නිෂ්පාදන බදු


නිෂ්පාදන බදු
නිෂ්පාදකයාගෙන් හා පාරිභෝගිකයාගෙන් බදු අය කිරීම මඟින් රජය වෙළඳපොල ක්‍රියාවලියට මැදිහත් වෙයි. රාජ්‍යය ආදායම් වැඩිවීම මෙම බදුවලින් සිඳුවේ. භාණ්ඩ මත පනවනු ලබන බදු වෙළඳපොල හුවමාරුව කෙරෙහි බලපායි. කිසියම් භාණ්ඩයකට නිෂ්පාදනය හෝ අලෙවිය මත බද්දක් පැනවුවහොත් එම භාණ්ඩය සඳහා පාරි‍භෝගිකයාට ගෙවීමට සිදුවන මිල බද්දේ ප්‍රමාණයෙන්ම ඉහළ යාමට හෝ ඇතැම් විට මිලේ කිසිම වෙනසක් සිදු නොවී තිබීමට ද හැක. භාණ්ඩයේ මිල බද්දේ ප්‍රමාණයෙන්ම ඉහළ ගියහොත් බදු බර සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයාටත් මිල බද්දේ ප්‍රමාණයට වඩා අඩුවෙන් ඉහළ ගියහොත් කොටසක් විකුණුම්කරුටත් දැරීමට සිදුවන අතර භාණ්ඩයේ මිල වෙනස් නොවුවහොත් සම්පූර්ණ බදු බර විකුණුම්කරුටත් දැරීමට සිදුවේ.
නිෂ්පාදකයා මත බදු අයකිරීම දෙආකාරයකට සිදුවෙයි.
1.      ඒකක බදු
2.      වටිනාකම මත බදු

ඒකක බදු පැනවීම
නිෂ්පාදනය කර අලෙවි කරන එක් ඒකකයක් මත නිශ්චිත බදු මුදලක් අය කිරීම මෙමඟින් සිදුවේ. මෙය ලේඛනයක් මඟින් මෙසේ දැක්විය හැකිය.


මෙහිදී භාණ්ඩ ඒකකයක් මත රු. 10 ක බද්දක් පනවා ඇත. බද්දෙන් පසු වෙළඳපොල සමතුලිතය කෙරෙහි ඇති කරන බලපෑම පහත රූපසටහනින් දැක්වේ.

ඒකක බද්දක් පැනවීම නිසා වෙළඳපොලෙහි ඇතිවිය හැකි ප්‍රතිවිපාක
1.      පාරිභෝගිකයා ගෙවන මිල රු. 30 සිට 35 දක්වා වැඩි වී ඇත.
2.      නිෂ්පාදකයාට ලැබෙන මිල රු. 30 සිට 25 දක්වා අඩුවී ඇත.
3.      සමතුලිත ප්‍රමාණය ඒකක 300 සිට 250 දක්වා අඩුවී ඇත.
4.      පාරිභෝගික පැහැදම රු. 30*300 සිට 35*250 දක්වා වෙනස් වී ඇත.
5.      ව්‍යාපාරික දළ අයභාරය 30*300 සිට 35*250 දක්වා වෙනස් වීම.
6.      පාරිභෝගික අතිරික්තය A+B+C+D සිට A දක්වා අඩුවීම.
7.      නිෂ්පාදන අතිරික්තය H+G+F+I+J සිට I+J දක්වා අඩුවීම.
8.      ආර්ථික අතිරික්තය B+C+D+F+G+H ප්‍රමාණයකින් අඩුවීම.
9.      රජයට B+C+G+H ප්‍රමාණයක බදු ආදායමක් ලැබීම.
10.  D+F ප්‍රමාණයකින් සමාජ සුබසාධනය අඩුවීම.
11.  B+C ප්‍රමාණයක් පාරිභෝගිකයාට බදු බර දරන්නට සිදුවීම.
ඒකක බද්දක් පැනවීම සමීකරණයකින් ඉදිරිපත් කිරීම
QS=a+b(p-t)
QS=a+bp = බද්දට පෙර සැපයුම් සමීකරණය
QS=a+b(p-t) = බද්දට පසු සැපයුම් සමීකරණය
තරඟකාරි වෙළඳපොලක භාණ්ඩ අලෙවි කරන සැපයුම්කරුවන් මත ඒකක බද්දක් මත එම බද්ද නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යන බැවින් සැපයුමේ අඩුවීමක් සිදුවන අතර අලෙවිකරු බලාපොරොත්තු වන අවම මිල ඉහළ යයි. මේ අනුව අලුත් සැපයුම් වක්‍රය මුලින් පැවති සැපයුම් වක්‍රයට සමාන්තරව වමට විතැන් වේ. සැපයුම් වක්‍ර දෙක අතර සිරස් පරතරය ඒකක බද්දේ ප්‍රමාණයට සමාන වේ. මෙහිදි අලෙවිකරුවන් මත පනවනු ලබන බද්ද ඉල්ලුම් වක්‍රය කෙරෙහි බලනොපායි. එක් එක් මිලයන් යටතේ ගැණුම්කරුවන් මිලදී ගැනීමට අපේක්ෂා කරන ඉල්ලුම් ප්‍රමාණය බද්දට පෙර හා බද්දට පසු නොවෙනස්ව පවතින බැවින් ඉල්ලුම් වක්‍රයෙහි වෙනසක් සිදුනොවේ. අලුත් සැපයුම් වක්‍රය ඉල්ලුම් වක්‍රය සමඟ ඡේදනය වන ස්ථානයේදී නව සමතුලිතය ඇතිවේ.

වටිනාකම මත බදු පැනවීම
නිෂ්පාදනය කර අලෙවි කරන එක් ඒකකයක වටිනාකම මත ප්‍රතිශතයක් ලෙස ගණනය කර බද්දක් පැනවීමයි. මෙහිදී වටිනාකම මත බදු මුදල අඩු වැඩි විය හැකිය. වටිනාකම මත බදු පැනවීම පහත සඳහන් ආකාරයට ඉදිරිපත් කළ හැකිය.


එය ප්‍රස්තාර සටහනකින් මෙසේ නිරූපණය කළ හැකිය.

වටිනාකම මත බද්දක් පැනවීම නිසා වෙළඳපලෙහි ඇතිවිය හැකි ප්‍රතිවිපාක
01.  පාරිභෝගිකයා ගෙවන මිල රු. 30 සිට 36 දක්වා වැඩිවීම.
02.  නිෂ්පාදකයාට ලැබෙන මිල රු.30 සිට 24 දක්වා අඩුවීම.
03.  සමතුලිත ප්‍රමාණය ඒකක 300 සිට 240 දක්වා අඩුවීම.
04.  පාරිභෝගික පැහැදම 30*300 සිට 36*240 දක්වා වෙනස්වීම.
05.  ව්‍යාපාරිකයාට ලැබෙන දළ ආදායම 30*300 සිට 36*240 දක්වා වෙනස්වීම.
06.  පාරිභෝගික අතිරික්තය A+B+C+E සිට  A දක්වා අඩුවීම.
07.  නිෂ්පාදක අතිරික්තය H+G+F+I+K සිට I+J දක්වා අඩුවීම.
08.  ආර්ථික අතිරික්තය B+C+E+F+G+H ප්‍රමාණයෙන් අඩුවීම.
09.  බද්ද මඟින් රජයට B+C+ G+H ප්‍රමාණයක ආදායමක් ලැබේ.
10.  සමාජ සුබසාධනය E+F ප්‍රමාණයකින් අඩුවේ.
11.  පාරිභෝගිකයාට B+C ප්‍රමාණයක බදු බරක් දරන්නට සිදුවේ.
12.  නිෂ්පාදකයාට G+H ප්‍රමාණයක බදු බරක් දරන්නට සිදුවේ.

වටිනාකම මත බද්දක් පැනවීම සමීකරණයකින් දැක්වීම
Qst=a+b (p\1+t)
වටිනාකම මත අය කරනු ලබන බද්දක් හේතු කොට ගෙන වෙළඳපොලේ සැපයුම් වක්‍රයට ඇතිවන බලපෑම ඒකක බද්දක් පැනවීමේදී හටගන්නා තත්වයට වඩා වෙනස් වේ. බද්දට පසුව සැපයුම් වක්‍රයේ විතැන්වීම සිදුවන්නේ මුලින් පැවති සැපයුම් වක්‍රයට සමාන්තරව නොවේ. බද්දට පසු වෙළඳපල සැපයුම තීරණය වන්නේ එක් ඒකකයක් සඳහා නිෂ්පාදකයා බලාපොරොත්තු වන අවම සැපයුම් මිල කොතෙක්ද යන්න මතය. බද්දට පසු සැපයුම් මිල වනුයේ කලින් පැවති සැපයුම් මිලට බදු ප්‍රතිශතය ද එකතු කල විට ලැබෙන අගයයි. මේ නිසා භාණ්ඩ අලෙවි වන ප්‍රමාණය වැඩිවත්ම බද්දට පසු සැපයුම් වක්‍රය ද සමානුපාතිකව මුලින් පැවති සැපයුම් වක්‍රයෙන් ඈත්වෙයි.

ඉල්ලුම්, සැපයුම් නම්‍යතා අනුව බදු බර බෙදී යන ආකාරය
01.  සම්පූර්ණ බදු බර ගැනුම්කරුවන් විසින් දරන්නේ,
පූර්ණ අනම්‍ය ඉල්ලුමක් පවතින විට
පූර්ණ නම්‍ය  සැපයුමක් පවතින විට
මෙම අවස්ථාවේදී බද්දේ ප්‍රමාණයෙන් ම මිල ඉහළ යයි.
02.  සම්පූර්ණ බදු බර සැපයුම්කරුවන් විසින් දරන්නේ,
පූර්ණ නම්‍ය ඉල්ලුමක් පවතින විට
පූර්ණ අනම්‍ය  සැපයුමක් පවතින විට
මෙහිදී වෙළඳපලේ මිල වෙනස් නොවේ.
03.  බද්දේ වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයා විසින් දරන්නේ,
අනම්‍ය ඉල්ලුමක් පවතින විට
නම්‍ය  සැපයුමක් පවතින විට
මෙහිදී බද්දේ ප්‍රමාණයෙන් අඩකට වඩා මිල ඉහළ යාමක් සිදුවේ.
04.  බද්දේ වැඩි ප්‍රමාණයක් නිෂ්පාදකයා විසින් දරන්නේ,
නම්‍ය ඉල්ලුමක් පවතින විට
අනම්‍ය  සැපයුමක් පවතින විට
බද්දෙන් අඩකට වඩා අඩු ප්‍රමාණයකින් මිල ඉහළ යයි.
05.  නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර සමානව බදු බර බෙදීයාම,
ඒකීය ඉල්ලුමක් පවතින විට
ඒකීය සැපයුමක් පවතින විට
බද්දේ ප්‍රමාණයෙන් අඩක් මිල ඉහළ යයි.




-piumi madhushika-

(University of Sri Jayawardenepura)

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

No comments: