"Time තිබ්බට control නෑ"

ඒක ව්යවසායකයන්ගෙන් විතරක් නෙමෙයි සියළු වර්ගයේ පුද්ගලයන්ගෙන් මේ මොහොතේ එකවර නැගෙන මැසිවිල්ලක්. සල්ලි පස්සෙ, හීන පස්සෙ, අරමුණු පස්සෙ නැවතීමක් නැතුව දුවපු මිනිස්සුන්ට බලපොරොත්තු නොවුණු මට්ටමේ දීර්ඝ විරාමයක්, විවේකයක් ලැබුණම ඒ විවේකය ඵලදායීව භාවිත කරන්නේ කොහොමද කියන දේ සම්බන්ධව ප්රායෝගික ගැටළු පැන නඟිනවා. ඒක මේ ලිපිය කියවන ව්යවසායකයෙකුට, වෙනත් ක්ෂේත්රයක කෙනෙකුට වගේම මටත් එක හා සමානව අදාලයි. කෙනෙක් ලැබුණ විවේකය පාවිච්චි කරලා දවස මුළුල්ලේම නිදාගනිද්දි, තවත් කෙනෙක් ජංගම දුරකථනයට, රූපවාහිනියට හෝ පරිගණක තිරයට කොටුවෙනවා. මෙතෙක් තමන්ට කැමති දේ කරන්න, තමන්ගෙ හීන වෙනුවෙන් වැඩකරන්න කාලයක් නැහැ කියපු අය පවා කාලය ලැබිලත් එය කලමණාකරණය කරගන්න බැරුව ලතවෙනවා. ඇත්තටම, මේ ලැබුණු විරාමය, විවේකය, අනාගතය සඳහා ඵලදායීව භාවිතා කරන්නේ කොහොමද? ජංගම දුරකථනයට රූපවාහිනියට පරිගණක තිරයට කොටු නොවී මේ තීරණාත්මක කාලසීමාව අනාගතය සඳහා ආයෝජනය කරන්නේ කොහොමද?

Sheduling වැදගත්ද?
කොරෝනා කාලයේ විතරක් නෙමෙයි, ජීවිතයේ අන් සියළු කාල කලාපවලත්
නිෂ්චිත කාල සටහනක් නොමැතිකමේ ගැටළුව නිසා බොහෝ මිනිසුන් තමන්ගේ ජීවිත කාලය පුරාවටම අවශ්ය දේ කරගන්න බැරුව ලතවෙනවා. අරමුණු විනාස කරගන්නවා. හීන බොඳ කරගන්නවා. ජීවිතයේ වින්ඳනය අතහැර දමනවා. තමන් අතෘප්තිමත් දේ සඳහා පමණක් සමස්ථ කාලයම කැප කරමින් ජීවිතය ගෙනියනවා. කොයිතරම් ඉහල ඉලක්ක, සිහින, අරමුණු තියෙන කෙනෙක් වුණත් කාල කලමණාකරණය දන්නෙ නැත්නම්, නිෂ්චිත කාල සටහනකට අනුව වැඩ කරන්නේ නැත්නම් අසාර්ථක වෙනවා.

ලොව විශිෂ්ඨතම ව්යවසායකයන්, ව්යාපාරිකයන්, ප්රධාන විධායක නිලධාරීන් සහ තමන්ගෙ අරමුණුවලින් සාර්ථකත්වයට පත් සියළු දෙනා නිෂ්චිත කාල සටහනකට, දින සටහනකට වැඩ කරපු අය. දැන හෝ නොදැන කාල කලමණාකරණය තමන්ගෙ සාර්ථකත්වයේ ගමන සඳහා ප්රායෝගිකව භාවිතා කල අය. ව්යවසායකයෙක් ලෙස වසර 3 ක් තිස්සේ මම පැමිණි කෙටි ගමන තුළ වුණත් නිෂ්චිත කාලසටහනකින් සහ දින සටහනකින් ලැබුණු බලපෑම ඉහල බව මම පුද්ගලිකව විශ්වාස කරනවා. මගේ දින සටහන තුළ අත්යාවශ්ය වැඩ දහසක් අතරේ මේ ලිපිය ලියන්නට පවා මට කාලය සකසා ගන්නට හැකියාව ලැබෙන්නේ කාල කලමණාකරණය නිසියාකාරව භාවිතා කරන්නට හැකිවූ නිසා බව විශ්වාස කරනවා.

