අවස්ථාවට සූදානම්ද?


"හැම දවසක්ම අවස්ථාවක්". සෑම වසර ආරම්භයකම සමාජ මාධ්ය ජාලාවල හුවමාරු වන ඉහත ප්රසිද්ධ කියමනේ සරල සාමාන්ය අර්ථය වෙන්නෙ ඒකයි. ජීවිතේ හැම දවසක්ම අවස්ථාවක් නම් ඔබට ඒ සෑම අවස්ථාවක් ලැබුනාද? ගෙවීගිය පසුගිය වසරේ අවස්ථා 365 ඔබ හඳුනාගත්තාද? එම අවස්ථා ඔබ හරිහැටි ග්රහණය කරගත්තාද?
තමන්ගෙ ජීවිත කාලය තුලම දියුණුවෙන්න, සාර්ථකවෙන්න, ඉහළට යන්න අවස්ථාවක් ලැබුනෙ නෑ, අවකාශයක් හැඳුනෙ නෑ කියන සමාන්ය පුද්ගල කුලකය තුල ඔබත් තවකෙක් පමණක්නම් ඔබට අවස්ථා 365 ක් තියා ඉන් එකක්වත් පසුගිය වසර මුලුල්ලේම හඳුනාගන්නට නොහැක්වෙන්නට ඇති. ඇතැම් විට ඔබේ ජීවිත කාලය මුළුල්ලේම එය කරන්නට නොහැකි වෙන්න ඇති. සමහරවිට ඔබ මේ වනවිටත් අවස්ථාවක් ලැබෙනකම් බලාගෙන ඉන්නවා වෙන්න ඇති.

