ලංකාවේ පළමු පෙළ පළමු ජේලර්වරිය ආර්. එම්. නන්දනී


 මගේ සේවා කාලය වසර තිස් හයක්. ඇත්තටම මේක බරපතළ රාජකාරියක්. මොළය තියෙන බුද්ධිමත් උගත් නේවාසිකයින් ඉන්නවා. නූගත් අයත් ඉන්නවා. නොයෙක් ආවේගකාරී අයත් ඉන්නවා. මේ අය අතරේ තමා රාජකාරි කරන්ට තියෙන්නේ. රැඳවියන් කලකෝලහල කරගන්නා අවස්ථා තියෙනවා. ගොඩාක් ඉවසීමකින් සංයමයකින් නිලධාරින් විදිහට අපි කටයුතු කළයුතු වෙනවා. ආගමික කටයුතුවලින් ගොඩාක් දේ කරන්ට පුළුවන්.

    රාජ්‍යයක පවත්නා අපරාධ සහ නීතිය කඩකිරීම හේතුවෙන් අධිකරණ විනිශ්චය අනුව එම වරදකරුවන් රඳවා තැබිම සඳහා අධිකරණ පිහිටවනු ලැබිණ. ඒ අනුව මෙරට බන්ධනාගාර ඉතිහාසය වසර දශක ගණනක් ඔබ්බට හිමිකම් කියනු ලබයි. අධිරාජ්යෙවාදී සමයේ ඇරඹුණු බන්ධනාගාර දෙපාර්තමේන්තුව වරදට දඬුවම් දෙන සහ රැඳවියන්ට කෘරත්වයෙන් සලකන වධකාගාරයක් ලෙස නිර්මාණය විය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව එදා මෙදා තුර වෙනස්කම් රැසකට භාජනය වෙමින් ආරක්ෂාව රැකවරණය සහ පුනරුත්ථාපනය යන සංකල්පය පෙරදැරි කොට වැරදිකරුවන් යහපත් පුද්ගලයින් ලෙස සමාජගත කරවීම සඳහා දැඩි ප්රලයත්නයක් දරන මට්ටමකට අද පත්ව තිබේ. විවිධාකාර චෝදනා හේතුවෙන් ගැහැනු පිරිමි බේදයකින් තොරව සම මට්ටමකින් බන්ධනාගතවන සිරකරුවන් සහ සැකකරුවන් විසිතුන්දහසකට අධික ප්රතමාණයක් මෙරට බන්ධනාගාර තිස් අටක සහ සිරමැදිරි විස්සක දැනට රැකවරණය ලබමින් සිටිති. තමන්ට ඇති චෝදනා හමුවේ දැඩි පීඩාකාරි මානසිකත්වයකින් පෙළෙමින් ජිවත් වන මොවුන් සමඟ කටයුතු කිරීම සඳහා බන්ධානාගාර නිලධාරින් සිදු කරනු ලබන සේවාව අතිශය බැරෑරුම් මෙන්ම එකි රාජකාරි නිති රාමුව තුළද තදබලය.
බන්ධනාගාර සේවාවේ යෙදෙන නිලධාරීන් හාරදහස් පන්සියය ඉක්මවයි. නිලධාරින් මෙන්ම කාන්තා රැඳවියන් සමඟ කටයුතු කරන නිලධාරිනියන්ද පුරුෂ පක්ෂය සමඟ කරට කර සේවයෙහි යෙදි සිටිති. 1841 වසරේ මෙරට ප්රිථම බන්ධනාගාරය පිහිටවු දා සිට අද දක්වා කාලය තුළ බන්ධනාගාර ඉතිහාසයේ ප්ර1ථව කාන්තා පළමුපෙළ ජේලර්වරියක් පත්ව සිටි. බන්ධනාගාර නියාමක වරියක් ලෙස සේවයට එක්වු ඇය පියවරෙන් පියවර ඉදිරියට විත් තිස් හය වසරක සේවා කාලයෙන් පසු පසුගියදා පළමු පෙළ කාන්තා ජේලර්වරියක් ලෙස උසස් වීමක් ලැබ සිටි. මේ තනතුර හොබවන ලංකාවේ පළමු කාන්තාව ඇය ලෙස ඉතිහාසයට එක්වනු ඇත.
තම ලෙයින් උපන් දරුවන් ගැන නොසිතා නොයෙක් වැරදිවලට පෙළඹුණු කාන්තාවන් , අම්මාවරුන් දහස් ගණනක් සිපිරි ගෙවල්වල දුක් විඳිද්දී ඔවුන්ට ආරක්ෂාව රැකවරණය සපයා යහමඟට ගන්නට වෙහෙසෙන කාන්තා නිලධාරිනියන් සැමට ආදර්ශයකි. එවන් නිලධාරිනියන් අතරේ මනා සේවයේ උත්තරිත්වයට පත්වු ඇය සොයා පසුගියදා ඇගේ නිවසට අපs ගියෙමු.

මහනුවර මහකන්ද ප්ර දේශයේ පදිංචි ඇය ආර් එම් නන්දනි රාජනායකයි. අප එහි යන විටත් පසු දිනට නියමිතව තිබු සිය උසස් වීමත් සමඟ ස්ථාන මාරුවක් ලැබු නව සේවා ස්ථානයට යාමට අවශ්යප දේවල් සුදානම් කරමින් සිටි ඇය සුහඳශීලිව අප පිළිගත්තාය.
1961 වසරේ උපන් ඇය පස් දෙනකුගෙන් යුතු පවුලක එක් දියණියකි. මුලික අධ්යාේපනය ලබා ඇත්තේ අම්පිටිය කනිෂ්ඨ විද්යානලයෙනි. මහනුවර උසස් බාලිකා විද්යාවලයෙන් උසස් පෙළ අධ්යාඇපනය ලබා ඇත. පාසල් අවධියේ පටන්ම අධ්යා‍පනයට මෙන්ම ක්රිහඩාවටද උපන් හපන්කම් දැක්වු ඇය විද්යාපලිය මෙන්ම බාහිර ක්රිටඩා තරඟ රැසකින්ම ජය ලබා ඇති දක්ෂ ක්රීඩඩිකාවක් බව ඇය සතු සහතික සනාථ කරයි.

“මගේ පියා බන්ධනාගාර ජේලර්වරයෙක්“ඇය පටන් ගත්තේ එතනිනි. මගේ තාත්තා රස්සාවට ගොඩාක් ආදරය කළා. හරියට වැඩ කළා. මම පොඩි කාලේ ඉඳලම තාත්තගේ හැසිරිම් රටාව දැක්කා. මටත් රජයේ රැකියාවක් කරන්න ආශාව තිබුණත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන එක මගේ ඇ‍ඟේ තිබුණේ නැ. ඒක මගේ ඔළුවට දැම්මේ තාත්තා. තාත්තා මට බල කරලම කිවා මගේ හැකියාවනුත් එක්ක බන්ධානාගාර නියාමකවරියක් වෙන්ටම ඕනැ කියලා. . ඉතින් මගේ ඔළුවෙත් ටික ටික ඒ ආශාව වැඩ කළා. මම පාසලෙන් අස්වෙලා දහම් පාසල් ගුරුවරියක් විදිහට වැඩ කළා. අවුරුදු විසි දෙකේදි බන්ධනාගාර නියාමකවරියක් ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බැඳුණා. ඒ 1983 වසරේ. මගේ තාත්තා ඒ දවසේ ගොඩාක් සතුටු වුණා. තාත්තා තමන්ගේ සේවා ස්ථානයට කොච්චර ආදරේද කියලා එදා මට තේරුණා. අවංකවත් නිති ගරුකවත් විනය ගරුකවත් රාජකාරිය කළ යුතු යැයි තාත්තා එදා මට උපදෙස් දුන්නා. මම ඒක ඒ විදිහටම කරනවා කියලා එදා තිරණය කළා. අම්මා රැකියාවක් කළේ නෑ ඒත් මට ආශිර්වාද කළා.
පසුව අනුරාධපුරයේ පර්යේෂණ සහ විශෝධන මධ්යකස්ථානයේ පුහුණුව ලබලා ස්ථිර නියාමක වරියක් ලෙස 1984 වසරේ සේවයට එක් වුණා. පසුව මිගමුව, හලාවත බන්ධනාගාර සිර මැදිරි වල සේවය කළා. 1986 වසරේ මහනුවර රිමාන්ඩ් බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබුණා. තවද හැටන් සහ ගම්පොළ සිර මැදිරිවලත් සේවය කළා. 2002 වසරේ බෝගම්බර බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබිලා එහි පැමිණ 2004 අවුරුද්දේ සැරයන් තනතුරේ විභාගයෙන් පාස් වුණා. එදත් විභාගය සමත් වුණු අට දෙනාගෙන් සම්මුඛ පරික්ෂණයෙන් තේරුණ එකම කෙනා මම. එදා මම ගොඩාක් සතුටු වුණා. මම කරන හැම දෙයක්ම හරියට කරලා මට හැකි උපරිමය කරනවා කියලා එදා මම තීරණය කළා. ඉන් පසු මම මහනුවර රිමාන්ඩ් බන්ධනාගාරයේ සේවයට ආවා. ඉන්පසු 2012 වසරේ දෙවන පෙළ ජේලර් තනතුරට පත්වුණා. එදා එක තනතුරයි තිබුණේ. ඒකත් මට ලැබුණා. ඉන්පසු වැලිකඩ බන්ධනාගාරයට ස්ථාන මාරුවක් ලැබුණා. එහි කාන්තා අංශය බාර ජේලර් වරියක් හැටියට සේවය කළා.නැවත බෝගම්බරට ස්ථාන මාරුවක් ආවා. කාන්තා අංශය බාර ජ්යෙිෂ්ඨ ජේලර්වරිය හැටියට කටයුතු කළා.2018 වසරේ පැවති පළමු පෙළ ජේලර් විභාගයෙන් මම සමත් වුණා. ඒකටත් මම විතරයි තේරුණේ. මේ පළමු පෙළ කාන්තා ජේලර් තනතුරට මෙතෙක් පත් වුණු එකම කෙනා මම. මම ආපු ගමන දිහා බලද්දි ගොඩාක් සතුටු වෙනවා. මේ ගමන් මගේ බාධක ගොඩක් තිබුණා. සාධාරණවත් අවංකවත් කැපවීමෙනුත් කටයුතු කළ නිසා ඒ සියල්ල ජය ගන්න හැකි වුණා. එදා මගේ තාත්තා කීවා අවංකව කැපවීමෙන් වැඩ කරන්න. ඉහළට යන්ට පුළුවන් සේවය ගැන සතුටු වෙන්ට පුළුවන් කියලා. අද තාත්තා නැ. ඒත් තාත්තා බලාපොරොත්තු වු ඒ ගමන මම ආවා කියලා සතුටු වෙනවා. මෙතෙන්ට එන්ට මගේ පෞද්ගලික ජිවිතයේත් බොහෝ කැපවිම් කළා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ස්ථාන මාරු ලැබෙද්දි මම ඕනැම තැනකට ගියා. ගෙදර කළමනාකාරිත්වයත් හරියට රැකගෙන. ඒක අසිරුයි. නමුත් බිරියක් මවක් විදිහට ගෙදරට දිය යුතු තැන ගෙදරට . රාජකාරියට දිය යුතු තැන රාජකාරියටත් දුන්නා.
බන්ධනාගාරය යනු විනෝදාත්මක තැනක් නොවේ. පීඩාකාරී ආවේගකාරී මානසිකත්වයන් සමඟ සේවය කළ යුතු ස්ථානයකි. එවන් පරිසරයක වැඩ කරද්දී ඇගේ තිස් හය වසරක සේවා කාලය තුළ අනන්ත වු අත් දැකිම් ඇති. ඒ පිළිබඳ ඇගෙන් විමසුවෙමු.
“මගේ සේවා කාලය වසර තිස් හයක්. ඇත්තටම මේක බරපතළ රාජකාරියක්. මොළය තියෙන බුද්ධිමත් උගත් නේවාසිකයින් ඉන්නවා. නුගත් අයත් ඉන්නවා. නොයෙක් ආවේගකාරි අයත් ඉන්නවා. මේ අය අතරේ තමා රාජකාරි කරන්ට තියෙන්නේ. රැඳවියන් කළ කෝලහල කරගන්නා අවස්ථා තියෙනවා. ගොඩාක් ඉවසීමකින් සංයමයකින් නිලධාරින් විදිහට අපි කටයුතු කළ යුතු වෙනවා. ආගමික කටයුතුවලින් ගොඩාක් දේ කරන්ට පුළුවන්. අපි බන්ධනාගාරය තුළ නොයෙක් ආගමික වැඩ සටහන් පවත්වනවා ඒවා නැවත නැවත මතක් කර දෙමින් ආගමික නැඹුරු තාවයක් ඇති කරන්න පුළුවන්. ඒ තුළින් ඔවුන්ගේ බිඳුණු සිත්වලට ලොකු සහනයක් ලබා දිමට පුළුවන්. ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වු අය ඉන්නවා. මරණ දඬුවම නියම වු අය ඉන්නවා. මේ අයගේ මානසිකත්වය එක්ක හොඳ අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුයි.
මගේ රාජකාරි ජිවිතයේ මේ නේවාසිකයින් සමඟ කටයුතු කරද්දි අමතක නොවන සිද්ධින් බොහෝ තියෙනවා. දිනක් උදේ පාන්දර සිර මැදිරි වල දොරගුළු විවෘත කළා විතරයි. ..තම අත දරුවා සමඟ සිටි රැඳවියක් දරුවා රැගෙන කැ ගසමින් දුවගෙන ආවා. දරුවාට සන්නියක් හැදිලා. වයස අවුරුදු එක හමාරයි. මම දරුවා ඉක්මනින් අරගෙන රෝහල් ගත කරලා තමයි ඉතිරි වැඩ ටික කළේ. දරුවාට ඉක්මන් සුවය ලබා දිමට හැකිවුණා. එවැනි අවස්ථාවල ඒ සඳහා මුලිකත්වය දි කටයුතු කරනවා. තව දවසක් අත දරුවකුට කිරි හිරවෙලා. ඒ අවස්ථාවේත් මම දරුවා අතට ගෙන හැකි හැම දේම කරලා ඒ දරුව බේරගත්තා.
තව දවසක් එක් රැඳවියක් මියගිහින් බව දැනගන්නට ලැබුණා. අනෙක් කාන්තා රැඳවියන් කෑ ගහනවා. චෝදනා කරනවා. ඒ මිය ගිය කාන්තාව හදවත් රෝගය ඇතුළු රෝග ගණනාවකට ප්රතතිකාර ගන්න කෙනෙක්. සියලු බේත් කාඩ් අනෙක් අය හංගලා. බොරුවට චෝදනා කරමින් කෑ ගහනවා. එවැනි අවස්ථාවල ගොඩාක් ඉවසිමෙන් කටයතු කළ යුතුයි. මම හංගලා තිබුණ බේත් ගන්න කාඩ් සියල්ල අනෙක් රැඳවියන් ළඟ තිබි සොයා ගෙන අවශ්යු කටයුතු කළා. එවැනි දේ ඒ අය සිදු කරනවා. නොයෙක් මානසික තත්ත්වයන් තුළ පසුවන පිරිස් ඉන්න තැන්. ඒ නිසා ඒ ගැන කල්පනාවෙන් කටයුතු කළ යුතුයි.“
ඇගේ කරුණාව ඉවසීම කොතරම් මේ ගමනට බලපාන්න ඇත්දැයි අපට පසක් විය. ඇය රාජකාරිය දේවකාරිය මෙන් සළකා කටයුතු කරන්නීය
ඇය අප සමඟ පිළිසඳරේ යෙදෙන විට ඇය අසල ඇගේ ස්වාමි පුරුෂයා විය. බැංකු නිලධාරියෙකු වු ඔහු දරුණු පිළිකා රෝගයකට ගොදුරු වි සිටි. විටින් විට ඇගේ රාජකාරි දිවියේ ඇයට අමතක වුණු තැන් ඔහු ගෙන හැර දැක්විය. ඇය සිටියේ කඳුලු පිරි දැසිනි. එය සතුටත් දුකත් එකට මුසු වු කඳුළකි. ඒ මන්ද යත් ඇය පසු දින සැතපුම් සියයක දුරක් ගෙවා වැලිකඩ බන්ධනාගාරයේ වැඩ බාරගතයුතුව තිබිණි. රාජකාරිය අනුව එසේ විය යුතුමය.

තවමත් තනිකඩව සිටින දරුවන් දෙදෙනාද රැකියාවල නියතු නිසා ස්වාමි පුරුෂයා නිවසේ තනිකර දමා ඇය යායුතුය. ඔහුගේ තනියට මෙන්ම මානසික සුවය සඳහා ඇය කැඳවා ඇත්තේ ස්වාමි පුරුෂයාගේ අසු අට හැවිරිදි මවය. ඇයගේ දෙනෙත් පෙනීම දුර්වලය. එම වයෝවෘද්ධ මව ස්වාමි පුරුෂයා ළඟ තබා යන්නේ ආදරයත් විශ්වාසයත් නිසාය. පෙම් සබදතාවයකින් යුග දිවි ඇරඹු ඇය ඒ තරමටම ඇගේ ස්වාමි පුරුෂයාට ආදරේය. කවදත් තම භාර්යාවගේ ගමනට සෙවණැල්ලක් මෙන් සිටි ස්වාමි පුරුෂයා ආයාසයෙන් තම රෝගී දුක වේදනාව දරාගෙන ඇගේ ගමනට සුභ පතන්නට තරම් හිත දැඩිකරගෙන සිටි. ස්වාමි පුරුෂයාගේත් ඔහුගේ මෑණියන්ගේත් වැඩ කටයුතු සිදු කර පාන්දර හතර හමාරේ බසයෙන් කොළඹ බලා යාමට ඇය තිරණය කර ඇත. රාජකාරි කටයුතු නිමකර ඔවුන්ගේ කැදැල්ලට ඇය රාත්රිලෙය් පැමිණෙනු ඇත. ඇගේ ඉදිරි දින චරියාව එය වනු ඇත. පෞද්ගලිකත්වය සහ රාජකාරිය එකට පටලවා නොගෙන ඉදිරි ගමන යාමට ඇය අදිටන් කර ගෙන සිටි. මනුස්සත්වය, උත්සාහය, අවංකකම, ආදරය , කැපවීම නිසාම ඇය මේ ගමන පැමිණ තිබේ. ලංකාවේ පළමු පෙළ කාන්තා ජේලර් තනතුරට පත්වු පළමු නිලධාරිනිය ලෙස ඉතිහාස පොතේ ඇගේ නම හෙට දිනයේ සනිටුහන් වනු ඇත.
සතුටට උනන කඳුළත් දුකට උනන කඳුළත් දෑසින් එකවර වැගිරෙද්දි එය සඟවා ගත් ඇය වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය බාර නිලධාරිනිය ලෙස කාන්තා රැඳවියන්ගේ හෙට දවසේ යහපත වෙනුවෙන් තම සේවය සලසමින් සිටින්නීය. ඇයට සුභ පතමු.
ඉන්ද්‍රාණි තෝරදෙණිය
ඡායාරූප රුවන් මීගම්මන

(දිණමිණ)

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.