අනාගතය අදයි - Tomorrow is today
නිෂ්චිත කාලසටහනක් සකසන්න, වඩා ඵලදායී දින සටහනක් නිර්මාණය කරන්න පිලිගත් නිෂ්චිත ක්රමවේදයක් තිබෙනවාද?
අන්තර්ජාතික වශයෙන් නිෂ්චිත ලෙසම පිලිගත් ක්රමවේදයක් නැතත් ලොව ඉහළ ඉලක්ක මුදුන්පමුණුවා ගත්ත සාර්ථක මිනිසුන් භාවිතා කල ක්රමවේදයක් තියනවා කියන දේ පිලිතුරු ලෙස ඉදිරිපත් කරන්න පුළුවන්.
වඩා සාර්ථක දින සටහනක් සඳහා භාවිතා කල හැකි පළමු ක්රමවේදය ලෙස හෙට දිනය අද දවසේදී සැලසුම් කිරීම හඳුන්වන්න පුළුවන්. ඔබට හෙට කරන්නට ඇති දේ හෙට සැලසුම් කරන්න ගියොත්, හෙට තීරණය කරන්නට ගියොත් බොහෝ විට ඔබට හෙට දවස අහිමි වෙන්න ඉඩකඩ තිබෙනවා. හෙට වැඩකරන්නට ඇති කාලය සැලසුම් සඳහා කැප කරන්නට සිද්ධ වෙනවා. ඒත් හෙට දේ සැලසුම් කරන්න අද සවස කෙටිකාලසීමාවක් කැපකිරීම මගින් ඔබට ඒ ගැටළුව සාර්ථකව මගහැරවා ගන්න පුළුවන්. හෙට කලයුතු දේ, පොතක ලියන්නට හෝ ජංගම දුරකථනයේ සටහන් කරගන්නට ඔබට පුළුවන්. හෙට කරන්නට ඔබ සිතන විශාලතම කාර්යයේ ඉඳලා දුරකථන ඇමතුමක් ලබාගැනීම දක්වා වූ කුඩා වැඩ කොටසත් සැලසුම් කිරීම ඔබට ඵලදායී දින සටහනක් සඳහා හේතු සාධක වේවි.

ABC ක්රම්වේදය වැඩට ගන්න
හෙට දවස සඳහා ලොකු වැඩ, පොඩි වැඩ කියන සියල්ල සැලසුම් කරද්දි, ඒ කාර්යයන් සියල්ල ප්රමුඛතාවය අනුව පෙලගැස්වීම ඊලග තීරණාත්මක කාර්යය වෙනවා.
A-දවසේ අනිවාර්යයෙන්ම කලයුතු වැඩ
B-අනිවාර්ය මුත්, හැකියාව ඇත්නම් පමණක් කල යුතු වැඩ(කල් දැමිය හැකි වැඩ)
C-අනිවාර්ය නොවන, හැකියාව තිබුණොත් පමණක් කල යුතු වැඩ
ලෙස සැලසුම් කරන සියළු ඉලක්ක ප්රමුඛතාවය අනුව පෙලගස්වන්න ඔබට පුළුවන්. හෙට මුලින්ම A වරගයේ ඉලක්ක සම්පූර්ණ කරලා පසුව ක්රමයෙන් B හා C වැඩ කොටස් ක්රියාත්මක කරන්න ඔබට පුළුවන්. එහිදී වැඩ කලයුතු අකාරය සහ ඔබේ වැඩ සඳහා ප්රමුඛතාවය දියයුතු ආකාරය ගැන ඔබට දළ අදහසක් ලැබෙනවා.