අවස්ථා හඳුනාගන්නේ කොහොමද? අවස්ථා ලබාගන්නේ කොහොමද? ජීවිතය තුල, ව්යාපාරික ලෝකය තුල ඔබට නොලැබෙන අවස්ථා ඔබ නිර්මාණය කරගන්නේ කොහොමද?
"සාර්ථකත්වයේ රහස ඔබේ අවස්ථාව පැමිණි විට සූදානම්ව සිටීමයි.”
බෙන්ජමින් ඩිස්රේලි අවස්ථා ගැන කියන්නේ එහෙම කතාවක්. ඇත්තටම ජීවිතය තුල ඔබ සිතනවාට වඩා, ඔබ දකිනවාට වඩා, ඔබ අල්ලාගන්නවාට වඩා බොහෝ අවස්ථා ඔබ කරා පැමිණ තිබෙන්නට පුළුවන්. පැමිණෙමින් තිබෙන්නට පුළුවන්. ඒ අවස්ථා හරියාකාරව ග්රහණය කරගැනීමට බැරිවෙන්න බොහෝ විට හේතු සාධකය වෙන්නේ අවස්ථාව සම්බන්ධව ඔබ සූදානම්ද නැද්ද කියන අතිශය තීරණාත්මක කාරණාව.
ලසිත් මාලිංග තමන්ගෙ ක්රිකට් දිවිය තුල විවිධ අවස්ථා පහකදි හැට්රික් පහක් ලබාගත්තු ක්රීඩකයෙක්. පන්දු හතරකදි එකවර කඩුළු හතරක් දවා ගනිමින් අදාල දක්ෂතාවය තම ක්රිකට් දිවිය තුල දෙවරක් ප්රදර්ශනය කල ක්රීඩකයෙක්. එහි පළමු අවස්ථාව 2007 ක්රිකට් ලෝක කුසලානයේදී දකුණු අප්රිකානුවන්ට එරෙහිව. ක්රිකට් බලන, ක්රිකට් ගැන උනන්දු ඕනම කෙනෙක්ට එම ඓතිහාසික අවස්ථාව මතකයේ ඇති. එහි දෙවැනි අවස්ථාව සනිටුහන් වෙන්නෙ 2019 වසරේ නවසීලන්තයට එරෙහිව මෙරට පැවති විස්සයි විස්ස තරගාවලියකදි. ඒ වනවිට නවසීලන්තය අදාල තරගාවලියේ තරග තුනෙන් දෙකක් ජය අරගෙන තුන්වෙනි තරගයේ ජයග්රහණයත් අපේක්ෂාවෙනුයි ක්රීඩා කරන්නේ. ඔවුන් සමත් වෙනවා පලමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමේ ඉනිම ලකුණු 126 කට සීමා කරන්න. ප්රේක්ෂකයො වගේම ක්රීඩකයොත් තරගය අතහැරලා දාලා තියෙන මොහොතක, පිට පිට පන්දු හතරකදි නවසීලන්ත කඩුලු හතරක් දවාලීමට ලසිත් මාලිංග සමත් වෙනවා. එය ලාංකිකයන්ට වගේම සමස්ථ ක්රිකට් ලෝකයටම අනපේක්ෂිත සිදුවීමක්. ක්රිකට් ලොව යෝකර් රජුගේ (Yoker King)තවත් විස්මයාන්විත පෙරලියක්.
මාලිංග අදාල දක්ෂතාව ප්රදර්ශනය කරන අතර තුර වැදගත් යමක් සිදුවනවා. ඒ ඔහු තම දෙවැනි කඩුල්ල ලෙස ලබාගත් හමීෂ් රදෆර්ඩ්ට යැවූ පන්දුවේදි. අදාල පන්දුවේදි රදෆර්ඩ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙනවා. මාලිංග වින්සුරුවරයාගෙන් කඩුල්ල ලබා ගැනීමට ඉල්ලීම් කලත් විනිසුරුවරයා ක්ෂණිකව පවසන්නේ එය දැවී යාමක් නොවන බවට. තත්පර තුනක කාලයකින් මාලිංග විනිසුරුවරයා වෙත ඉල්ලීමක් කරනවා. මෙම තරගය නරඹපු ඕනෑම අයෙකුට මාලිංගගේ මුහුණේ ඉරියව්ව මතකයේ ඇති. එය තරමක් කලබලකාරී වගේම අතිශය විශ්වාසවන්ත, ක්ෂණික තීරණයක්. ඉල්ලීමක්. එම ඉල්ලීම (Review) ඉල්ලීම් කලහැකි නියමිත කාලසීමාවටත් පෙර කරන ලද ඉල්ලීමක් ලෙසයි තරග තීරකවරුන් නිශ්චය කරන්නෙ. කෙසේ හෝ තෙවැනි විනිසුරුවරයාගේ තීරණය අනුව එය දැවීයාමක් ලෙස අවසානයේ සටහන් වෙනවා. යම් හෙයකින් මාලිංගට එම කඩුල්ල අහිමි උනානම් පන්දු හතරක් තුල ඔහු තබන ලද ලෝක වාර්තා අටක් පමණ එදා ඔහුට අහිමිවෙනවා. අදාල අවස්ථාවේදී මාලිංග සියල්ලට පෙර තමන්ට ලැබී ඇති අවස්ථාව විශ්වාස කරනවා. ඔහුගේ අවස්ථාව වෙත සූදානමින් සිටිමින් එම අවස්ථාව ගිලිහෙන්නට නොඳී අල්ලාගන්නවා.
ජීවිතේ එවැනි සමහර අවස්ථා එනවා. ඒවා ජීවිතයම වෙනස් කරන අතිශය ආකර්ෂණීය අවස්ථා. නමුත් එම අවස්ථා ග්රහණය කරගන්න ස්වභාවධර්මය අපිට ලබාදෙන්නෙ විනාඩි කීපයක, තත්පර කීපයක ඉතා සුළු කාලපරාසයක් වෙන්න පුලුවන්. එම අවස්ථා ග්රහණය කරගැනීමට තම අවස්ථා පිලිබඳව නිසි අවබෝධයකින් පසුවෙන්න ඕන වගේම අවස්ථා ලබාගැනීමට හොඳ සූදානමක් සහිත විය යුතු වනවා.

අවස්ථා හඳුනාගැනීම (Opportunity recognition)
ලොව ප්රමුඛ පෙලේ ව්යාපාරයන්, ආයතනයන් වගේම සාර්ථක මිනිසුන්, ව්යාපාර නායකයින් ඇතුළු බොහෝ දෙනා තම ශක්තීන්, දුර්වලතා, අවස්ථා හා තර්ජන හඳුනාගැනීමට SWOT විශ්ලේෂණයන් සිදු කරනවා. S අකුරෙන් Strengths(ශක්තීන්) පිලිබඳවත්, W අකුරෙන් Weaknesses(දුර්වලතා) පිලිබඳවත්, O අකුරෙන් Opportunities (අවස්ථා) පිලිබඳවත්, T අකුරෙන් Treats(තර්ජන) පිලිබඳවත්, මෙහිදී අවධානය යොමු වෙනවා. ලොව ප්රමුඛ පෙලේ සමාගම් වගේම මෙරට ප්රධාන පෙලේ බහුජාතික සමාගම් සියල්ලක්ම පාහේ SWOT විශ්ලේෂණයන් හරහා තම ව්යාපාරික පරිසරය හඳුනාගැනීමට වාර්ශිකව විශාල මුදලක් වැය කරනවා. එය ඒ සෑම ව්යාපාරයකට ආයෝජනයක් වෙනවා මිස කිසිදිනක වියදමක් හෝ පාඩුවක් වෙන්නෙ නෑ. ඊට හේතුව වෙන්නෙ ඔවුන්ට ශක්තීන් ලෙස ව්යාපාරයේ අභ්යන්තර වාසිදායක තත්වයන් හා දුර්වලතා ලෙස ව්යාපාරයේ අභ්යන්තර අවාසිදායක තත්වයන් හඳුනාගැනීම තුලින් අනාගත ව්යාපාර අවස්ථාත්,තර්ජනත් පැහැදිලිව දකින්නට පසුබිමක් ඒ හරහා නිර්මාණය වීම. ව්යාපාර තීරණ ගැනීමට අදාළ සියලු සාධක පිළිබඳව පූර්ණ අවබෝධයක් ලැබීම.

ව්යාපාර ආයතන මෙන්ම ඔබගේ පුද්ගලික ජීවිතය තුලත් SWOT විශ්ලේෂණයක් සිදු කිරීම තුලින් ඔබගේ බාහිර මෙන්ම අභ්යන්තර පරිසරය හොඳින් හඳුනාගැනීමට පසුබිම සැකසෙනවා. එහි O අකුර යටතේ අවස්ථා හඳුනාගැනීම(Opportunity recognition) තුලින් ඔබ සතුව ඇති අවස්ථා මොනවාද යන්න හඳුනාගැනීමටත්, අනාගතයේ ඔබ කරා පැමිණෙන අවස්ථා සඳහා නිසි සූදානමක් ලබාගැනීමටත් හැකියාව ලැබෙනවා .

අවස්ථා නිර්මාණය කිරීම(Creating Opportunities)
ජීවිතයේ තමන්ට කිසිඳු අවස්ථාවක් ලැබුනේ නැතැයි දොස් නගන අයෙකුට, කිසිඳු ව්යාපාරික අවස්ථාවක් හඳුනාගන්නට නොහැකි වුනා යැයි මැසිවිලි නගන අයෙකුට ප්රබල ප්රති පිලිතුරක් ලබාදෙන TATA සමූහ ව්යාපාරයේ හිමිකරු රටන් ටාටා පවසන්නේ අවස්ථා හරියට බස් වගේ කියලයි. එක බස් එකක් යනකොට තව බස් එකක් ඊලග මොහොතේ අනිවාර්යයෙන්ම පැමිනෙනවා වගේ අවස්ථාත් ජීවිතය තුලට නිරන්තරව පැමිණෙන බව ඔහු පවසනවා. නමුත් ඇතැම්විට ඔබ සිටින ප්රදේශයට, ඔබ සිටින ඉස්සව්වට බස් රථ එන්නෙ නැහැ නේද කියලා ඔබට දැන් සිතෙන්නට පුළුවන්. ඇතැම් විට ඔබේ ප්රදේශය තුල බස් රථයක් ධාවනය වෙන්නට තරම් සුදුසු මාර්ගයක් නැති වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවක ඔබ කරන්නේ මොකක්ද? ඇතැම්විට එහිදී බස් එකක් අල්ලගන්න ඔබට ප්රධාන පාරට පයින් ඇවිදගෙන යනවා. නැත්නම් වෙනත් ප්රවාහන මාධ්යයක් භාවිතා කරනවා. ඔබ එම විකල්ප දෙකම භාවිතා නොකර ඔබගේ ගමන නවතා දමන්නට සිතුවොත් ඔබට ඔබ අවශ්ය තැනට යාමට හැකිවන්නේ නැහැ. ඔබට ලඟට බස් රථයක් එන්නෙ නැත්නම් ඔබ බස් රථයක් එන තැනකට යන්න ඕන වගේ ඔබ ලඟට කිසිඳු අවස්ථාවක් එන්නෙ නැත්නම් ඔබ අවස්ථා සොයා යා යුතු වනවා. අවස්ථා නිර්මාණය කල යුතු වෙනවා.
ලොව වටිනාකමින් ඉහලම ඡායාරූප සමාගම ලෙස සැලකෙන Instagram ආයතනය කිසිඳු කැමරාවක් විකුණීමෙහි නිරත වෙන්නේ නැහැ. ලොව විශාලතම ටැක්සි සමාගම ලෙස සැලකෙන Uber ආයතනය සතුව කිසිඳු රථවාහනයක් නැහැ. ලොව වටිනාකමින් ඉහලම වෙලඳපල වන Ali baba සමාගම සතුව කිසිඳු භාණ්ඩ තොගයක් හෝ තොග ලේඛනයක් නැහැ. ලොව ප්රමුඛතම දේපල වෙලදාම් සැපයුම්කරුවා වන AIRBNB සතුව කිසිඳු නිෂ්චිත දේපලක් නැහැ. එලෙසම ලොව ප්රමුඛතම රූපවාහිනී ජාලයක් ලෙස සැලකෙන Netflix තම කටයුතු සඳහා කිසිඳු කේබල් වර්ගයක් භාවිතා කරන්නේ නෑ.
සැබවින්ම ඒ අතිසාර්ථක සියළු ව්යාපාරයන් ගොඩනැගෙන්නේ පවතින අවස්ථා භාවිතා කරමින් නෙමෙයි. එතෙක් නොපැවතුන නව අවස්ථා නිර්මාණය කරගනිමින්. එතෙක් කිසිවෙක් නොදැකපු අවස්ථා සොයායමින්.

නොදකින දේ දකින්න(Seeing the unseen)
අනිකා නොදකින දේ දැකීම(seeing the unseen) ව්යවසායකයෙක් සතු සුවිශේෂී ලක්ෂණයක්. එය ලක්ෂණයකටත් වඩා ඔහුගේ හෝ ඇයගේ ව්යවසායක හැකියාවක් සහ කාර්යභාරයක්. ව්යවසායකයෙක් සෑමවිටම සාම්ප්රදායික ව්යාපාරයක් පවත්වාගෙන ගිය පමණින්, ව්යාපාරික ලෝකය තුල සාර්ථකත්වය අත්පත් කරගන්නට බැහැ. වෙලඳපල තුල ඇති නිෂ්පාදිතයක්ම ඉදිරිපත් කල පමණින් සාර්ථක ව්යවසායකයෙක් වෙන්නට බැහැ. ඔහු ප්රථමයෙන් වෙලඳපල හිදැස් දැකිය යුතු වෙනවා. වෙලඳපල හිදැස් නිසියාකාරව හඳුනාගනිමින් ඒවාට විකල්ප ඉදිරිපත් කල යුතු වෙනවා. ඒ සඳහා තමන්ගේ දෘෂ්ඨිකෝණයට පෙනෙන පරාසයට වඩා එහා දකින්නට වෙනවා. නොදකින දේ දකින්නට ව්යාවසායක මනස හැඩගස්වාගත යුතු වනවා. සැබවින්ම මෙය ව්යවාසයකත්වය තුල අපි ටිකක් ලොකුට කතා කලාට ඕනෑම ක්ෂේත්රයක විශිෂ්ඨත්වය අපේක්ෂා කරන්නෙක්ට නොදකින දේ දැකීමේ කලාව ක්රමිකව ප්රගුණ කිරීම අනිවාර්ය කාරණාවක් වෙනවා.

