විවාහ වර්ග

ලෝකයේ විවිධ සංස්කෘතීන් වල දක්නට ලැබෙන විවාහ ක්‍රම කිහිපයත්ම පවතී.‍

එක පුරුෂ ඒක භාර්‍යා විවාහ

එක් ගැහැනියක හා එක් පිරිමියෙකු සමග ඇති කරගන්නා විවාහය මේ නමින් හැදින්වෙයි.ලෝකයේ වැඩිපුරම දක්නට ලැබෙන විවාහ ක්‍රමයකි.නූතන ලෝකයේ බොහෝ සමාජයන්හි සම්මත විවාහ ක්‍රමය මෙයයි.

බහු භාර්‍යා විවාහ
එක් පුරුෂයෙකු ස්ත්‍රීන් කිහිප දෙනකු සමග ඇතිකර ගන්නා විවාහ ක්‍රමය මෙනමින් හැදින්වෙයි මෙම විවාහ ක්‍රමය ක‍්‍රෝ ඉන්දියන්වරු පොලිනීසියාවේ ටොන්ගා මැඩගස්කරයේ ටනාලා දකුණු ශාන්තිකරයේ සිවායිවරු කලහාරී කාන්තාරයේ බුෂ්මන්වරු නැමිබියාවේ හිම්බා වැනි ජන කොටස් අතර පවතී මීට අමතරව මුස්ළිම් ජනතාව අතර ද බහුභාර්‍යා විවාහ දැකිය හැක.අතීත දකුණු ආසියාතික සමාජයතුල බහුභාරයා විවාහ පැවතුනබව අතීත මූලාශ්‍ර ඇසුරෙන් අපට නිගමනය කළහැක.විෂ්ණු මිත්‍රියේ දක්වන ආකාරයට ටෙෙදික යුගයේ කුල භේදයට අනුව විවාහවිය හැකි කාන්තාවන් ගණන දක්වා ඇති බවයි.ඒ අනුව බ්‍රාහ්මණයන්ට ස්ත්‍රීන් 04 දෙනකුද ක්ෂත්‍රීයයන්ට ස්ත්‍රීන් 03 දෙනකුද වෙෙශයයන්ට ස්ත්‍රීන් දෙදෙනකුද ශුද්‍රයන්ට එක් ස්ත්‍රියක් පමණක්ද විවාහකරගත හැක බෟෙද්ධ ග්‍රන්තයක්වූ ජාතක කතා පොත තුලද අතීත ඉන්දියානු සමාජයතු බහු බාර්යා විවාහ සිදුවූබවට දැක්වේ උදාහරණ ලෙස කුලාවක ජාතකයේදී මඝ මානවකයන්හට හාර්යාවරුන් 4 දෙනෙක් සිටිබව දැක්වේ.පෙරදිග රජවරු බිසොවරුන් බොහෝ දෙනකු සරණපාවාගෙන සිටිබව දැක්වේ.අතීත රජවරුන් අවම වශයෙන් බිසෝවරු 500 පමණ සරණපාවාගෙන ඇත.

බහු පුරුෂ විවාහය

එක් ස්ත්‍රියක පුරුෂයන් කිහිප දෙනකු සමග විවාහ වීම මෙනමින් හදුන්වයි.මෙම විවාහ ක්‍රමයට ඉන්දියාවේ නායර් හා ටොඩාවරු දකුණු ඇමරිකාවේ ක්‍රෝ ජාතිකයන් උතුරු ඇමරිකාවේ හිඩැට්සාවරු උතුරු අර්ධගොලයේ ඇස්කිමෝවරු හා අතීත රජ දවස සිංහලයන් අතර පැවති එකගයෙි කෑම විවාහ ක්‍රමය ද මීට උදාහරණ ලෙස දැක්විය හැක