Don't answer your phone everytime when it's ring
පරිගණකයට, රූපවාහිනී තිරයටත් වඩා බහුතරය කොටුවෙන දුරකථනය කියන උගුලෙන් ගැලවීම කෙනෙකු ජීවිතයේ ලබන විශාලතම ජයග්රහණවලින් එකක් යැයි හිතන්නට පුළුවන්. සියල්ල ජංගම ක්රමයට, අන්තර්ජාල ක්රමයට ක්රියාත්මක වෙන මේ වානිජ්යමය කාලසීමාව තුළ දුරකථනයෙන් ඈත්වීම කියන දේ ප්රායෝගික නොවුණත් මේ කාලසීමාව වෙනත් ඵලදායී වැඩක් සඳහා ඔබට යොදාගන්නට පුළුවන්.
Read to lead - පොත් කියවීමෙන් දැනුම ලැබෙනවා විතරක් නෙමෙයි. එය බොහෝවිට අපි ජීවිතයේ අපේක්ෂා කරන බලය ලබාදෙනවා. මේ කාලසීමාව තුළ ව්යවසායකයෙකුට තම දැනුම වැඩිදියුණු කරගන්න, අනාගත ව්යාපාරික සංග්රාමයන් සඳහා සූදානම් වෙන්න කියවා නිමකල හැකි පොත් ප්රමාණය අසීමිතයි.
Make a plan - ඔබ විතරක් නැතුව සමස්ථ ලෝකයම නැවතී ඇති වෙලාවක, ඔබේ ව්යාපාර අසාර්ථක වෙන වෙලාවක, ගණුදෙනු අහිමිවෙලා ඔබ බංකොලොත් වෙන වෙලාවක අනාගත ව්යාපාර ලෝකය තුළ ස්ථාවරත්වයට පත්වෙන්න, නැවත ඔබේ ව්යාපාර නගාසිටුවන්න අවශ්ය සැලසුම් සැකසීමට ඔබට මේ කාලය භාවිතා කරන්න පුළුවන්. පොතක් පෑනක් අරගෙන ඔබ වඩා හොඳින් සන්නද්ධ විය යුතු ආකාරය ගැන අදහසක් ගන්න ඔබට පුළුවන්.
Take time to heal - හීන, අරමුණු පස්සෙ අඛණ්ඩව වසර ගාණක් තිස්සෙ දුවලා හෙම්බත් වෙලා ඉන්න ව්යවසායකයෙකුට, ව්යාපාරිකයෙකුට මේ විස්මිත විරාමය සුවපත් වීම සඳහා භාවිතා කරන්නට පුළුවන්. තම සාර්ථකත්වයේ ගමන අතරතුර නැවතීමක් නොවන විස්මිත විරාමයක් ගැනීම, ඒ විරාමය තුළ ක්ෂය වෙච්ච ශක්තිය නැවත ලබාගැනීම, මානසික ශක්තිය ගොඩනගා ගැනීම, ඇතුළතින් සුවපත්වීම අනිවාර්ය දෙයක්.
ඇත්තටම අපි සියල්ලන්ටම ප්රශ්නය කාලය නැතිකම නෙමෙයි, කාලය කලමණාකරණය නොදන්නාකම. ව්යවසායකයෙක්, ව්යාපාරිකයෙක් කොතරම් ඉහළ ඉලක්ක තිබුණත්, කාල කලමණාකරණය කියන සාධකයේදී අසාර්ථකනම්, ඔහුගෙන් හෝ ඇයගෙන් අනාගත මැජික් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. මේ ලැබුණු විවේකය, විරාමය ඵලදායීව භාවිතා කරනවාද නැද්ද කියන සාධකය මත ඔබේ ව්යාපාර කටයුතුවල අනාගතය බොහෝවිට තීරණය වේවි. ව්යවසායකයක්, ව්යාපාරිකයෙක් ලෙස ඉහළම සාර්ථකත්වයට ගිහිල්ලා ස්ථාවර වෙනකන් කියවන්න, හිතන්න, සැලසුම් කරන්න, සුවපත් වෙන්න මෙවැනි විවේකයක් නැවත ඔබට බොහෝවිට නොලැබේවි. ඒ නිසා, මේ මොහොතේ කාලය හරියට ඉන්වෙස්ට් කරන්න, මැනේජ් කරන්න, යූස් කරන්න.
මතක තියාගන්න, Time managemnt කියන්නේ වචන එකක් නෙමෙයි. දෙකක්!

Pramesh Wickramasinghe
CEO at Vigon Media Network

SapuKusuma.com

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

No comments: