කෝටිපති‍ය‍ෙක් වන්නට පෙර- ලිපි අංක 01

මුදල් කියන්නේ අ⁣පේ ජීවිතය තුළ ඇතැම් තැන් පහසු කරන ප්‍රධාන සාධකයක් විදිහට නම් කළොත් මා නිවැරදියි .එසේ ප්‍රධාන සාධකයක් වන මුදල් හරි  හම්බ කිරීමට අද වන විට මිනිසුන් විවිධ මාර්ග භාවිතා කරනවා .ඒ අතර ස්ථිර රැකියාවක් සොයා ගැනීම හා එතුලින් මුදල් උපයා ගැනීම අප කාගේත් ලොකු සිහිනයක් .ස්ථිර රැකියා අතර ද රජය විසින් ලබාදෙන විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාවක් ලබා ගැනීම කාගේත් සිහිනයක්.ඒ වැඩි ආයාසයකින් තොරව අවිස්වාසයකින් තොරව ද ස්ථිර මුදලක් තමා අතට පත් කරගත හැකි හේතුව නිසාය.එම නිසා බොහෝ දෙනෙක් තමන්ගේ ම ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු නොකරයි.

      පාසල් වලින් පවා ලබා දෙන අධ්‍යාපනය තුළින් දරුවන් යොමු කරනු ලබන්නේ ස්ථිර රැකියාවක් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන ය .නමුත් ලංකාව තුළ සියලු දෙනාටම ස්ථිර රැකියාවක් කිරීමේ හැකියාවක් නම් නොමැත .ඒ ස්ථිර රැකියාවල හිඟකම නිසා මෙන්ම රජයේ රැකියා අවප්‍රමාණය වීම නිසා ය . ඉහත කී තත්වය නිසා ඇතැමුන් අකමැත්තෙන් වුව ද කුඩා කුඩා ව්‍යාපාර වල නිරත වන අන්දම අප දැක ඇත්තෙමු.නමුත් එම ව්‍යාපාර දවසින් දෙකෙන් එසේත් නොමැති නම් මාස කිහිපයකින් බිඳ වැටෙන අවස්ථා බොහෝය.එසේ වන්නට හේතුව නම් එවැනි ව්‍යාපාර වලට දීර්ඝකාලීන සැලසුමක් නොමැති වීමත් ,එදිනෙදා ජීවිතය ගෙවා ගැනීම සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීමට පමණක් එම ව්‍යාපාර ආරම්භ කිරීමත් යන කරුණු නිසාය . 
 ඇත්තට ම බොහෝ දෙනෙක් ස්ථිර රැකියාවක් කෙරෙහි අවධානය යොමු කරන්නේ ඇයි ?
 *අවදානම අඩු වීම
 *ස්ථාවර ආදායමක් ලැබීම 
 *තමා විසින් මවා ගත් සංකල්ප තුළ ජීවත් වීම .
 *සමාජය විසින් ගොඩ නගා ඇති පරිසරය 
 *සරල ජීවිත ජීවිත වලට හුරු වීම
 ආදී කරුණු නිසා සමාජය තුළ බොහෝ දෙනා ස්ථිර රැකියාවක් කෙරෙහි අවධානය යොමු කරයි .නමුත් ඔවුන් නොදන්නා කරුණ නම් ඉහත නම් කළ සියලු තත්ත්වයන් ව්‍යාපාරයක් තුලින් ද ලබාගත හැකි බව.එසේ නම් 

ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවාද ?

 *අසීමිත මුදලක් ඉපයීමට හැකි වීම
 *ජීවිතයේ දීර්ඝකාලීන සිහින කෙටි කාලයක් තුළ ඉටු කර ගත හැකි වීම .
 *අවදානම් කලමනාකරණයට හුරු වීම 
 *පිරිස් සහ මුදල් කළමනාකරණයට හුරු වීම .
 *තමාට ම අනන්‍ය වූ පුද්ගල පෞරුෂයක් ගොඩ නැගීම.
 *ඕනෑම මොහොතක දී ණය ලැබීමට සුදුස්සකු වීම.
 *අමතර ප්‍රතිලාභ 
 තමාගේම ව්‍යාපාරයක නිරත වීම තුළින් තුළින් ඉහත කී ප්‍රතිලාභ රාශියක් ඔබට උදා කර ගත හැකිය .නමුත් ඔබගේ පවුල් පසුබිම සමාජය විසින් ගොඩනගා ඇති මතයන් තමාගේම ව්‍යාපාරයක් සිදු කිරීමට පවතින බාධක ලෙස පෙන්වා දිය හැකි ය . අද ලෝකය තුළ මිලියන පතියන් ලෙස වැජඹෙන බොහෝ දෙනා සිදු කර ඇති රැකියාව කුමක් ද යනුවෙන් කෙනෙකු ප්‍රශ්නයක් යොමු කළහොත් ඔහුට ලැබෙන නිත්‍ය පිළිතුර වන්නේ තමාගේම ව්‍යාපාරයක් යන්නයි .එසේ නම් ඔබ වෙනස් විය යුතු කාලය එළැඹ ඇති බව වටහා ගත යුතුය .

     ඔබ  ස්ථිර රැකියාවක් කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමු කරන්නේ නම් ඔබගේ ජීවිතයේ බොහෝ තැන් සීමාසහිත රාමුවක් තුළ ගත කිරීමට සිදුවන බව තරයේ මතක තබා ගන්න .ඔබ සිතන සාම්ප්‍රදායික රාමුව තුළ පුද්ගලයන් කටයුතු කළේ නම් අද ඔබ දකින  නවලෝක(nawaloka) සමූහ ව්‍යාපාරය,ඔඩෙල් ව්‍යාපාරය ,ලාෆ් ව්‍යාපාරය ,සිද්ධාලේප ව්‍යාපාරය ,වෙන්ඩෝල් ව්‍යාපාරය හා ලකී ලංකා ව්‍යාපාරය ආදී ව්‍යාපාර දකින්නට නොලැබෙන්නට සිදුවනු ඇත නමුත් අද එවැනි ව්‍යාපාර ලංකාව තුළ විශාල භූමිකාවක් රඟ දක්වයි . ලෝකය තුළ ගත්තද මෙම තත්ත්වය මේ ආකාරයෙන්ම දැකිය හැකි ය .එම නිසා ලෝක බිලියනපතියන් බොහොමයක් බිහි වූයේ තමාගේ ම ව්‍යාපාර තුළින් බව අමතක නොකරන්න .වෝල්මාට් ජාලය ,නෙස්ලේ සමාගම ,යුනිලීවර් සමාගම ,ෆේස්බුක් සමාගම ආදී සමාගම් විසින් මේවාට කදිම නිදසුන්ය.


                                                                                   -දුමින්ද නාමල්-

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.

1 comment:

Kmala said...

Supiri liypiyak