ඔබට මේ මොහොතේ ලැබෙන අවස්ථාව ඔබ බලාපොරොත්තු වන මට්ටමේ එකක් නොවීමට ඕනෑතරම් ඉඩකඩ තිබෙන්නට පුළුවන්. මෙරට විශිෂ්ඨතම සැලෝන් ව්යාපාරයක හිමිකාරිණිය වන රමණි ෆර්නෑන්ඩු තම සැලෝන් ව්යාපාරය නිර්මාණය කිරීමට පෙර තමන් ලන්ඩන් නගරයේ ප්රමුඛතම සැලෝනයක සුළු සේවිකාවක් ලෙස කටයුතු කල බව පවසනවා. පිරිසිදුකිරීම් කටයුතු, තේ කෝපි සෑදීමේ කටයුතු ඇයගේ පලමු කාර්යභාරය වෙද්දී ඇය ඒ ඔස්සේ තමාට ඇති අනාගත අවස්ථාව මැනවින් හඳුනාගන්නවා. ඇය අදවන විටත් ලන්ඩන් නගරයේදී තමන් ලබාගත් එම අත්දැකීම් සහ පුහුණුව තමන්ගේ ව්යාපාරයේ සාර්ථකත්වය සඳහා භාවිතා කරනවා. සේවකයන් පුහුණු කිරීම සඳහා භාවිතා කරනවා. සෑම දවසක්ම අවස්ථාවක් තමයි කියන්න රමණි ෆර්නෑන්ඩුගේ සාර්ථකත්වයේ කතාව සාධාරණ හේතු සාධක සපයනවා. සැබවින්ම, ඔබේ දිගු කාලීන සිහිනය සඳහා අද දවසේ ඇති අවස්ථාව යම් අත්දැකීමක් ලැබීමක්, පුහුණුවක් ලබාගැනීමක්, නොදන්නා දෙයක් ඉගෙනීමක් වගේ සුළු දෙයක් වෙන්නට පුළුවන්. එය ඔබ බලාපොරොත්තු වන මට්ටමට වඩා ඉතා කුඩා අවස්ථාවක් වෙන්නට පුලුවන්. නමුත් ඔබේ සිහිනවල සියළු බර,සියළු පැවැත්ම රැඳී තියෙන්නෙ අද ඔබට ලැබෙන කුඩා අවස්ථාවන්වල බව අමතක කරන්නට එපා.

වරක් ලසිත් මාලිංගට විනය ගැටලුවකින් කණ්ඩායමෙන් ඉවතට විසිවීමට සිදුවනවා, විවිධ අවස්ථාවල ආබාධයන්ට ලක්වී සිටින්නට සිදුවනවා. ඇතැම්විට අතිරේක ක්රීඩකයෙකු ලෙස තරගාවලිවලට එක්වීමට සිදුවනවා. නමුත් ඔහු ඔහුගේ පුහුණුවීම් ඒ කිසිවිටක අතපසු කරදමන්නේ නැහැ. ඔහු දෛනිකව ඔහුට ලැබී අවස්ථා මගහැරගන්නේ නැහැ. අනාගත අවස්ථා ලබාගැනීම සඳහා, තම අනාගත සැලසුම් ක්රියාත්මක කරගැනීම සඳහා අවශ්ය සූදානම ඔහු දෛනිකව ලබාගන්නවා. ලසිත් මාලිංග අන්තර්ජාතික ක්රිකට් පිටිය පුරාවෘත්තයක් ලෙස ප්රේක්ෂකයන් හඳුන්වන්නේ ඒ හේතූන් එක්කයි. ඔහු විශිෂ්ඨයෙකු ක්රිකට් ලොව ඉහලින්ම වැජඹෙන්නේ තම අවස්ථා මැනවින් හඳුනාගෙන ඒවා ග්රහණය කරගත් නිසයි.

ලසිත් මාලිංගට විතරක් නෙමෙයි.රටන් ටාටාට විතරක් නෙමෙයි.රමණි ෆර්නෑන්ඩුට විතරක් නෙමෙයි. දියුණුවෙන්න, සාර්ථක වෙන්න, ඉහලට යන්න මේ ලිපිය කියවන ඔබටත්, මේ ලිපිය ලියන මටත් අවස්ථා නිරන්තරයෙන් ලැබෙනවා. ඔබගේ අවස්ථාවත් ඔබ අසලට අනිවාර්ය ලෙසම පැමිණෙනවා. එසේ පැමිණෙන්නේ නැත්නම් ඔබට අවස්ථා සොයායන්නට හැකියාව තියෙනවා. නිර්මාණය කිරීමට බලයක් තියෙනවා. සියල්ල ඔබගේ අවධානය මතයි තීරණය වෙන්නෙ. අද දවසේ මේ මොහොතේත් ඔබට අවස්ථාවක් ලැබී තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔබගේ, ඔබගේ ව්යාපාරයේ සාර්ථකත්වය සඳහා ඔබට මේ ලිපිය කියවන්නට අවස්ථාව ලැබී ඇති බව ඔබ නිකමටවත් සිතුවාද?

-ප්රමේෂ් වික්රමසිංහ-

SapuKusuma.com

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.