ශ්‍රි ලංකාවේ අතීතයේ පැවති එකගෙයි කෑම විවාහ ක්‍රමය බහු පුරුෂ විවාහ ක්‍රමයට උදාහරණයකි.එය සිදුවී ඇත්තේ මෙසේය.පවුලේ වැඩිමහල් සහෝදරයා විසින් මනාල මනාලි දෙපාර්ෂවයේ එකඟතාවයෙන් චාරිත්‍රානුකූල විවාහයකින් නිවසට කැදවාගෙන එන බිරිඳ ඔහුට බාල සහෝදරයන් 06 දෙනකු දක්වා තමාගේද බිරිඳ ලෙස සලකා තම වැඩිමල් සොයුරාගේ බිරිද සමග ලිංගික ඇසුර ලබාගැනීමට මෙම විවාහ ක්‍රමයේ අවසර ලැබිණ.එහෙත් පවුලේ 08 වන සාාමාජිකයෙකු සිටිය හොත් ඔහුට වෙනත් මනාලියක් කැදවාගෙන ඒමට සිදුවේ.මේ ආකාරයට එකම පවුලේ පිරිමි සහෝදරයන් 07 දෙනකු හා ඔවුනට පොදු එක් බිරිඳක් සමග විවාහ දිවිය ගත කිරීම මෙම විවාහ ක්‍රමයේ ලක්ෂණය විය.මෙම විවාහ ක්‍රමය වර්තමානයේ ශ්‍රි ලංකාව තුල දක්නට නොලැබේ.මෙම විවාහ ක්‍රමය බටහිර අධිරාජ්‍ය යුගයේදී තහනමට ලක්විය.

බහු පුරුෂ විවාහ ක්‍රමයට තවත් උදාහරණයකි ඉන්දියාවේ නායර් ජනයා අතර පවතින විවාහ ක්‍රමය මෙම විවාහ ත්‍රමය සිදුවන්නේ මෙසේය නායර් ගෝත්‍රික වැඩිහිටියන් විසින් විවාහයට සුදුසු තරුණයන් හා තරුණියන් කැඳවා ඔවුනට සුදුසු සහකරුවන් තෝරා මෙම සියලු යුවලවල් සියල්ල එකම අවස්ථාවකදී එකම උස්සවයක් පවත්වා එකවර විවාහ කර දෙයි.එයින් පසු ඔවුන් දින කිහිපයක සංවාස කාලයක් සදහා පිටත්කර යවයි පසුව ඔවුන් කැදවා චාරිත්‍ර ඉටුකොට පිටත්කර යවයි මෙම චාරිත්‍රානුකූල විවාහයෙන් විවාවූ තරුණියට තමා පෙර විවාවූ තරුණයා සමග පමණක් නොව තම ගෝත්‍රයට අයත් ඕනෑම තරුණයෙකු හා ලිංගික සබදතා ඇතිකරගත හැක මෙසේ චාරිත්‍රානුකූලව විවාහවූ තරුණයා හැර ලිංගික සබදතා ඇතිකර ගන්නා පුරුෂයින් සම්භන්දන් යනුවෙන් හදුන්වයි.මෙම විවාහ ක්‍රමය තාලිකට්ටු කල්‍යානම් නමින් හදුන්වයි.මෙයින් ලැබෙන දරුවන් පෝෂණය කිරීම පියා විසින් නොව මාමා විසින් සිදු කරයි.එනම් මනාලියගේ සොහොයුරන් විසින් දරුවන් පෝෂණය කරයි.ඇතම් මානව විද්‍යාඥයන් මෙම විවාහ ක්‍රමය සමූහ විවාහ ගනයෙහිලා සලකති.

