සමඟින් AI තාක්ෂණයන් හි වර්ධනයක් ද අපේක්ෂා කරන අතර මේ අනුව 2030 වන විට අධිවේගී 6G පහසුකම අත්විඳීමට බොහෝදුරට හැකිවනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.



SapuKusuma.com

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.