'cut and paste' සහ 'copy and paste' නොතිබුණා නම්...



පරිගණක භාවිතයේ දී 'cut and paste' සහ 'copy and paste' යන යෙදුම් වත්මන් සමාජයේ නම් නොදන්නා කෙනෙක් නැති තරම් ය.නමුත් එම විධානය පරිගණකයට සපැමිණියේ පරිගණකය බිහි වී කාලයක් ගතවීමෙන් පසුවය.පරිගණක භාවිතය සහ පරිගණක පිළිබඳව ඉගෙන ගැනීම සරල වීමට ඉහත කී විධානයන් සොයා ගැනීම මහෝපකාරී විය.'Cut, copy සහ paste' යන පරිගණක විධානයන් හි නිර්මාතෘවරයා ලෙස ඉතිහාසගත වන්නේ පසුගිය දා ජීවිතයෙන් සමු ගත් ලැරී ටෙස්ලර් ය.මිය යන විට 74 හැවිරිදි වූ ඔහු, පරිගණක ඉතිහාසයේ මුල් අවධියේ දී වැදගත් චරිතයක් විය.

    ලෝකයේ බහුතර ජනතාවට පරිගණක භාවිතය සමීප නොවී පැවති 1960 දශකයේ මුල් භාගයේදී ලැරී ටෙස්ලර් Silicon Valley සමාගමේ සේවය ආරම්භ කළේය.ටෙස්ලර් 1945 වසරේදී නිව් යෝක්, බ්‍රොන්ක්ස් හිදී උපත ලබා ඇති අතර, කැලිෆෝනියාවේ ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබීය.ස්ටැන්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව ඔහු පරිගණක භාවිතය පහසු කිරීම සඳහා මෘදුකාංග නිර්මාණය කිරීම සම්බන්ධයෙන් විශේෂඥයෙකු බවට පත්විය.


ඔහුගේ දීර්ඝ කාලීන වෘත්තිය ජීවිතය තුළ ඔහු ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් රැසක සේවය කළේය. ඔහු Xerox Palo Alto Research Center නමින් ආයතනයක් ආරම්භ කළේය. ඉන්පසු ස්ටීව් ජොබ්ස් විසින් ඔහු ඇපල් සමාගමට බදවා ගනු ලැබූ අතර එහි ප්‍රධාන විද්‍යාඥයා බවට පත්වන තුරු වසර 17ක් සේවය කළේය.

ඇපල් සමාගමෙන් ඉවත් වීමෙන් පසුව ඔහු අධ්‍යාපනික කටයුතුවල නිරත වූ අතර ඇමසෝන් සහ යාහූ සමාගම්වල කෙටි කාලයක් සේවය කළේය.
ඔහු කලක් සේවය කළ Xerox ආයතනය ඔහුට ගෞරවය පුද කරමින් පළ කළ ට්විටර් පණිවුඩයක දැක්වුණේ, "cut, copy සහ paste නිර්මාතෘවරයා වූ ලැරී ටෙස්ලර්ගේ විප්ලවීය අදහස්වලට ස්තුතිවන්ත වන්නට ඔබේ කාර්යයන් පහසු වී ඇත," යනුවෙනි.

කඩදාසියක මුද්‍රිත යමක් කපාගෙන වෙනත් තැනක ඇලවීමේ පැරණි ක්‍රමය ආභාසයට ගනිමින් ලැරී ටෙස්ලර් "cut", "copy" සහ "paste" විධානයන් නිර්මාණය කරන්නට ඇතැයි අනුමාන කෙරේ.
මෙම විධානයන් ඇපල් මෘදුකාංගවලට ඇතුළත් කෙරුණේ, 1983 වසරේ එළිදැක්වූ ලීසා පරිගණකය හරහාය. ඊළග වසරේදී Macintosh පරිගණකයට ද එය භාවිත කෙරිණි.

SapuKusuma.com

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.