සමූහ විවාහ

මෙම විවාහ ක්‍රමයේදී ස්ත්‍රීන් කිහිප දෙනකු හා පුරුෂයන් කිහිප දෙනකු එම සමූහයට අයත් විරුද්ධ ලිංගිකයන් හවුලේ බෙදා ගැනීමේ විවාහ ක්‍රමයකි.මෙහිදී එක් පාර්ෂවයකට පමනක් නොව දෙපාර්ෂවයටම තම සමූහයට අයත් කාලත්‍රයන් කිහිප දෙනකු සමග අඹුසැමි ඇසුර පැවැත්විය හැක. අතීතයේ ලංකාවේ පැති එකගෙයි කෑම විවාහ ක්‍රමය ඇතැම් අවස්ථාවලදී සමූහ විවාහ ක්‍රමයකට පරිවර්තනයවූ අවස්ථා හමූවූ බව ඇතඅම් විද්වතුන් පවසයි.මෙහිදී එකම පවුලේ පිරිමි සහොදරයන් කිහිප දෙනකු හා තවන් පවුලක ගැහැනූ සහොදරියන් කිහිපයක් වූවිට මේ පවුල් දෙක අතර සමූහ විවාහයක් ගොඩනැගේ.එවිට ඔවුනොවුන් තම සමූහයට අයත් සාමාජිකයන් ගෙන් තම ලිංගික වුවමනාවන් සපුරාගනී.මෙය තරමක් විරලව දක්නට ලැබිණ.මෙම විවාහ ක්‍රමය පවතින සමාජ වලට උදාහරණ ලෙස හවායි දූපත්වෘසීන් දැක්විය හැක.මෙහිදී එකම පවුලේ සහෝදරයින් කිහිප දෙනෙක් තම තමන් විවාහ කරගන්නා සහකාරියන් පොදුවේ තම අනෙකුත් සහොදරයන් සමගද හවුලේ බෙදාගැනීමේ ක්‍රමයක් ලෙස පැවතින.මේ ආකාරයටම එකම පවුලේ සහෝදරියන් තම තමන් විවාහ කරගත් සහකරුවන් තම පවුලේ අනකුත් සහෝදරියන් අතර හවුලේ බෙදාගැනීමේ ක්‍රමයකි.මෙම ක්‍රමය වර්තමාන හවායි දූපත්වාසීන් අතර නොපවතී.මීට අමතරව මෙලනීසියා ජාතිකයින් අතර දකුණු ඉන්දියාවේ ටෝඩාවරු අතර සමූහ විවාහ පවති මෙම විවාහ එකම පවුලක් කේන්ද්‍රකරගනිමින් පවතින සමූහ විවාහ ක්‍රමයි.මෙවැනි විවාහ ඇතිවීමට බොහෝවිට ඉඩම් භුක්තිය හා බැදුනු සාධක බලපා ඇත තම උරුම දේපල බෙදියාම වැලැක්වීම මෙහි අරමුණයි මීට වෙනස් ක්‍රමද පවතී.උදාහරණ ලෙස උතුරු ඇමරිකාවේ ඔමහාස්වරු ඔස්ට්‍රේලියාවේ කුනන්දබර්වරු වකෙර්බුවා කුනායිවරු දැක්විය හැක.එසේමෙ ඇමරිකාවේ හිපි සංස්කෘතිය තුලද සමූහ විවාහ පැවතුනි.එහිදී තරුණයින් කණ්ඩායමක් හා තරුණියන් කණ්ඩායමක් සමූහ විවාහ ක්‍රමයට විවාහවී තම සමූහයට අයත් විරුද්ධ ලිංගිකයන් හවුලේ අසුරු කළහ.මොවුන් අතර සමූහ ලිංගික ක්‍රියාකාරකම් හා සමලිංගික ක්‍රියාද පවතුනි.

භුත විවාහය

මෙම විවාහ ක්‍රමයේදී මියගිය ස්ත්‍රිය හෝ පුරුෂයා වෙනුවට වෙනත් අයකු සරණපාවා ගනී.එමගින් ලබන දරුවන් ගේ අයිතිය වර්ථමමාන කාලත්‍රයාට නොව මියගිය කාලත්‍රයාට හිමිබව සලකයි.මෙවන් විවාහයන්ට උදාහරණ ලෙස ඩොහොම් හා නූවර් සමාජ උදාහරණ ලෙස දැක්විය හැක.

නූවර් සමාජයේ පවතින භුත විවාහය පිළිබද සලකා බැලීමේ දී බිරිඳට දරුවන් ලැබීමට පෙර සැමියා මියගිය විට මියගිය පුරුෂයා වෙනුවට ඇයව ගැබ් ගැන්වීම සැමියාගේ සහෝදරයෙකු විසින් සිදු කරයි.එ් අනුව මියගිය සහොදරයාගේ බිරිඳ හා ලිංගික ඇසුර පවත්වා ඇයට දරුවකු ලබා දෙයි.එහෙත් දෙවන සැමියාට දාව භුත විවාහයෙන් ලද දරුවාගේ පිය අයිතිය ඔහුට නොලැබේ.ඒ වෙනුවට මියගිය පුරුෂයා මෙම දරුවන්ගේ පියා ලෙස සලකනු ලබයි.එම දරුවනට මියගිය පුරුෂයාට අයත් ස්ථිර හා චංචල දේපල හිමිවේ.භූත විවාහයෙන් විවාහවූ දෙවන සැමියාට කිසිදු පිය අයිතියක් සාම්ප්‍රධායිකව නොලැබේ.ඔහුට දාව දරුවන් ලැබුවද දරුවන් ඔහුට නොව මියගිය පුරුෂයා පමණක් පියා යනුවෙන් හදුන්වයි.මෙම විවාහයේදී ජීව විද්‍යාත්මක පියා සහ සමාජ සම්මත පියා එකකු නොව දෙදෙනෙකි.

සමලිංගික විවාහ

ළමා විවාහමෙය ඇතැම් රටවල වර්ථමානයේ බිහිවෙමින් යන විවාහ ක්‍රමයකි.විශේෂයෙන් බටහිර රටවල ප්‍රචලිත වෙමින් යයි.මීට අමතරව ඇතැම් සමාජවල ව්‍යාජ සමලිංගික විවාහ සිදුකරයි උදාහරණ ලෙස ඇතැම් ගෝත්‍රික සමාජවල මෙම ක්‍රමය පවතී.එක් ක්‍රමයක් නම් විවාවූ ස්ත්‍රියකට දරුවන් නොමැතිවිට බිරිඳ විසින් තවත් ස්ත්‍රියක් මෙම ක්‍රමයට විවාහ කරගනී.එහි දී මෙම ව්‍යාජ සමලිංගික විවාහයෙන් විවාහපත්වන ස්ත්‍රිය ඇයව විවාහ කරගත් ස්ත්‍රියෙග් සැමියා හා ලිංගික ඇසුර පවත්වා ඔහුට දාව දෙවන නාන්තාව දරුවකු බිහිකල විට එම දරුවාගේ මවු අයිතිය පළමු විවාහක කාන්තාවට හිමිවේ මේ ආකාර විවිධ ව්‍යාජ සමලිංගික විවාහ නොයෙක් ගොත්‍රික සමාජයන්හි දක්නට ලැබේ එහෙත් ඔවුන් අතර සමලිංගික ක්‍රියාකාරකම් කිසිටිට සිදු නොවේ වර්ථමාන බටහිර සමාජවල පවතින විවාහ ගොත්‍රික සමාජවල මෙන් විශේෂ වුවමනාවන් මත නොව හුදෙක් ලිංගික වුවමනාවන් සපුරාගැනීම උදෙසාම සකස්වී ඇත පුරුෂයින් දෙදෙනකු අතර ඇතිවන විවාහ වලදී මෙන් නොව සුත්‍රීන් දෙදෙනකු අතර ඇතිවන විවාහ වලදී ඇතැමුන් දරුවන් අරන් හදාගැනීමට පෙළඹේ


දරුවන් කුඩා වයෙස්දීම විවාහ කරදීම මෙම විවාහ ක්‍රමයේ දී සිදු කරයි.මෙම විවාහ බොහොවිට හින්දු හා මස්ලිම් අන්තවාදී සමාජවල සිදුවේ කුඩා දරුවන් දෙදෙනකු විවාහ කරදීම වැඩිහිටි පුරුෂයෙකුට කුඩා දැරියක් විවාහකර දීම මෙම ක්‍රමෙය්දී බොහෝවිට සිදුවේ.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තීන්ට අනුව ළමා විවාහ යනු මානව හිමිකම් කඩකිරීමකි ෂරියා නීතිය පවතින ඇතැම් ඉස්ලාමීය සමාජයන්හි වයස අවුරුදු 10 අඩු දරියන් විවාහයට සුදුසු බවට සඳහන්වේ.එයට හේතුව නබිතුමා තම තුන්වන බිරිඳ වන අයිෂා විවාහ කරගන්තේ ඇය වයස අවුරුදු 06 ව තිබියදීය.ඇතැම් දකුණු ආසියාතික රටවල පවා මුස්ළිම් විවාහ නීතිය යටතේ ළමා විවාහ නීතිගතවී පවතී.උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විවාහ නීතිය උඩරට විවාහ නීතිය හා මුස්ළිම් විවාහ නීතිය වශයෙන් විවාහය සම්බන්ධ නීති පද්ධති තුනක් ක්‍රියාත්මකවේ සාමාන්‍ය හා උඩරට විවාහ නීතිය අනුව විවාහ අපේක්ෂකයින් දෙදෙනා අනිවාර්‍යයෙන්ම වයස අවුරුදු 18 සම්පූර්ණවී තිබිය යුතුය.එහෙත් මුස්ළිම් විවාහ නීතිය අනුව විවාහවීමේ අවම වයස් සීමාව වන්නේ වයස අවුරුදු 12 සම්පූර්ණ වීමය.නමුත් ක්වාසි මණ්ඩලයේ අනුමැතිය ලබා ඇති අවස්ථාවක වයස අවුරුදු 12 අඩු උවද විවාහය සිදුකරගත හැක.හින්දු අන්තවාදී සමාජවලද මේ ආකාරෙයන් ළමා විවාහ සිදුවෙයි.මෙවන් විවාහ සදහා බිය දුප්පත්කම සමාජ පීඩනය දැරියන්ගේ ආරක්ෂාව පිළිබද ප්‍රශ්න බලපායි.අරාබි හා අකුණු ආසියාතික රටවල ළමා අපයෝජන ඉහල මටිටමක පවතී.මෙම සංස්කෘතින්තුල ස්ත්‍රියකගේ පතිවෘතාව කන්‍යාභාවය වැනි සංකල්ප දැඩිව පවතී.විවාහයට පෙර ලිංගික ඇසුර විවාහයට පෙර ගැබ් ගැනීම වැනි ක්‍රියා දැරියකගේ පවුලට දැඩි අවනම්බුවක් ගෙනදෙන කාරණාවෙයි.මෙවන් සාධකමත දෙමාපියන් දැරියක් වැඩි කලක් තම භාරයේ තබා ගන්නවාට වඩා කාට හෝ විවාහ කරදීමට පෙළඹේන බව මේ සමාජ පිළිබද පර්යේෂණ සිදුකළ මානව හා සමාජ විද්‍යාඥයන් පවසයි.මේ අනුව ගතහොත් ළමා විවාහ සදහා ඔවුන් පොළඹවනු ලබන්නේ ඔවුන්ගේ සංස්කෘතිය විසිනි.
මීට අමතරව ඇතැම් රටවල මනුෂයෙකු හා තිරිසන්ගත සතකු හෝ වෘක්ෂයකට විවාහ කරදීමේ චාරිත්‍රයක්ද පවතී සාම්ප්‍රධායික ගතානුගතික අදහස් දරන ඇතැම් සමාජවල මෙය සිදුවේ ඉන්දියාව වැනි රටවල කුජ භෞම දෝෂය නම්වූ දෝෂයෙන් මිදීමට මෙම විවාහ සිදුකරන බව පැවසේ මෙම දෝෂය බලවත්ව යෙදුන විට විවාහ සහකරු හෝ සහකාරිය මියයන බව විශ්වාස කරනු ලබයි.එයින් මිදීමට තිරිසන් සතකුට හෝ ගසකට විවාහ කරදීම සිදුකරයි.මෙය තාවකාලික විවාහයකි.මෙම විවාහ ක්‍රමය යටතේ බොහෝවිව තරුණියන් විවාහ කර දෙයි සහකරු ලෙස බොහෝවිට බල්ලකු යොදා ගනී.

නිදහස් ආලය

මෙම ක්‍රමයේදී විවාහවීමක් සිදු නොවී ලිංගික සම්භන්දතා ඇතිකරගනු ලබයි.සාමාන්‍ය සම්ප්‍රධාය නම් චාරිත්‍රාණුකූලව හෝ නීතිමය ගිවිසුමක් මහින් එකට එක්වන යුවලක් හෝ පිරිසක් තම ලිංගික අවශ්‍යතාවයත් එම චාරිත්‍රාණුකූල හෝ නෛතික ගිවිසුමට යටත්ව සිදු කිරීමයි.එහෙත් මෙම ක්‍රමයේදී විවාහයට පත් නොවී ලිංගික සබදතා පවත්වයි.එහෙත් මේ සදහා නීතිමය අවසරයක් රජය විසින් අනුමතකල යුතුය.නිදහස් ආලය ඇතැම් රජයන් විසින් අනුමතකර නීතිගතකර ඇත.විශේෂයෙන් බටහිර රටවල මෙම ක්‍රමය ව්‍යාප්තව පවතී.

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

No comments: