කන්‍යාභාවය අහිමිවීම

කන්‍යාභාවය යනු පුද්ගලයෙකු කිසිදිනෙක ලිංගික සංසර්ගයෙහි නොයෙදුනු තත්වයයි. මෙම තත්වය සදහා ඇතැම් ආගම් හා සංස්කෘතීන්තුල විශේෂ වටිනාකමක් පවරාදී ඇත,විශේෂයෙන් කාන්තාවන්ගේ මෙම කන්‍යාභාවය බොහෝ ආගම්හා සංස්කෘතීන් වල අවධාරණය කරඇතිවා සේම විවාහයේදී කන්‍යාභාවය පරික්ෂාකිරීමද ඇතැම් සංස්කෘතීන්වල සිදුවේ.
බොහෝ අතීත සම්ප්‍රදායික සමාජයන්හි කන්‍යාභාවය සදහා ඉහළ පිළිගැනීමක් පැවති බව සදහන්වේ.ඇතැම් ආගම් හා අභිචාරයන්ට අනුව බිලිපූජා යාග හෝම වැනි කටයුතු සදහා කන්‍යාවියන් යොදාගෙන ඇත.තවද ඇතැම් කළු අභිචාර සිදුකිරීමේදී කන්‍යභාවය සහිත කාන්තාවන් යොදාගෙන ඇත..කන්‍යාභාවය බොහෝ ආගම්වල ලිංගික සදාචාර ඉගැන්වීම් සමග බැදී පැවතින..මෙම සංකල්පයට සංස්කෘතිකමය වශයෙන් ප්‍රබල බලපෑමක් පැවතියද මේ හා සම්බන්ධ නීතිමය රාමුවක් නැත.බොහෝ රටවල පවතින දික්කසාද නීතීන් අනුව ස්ත්‍රියක් විවාහයට පෙර කන්‍යාභාවය බිඳගැනීම දික්කසාදයට හෝ කිසිම නීතිමය වශයෙන් දඩුවමකට භාජනයවීමට හේතුවක් නොවේ.කන්‍යාභාවය යනු හුදෙක් සංස්කෘතිකමය සංකල්පයක් පමණි.මෙහි ජීව විද්‍යාත්මක හා අචාර විද්‍යාත්මක පදනම විද්වතුන් විසින් ප්‍රශ්නයට නගා ඇත.
කන්‍යාවය සංකල්පයෙන් වැඩි වශයෙන්ම ඉලක්ක වන්නේ ස්ත්‍රීන්ය.කන්‍යාභාවයට හානි වීමටනම් විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික සංසර්ගයක් වියයුතුය.එහිදී පුරුෂයෙකුගේ ප්‍රාණවත්වූ ශිෂ්නය ස්ත්‍රියකගේ යෝනිමාර්ගයට ඇතුලත්වීම සිදුවිය යුතුය,මුඛ ගුද හා ස්වංවින්දනයද ඇතැම් සංස්කෘතික ඉගැන්වීම් අනුව පවිත්‍රත්වය කෙලෙසීමක් වුවද ජීව විද්‍යාත්මකව කන්‍යාපටලය ඉවත්වීමට එවන් සම්භන්ධතා ඍජුව දායක නොවෙයි. කෙසේ වෙතත් තවමත් ඇතැම් සංස්කෘතීන්තුල කන්‍යාභාවය ලිළිබද සංකල්පය තදින් ක්‍රියාත්මක වෙයි.
සමාන්‍ය පිළිගැනීම නම් යුවතියකගේ කන්‍යාභාවය අහිමි වන්නේ ඇය පුරුෂයෙකු හා ඇතිකරගන්නා යොනිමාර්ගික ලිංගික සංසර්ගයකින් පමණය.එනම් පුරුෂයෙකුගේ ප්‍රාණවත්වූ ශිෂ්නයක් කන්‍යාවියකගේ යෝනිමාර්ගයට අතුළුකල සිදුවන ලිංගික සංසර්ගයකදී පමණය.කන්‍යවියක් සමග මුඛ හා ගුද ලිංගික සංසර්ගයන් පැවැත්වීම හා ස්වංවින්දන සාමාන්‍ය අයුරින් සිදුකිරීම මගින් කන්‍යාභාවයට හානි සිදුනොවේ.තවද ස්ත්‍රින් අතර සිදුවන නාරිමෛථුන සෙවනයේදීද කන්‍යාභාවයට හානි සිදුවීමක් සිදුනොවේ. ඇතැම් සංස්කෘතීන් තුල ඇති මෙම කන්‍යාභාවය පිළිබද සංකල්පය හේතුවෙන් සමලිංගික වර්‍යාවන්ට පුද්ගලයන් පෙළඹෙනබව සමාජ මනෝවිද්‍යාඥයන් පෙන්වාදෙයි.කන්‍යාභාවය ප්‍රබලව පවතින සංස්කෘතීන්තුල සමලිංගික සබදතා බහුලව පවතී.එහෙත් මෙම සමලිංගික සබදතා බටහිර සමාජයන් මෙන් සමාජයට විවෘත නොවේ.මෙවන් වර්‍යා රහසිගතව සිදුවේ. බොහෝ සමලිංගිකයන් ඒ සදහා යොමුවීමට කන්‍යාභාවය නැමැති සංස්කෘතික සංකල්පය ඉවහල්වී ඇත.තමාට ඇතිවන ලිංගික ආතතිය පිටකරගැනීම සදහා සමලිංගියන්ගේ පිහිට පැතීම බොහෝ සමාජයන්හි සිදුවේ.සත්ව ලෝකය දෙස බැලීමෙදී ඇතැම් පිරිමි සතුන් ගැහැණු සතකු තම ලිංගික කාර්‍ය සදහා යොදාගැනීමට නොහැකිවූවිට සමලිංගිකයෙකු සමග හෝ එක්වී තම ලිංගික ආතතිය දුරුකරගනී.1971 ට පෙර මානසික රෝගයක් ලෙස සැළකූ සමලිංගිකත්වය මානසික රෝග වර්ගීකරණයෙන් ඉවත්කිරීමට මූලික පදනමක් ලැබුනේ සත්ව විද්‍යාඥයන්ගේ මෙම සොයාගැනීම්ය.
සමලිංගික වර්‍යා මගින් කන්‍යාපටලයට හානි සිදුවීමක් සිදු නොවෙයි.එබැවින් තරුණියන් අතර සමලිංගික සබදතා ඇතිකර ගැනීම සිදුවේ.පුරුෂයින් අතරද මෙම කන්‍යාභාවය නැමැති සාධකය නිසා විරුද්ධ ලිංගිකයන් කරා ඇදීයාම වෙනුවට සමලිංගික සබදතා පවත්වා ගැනීම ආරක්ෂිතබව පිළිගනී.

ඇතමුන් කන්‍යාභාවය අහිමිකරගැනීමකින් තොරව ලිංගික තෘප්තිය ලබාගැනීම සදහා බහුල වශයෙන් මුඛ ලිංගික වර්‍යා සදහා පෙළඹේ.උදාහරණ ලෙස නව යොවුන් වියේ පසුවන පෙම්වතුන් ලිංගික තෘප්තිය සදහා මුඛ ලිංගික වර්‍යා සිදුකරයි.එමගින් කන්‍යාපටලයට හානිවීමක් සහ ගැබ්ගැනීමක් කිසිවිට සිදු නොවේ.පුරුෂ ශුක්ක්‍රාණු ස්ත්‍රියකට ගිලුනද එය ආහාර මාර්ගයට ඇතුළු වනවා මිස කිසිසේත් ගැබ් ගැනීමක් සිදු නොවේ.1999 දී අමරිකාවේ පළවූ JAMA (the Journal of the American Medical Association),නම් සගරාව දක්වන ආකාරයට 1991 දී සිදුකල අහඹු පරීක්ෂණයකට අනුව අධ්‍යාපන ආයතන 599 සිදුන් අතරින් 60% පමණ සිසුන් මුඛ ලිංගික චර්‍යා සිදුකරනබව හෙළිවී ඇත.. මෙසේ බොහෝ සමාජයන්හි තරුණ තරුණියන් අතර කන්‍යාභාවයට හානිවීමක් නොවී සිදුකලහැකි ආරක්ෂිත ලිංගික හැසිරීමක් ලෙස මුඛ ලිංගික සංසර්ගය පවතී.කෙසේ වෙතත් බොහෝ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මුඛ ලිංගික සංසර්ගය හා කන්‍යාභාවය පිළිබද මිත්‍යා අදහස් ඇතැම් සංස්කෘතීන් තුල බහුලව පවතින බවයි.උදාහරණ ලෙස මුඛ ලිංගික සංසර්ගයේදී පිටවන පුරුෂ බීජ මගින් ස්ත්‍රීන් ගැබ් ගන්නේය යන මිත්‍යාව දැක්විය හැක.
2003 දී පළවූ Canadian Journal of Human Sexuality නම් සගරාව මගින් කන්‍යාභාවය හා බටහිර විශ්ව විද්‍යාල උප සංස්කෘතිය පිළිබද අධ්‍යනයක් සිදුකර ඇත.ඇමරිකා එක්සත් ජනපදයˌඑක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාව යන රටවල විශ්ව විද්‍යාල සිසුන් ගෙන් 97% පමණ ශිෂ්න යෝනි ලිංගික සම්භන්ධතා පවත්වා ඇත.70%-90% පමණ සිසුන් ගුද ලිංගික(ශිෂ්න ගුද) සම්භන්ධතා පවත්වා ඇත.32%-58% මුඛ ලිංගික(ශිෂ්න මුඛ)සම්භන්ධතා පවත්වා ඇත.මේ අයුරින් බටහිර රටවල කන්‍යාභාවය පිළිබද ඇති අවධානය වර්තමානයේ බොහෝ සෙයින් අඩුවී ඇත.තවද Kinsey Institute නම් ආයතනයක් මගින් බටහිර සමාජයේ සිදුකළ අධ්‍යනයකදී පුද්ගලයින් 484 දෙනකුගේ නියැදියක් යොදාගනිමින් කළ අධ්‍යනයේදී වයස අවුරුදු 18–96. අතර වයසේ පසුවන්නන් අතරින් 95% පමණ දෙනා ලිංගික සංසර්ගයක් ලෙස පිළිගන්නෙ ශිෂ්න යෝනි ලිංගික සම්භන්ධය පමණක් බව අවධාරණයවී ඇත.එනම් මුඛ හෝ ගුද ලිංගික සම්භන්ධතා ලිංගික සංසර්ගයක් ලෙස ඔවුන් පිළි නොගන්නා බවයි.එහෙත් ඇතැම් දෙනා ගුද හා මුඛ ලිංගික සම්භන්දතාද ලිංගික සංසර්ගයක් ලෙස පිළිගනී.ඒ ආකාරයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සංස්කෘතියෙන් සංස්කෘතියට ලිංගික ක්‍රියාව හා කන්‍යාභාවය පිළිබද එකිනෙකට පරස්පර ආකල්ප පවතී.

කෙසේ වෙතත් කන්‍යාභාවය ආරක්ෂා කරගෙන ලිංගික තෘප්තිය ලැබීමට සමලිංගික වර්‍යාˌමුඛ ලිංගික වර්‍ය(මුඛ ශිෂ්න)ˌගුද ලිංගික චර්‍යා(ශිෂ්න ගුද) ආදියට පෙළඹීම සිදුවේ.මීට අමතරව පියයුරු සංසර්ගය,පාද සංසර්ගය හා කලවා සංසර්ගය වැනි බාහිර ලිංගික සංසර්ගයන් මහින්ද කන්‍යාපටලයට හානියක් සිදු නොවී ලිංගික තෘප්තිය ලැබිය හැකි ක්‍රම ලෙස සළකයි.වෙතත් ඇතැම් සංස්කෘතීන් තුල කන්‍යාභාවය යන සංකල්පයට එතරම් වටිනාකමක් නොදෙයි.විශේෂයෙන් සංවර්ධිත රටවල මේ තත්වය බහුලය.එහෙත් ඌන සංවර්ධිත රටවල මේ සදහා වූ පිළිගැනීම ඉහළය..

වර්තමානයේදී පූර්වවෛවාහික ලිංගික සංසර්ගයක් මගින් කන්‍යාපටලයට හානිවීමක් සිදු වුවද අදාල ස්ත්‍රියට නැවත කන්‍යාපටලය ප්‍රතිස්ථාපනය කලහැකිය.එබැවින් ප්‍රථම ලිංගික සංසර්ගය මගින් ස්ත්‍රියක පවිත්‍රත්වය මැනීම වර්තමානය තුල ඉතා අවිද්‍යාත්මක නිෂ්පල ක්‍රියාවකි.එසේම ප්‍රථම ලිංගික සංසර්ගයේදී කන්‍යාපටලය බිඳීම සමග ඇතිවන වේදනාව බොහෝවිට මානසික හේතුමත තීරණයවන බව මනෝ විද්‍යාඥයන් පවසයි.ඒ අනුව ස්ත්‍රියක් උපරිම ලිංගික උත්තේජනයට පත්වූවිට ඇතිවන වේදනාව අඩුය.ස්ත්‍රියගේ අකමැත්ත බිය සහිතව ඇතිවන සංසර්ගයකදී වේදනාව අධිකය.

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

No comments: