නෙත් පැහැර ගන්න අයිස්ලන්තය


නියෝජ්‍ය ආණ්ඩු ක‍්‍රමයක් සහිත සමූහාණ්ඩු රාජ්‍යයක් වන අයිස්ලන්තය, යුරෝපයේ බටහිරට වන්නට පිහිටා ඇත. වර්ග සැතපුම් 40,000 ක් පමණ විශාල දිවයිනක් වන මෙම රාජ්‍යය උතුරු අත්ලන්තික් සාගරයේ ආක්ටික් වෘත්තයට සමීප ය.කි‍්‍ර.ව. 800 පමණ අයිරිෂ් ජාතික පූජක පිරිසක් මුලින්ම අයිස් ලන්තයට පැමිණ ඇති බවට සාක්ෂි ලැබේ. එහෙත් නෝර්වේජියන්වරුන් සංක‍්‍රමණය වීමත් සමග මෙම පූජකයින් එරට අතහැර ගොස් ඇත. එහෙත් සතුන් ඇතිකිරීම මෙම භූමියේ ඇති නොහැකියාව හේතුවෙන් මොවුන් ද අනෙකුත් රටවලට සංක‍්‍රමණය වී ඇත. එහෙත් 874 දී පමණ මෙහි ස්ථිර පදිංචියට ඉන්ගෝල්ෆ් ආනසාර නැමති නෝර්වේජියානු ජාතිකයා පැමිණ ඇත. ඔහු විසින් නිරිත දිග වෙරළේ ජනපදයක් පිහිට වූ අතර එය රේක්යාවික් ලෙස හැදින්විණි. අද අයිස්ලන්තයේ අගනුවර වී ඇත්තේ ද මෙම නගරයයි. මෙලෙස ජනයා පැමිණීමත් සමග බොහෝ ඉක්මනින් අයිස් ලන්තය ජනාවාසයක් බවට පත් විය.

        ඉතා අලංකාර දිවයිනක් වන මෙහි කොඳෙව් දූපත් කිහිපයක්ද වේ. කුඩා මුහුදු තීරයක් ඇති මුත් එහි ගල්පර බහුල වේ. වෙරළ බඩ කොටස් එසේ වුවද මධ්‍ය ගත භූමිය යමහල් පස් හා ලාවා පස් සහිතය. යමහල් හෙවත් ගිනිකඳු 100 කට වැඩි ගණනක් ද උණු දිය උල්පත් කිහිපයක්්ද මෙම භූමියේ වේ. මෙරටෙහි ප‍්‍ර‍්‍රධාන ගංගාව ජෝ තුල්සාය. මෙහි විශාල විල් කිහිපයක්ද උස් දිය ඇලි ද වේ. මේවා ග්ලැසියර් ඛාදනය හේතුවෙන් නිර්මාණය වී ඇත. මෙහි උෂ්ණත්වය පිළිබඳව සොයා බැලීමේදී පෙනී යන්නේ පිහිටීම අනුව ලැබිය යුතු තරම් ශීතලක් අයිස්ලන්තය තුළ නොමැති බවයි. එහෙත් වයඹ දිග ප‍්‍රදේශයේ උෂ්ණත්වය දකුණු ප‍්‍රදේශයේ උෂ්ණත්වයට වඩා වෙනස් වන සුළුය. අයිස්ලන්තයේ දකුණු කොටසට සාමාන්‍යයෙන් වාර්ෂික වර්ෂාපතනය අඟල් 51 පමණ වේ. එහි කඳු ප‍්‍රදේශයන්ට අඟල් 78 ක වර්ෂාවක් ලැබෙන අතර උතුරේ වාර්ෂික වර්ෂාපතනය අඟල් 17 ට අඩු වේ.මෙහි ග්ලැසියරයට යටවී ඇති ප‍්‍රදේශය සැතපුම් 5000 ක් පමණ වන අතර වගා නොකළ හැකි භූමි ප‍්‍රමාණය 6/7 ක් පමණ වේ. ඒ එම කොටස මුඩු බිම් නිසාය. වනාන්තර අඩු මෙම රාජ්‍යයෙහි එහි ආවේනික ශාක කිහිපයක් වැවේ. මෙහි උස් පෙදෙස හිමෙන් වැසී පවතී.

       මෙරටෙහි ප‍්‍රධාන කර්මාන්තය වන්නේ ධීවර කර්මාන්තයයි. එහි ඉදිවන කර්මාන්ත ශාලා අතුරින් බොහෝමයක් මාළු ටින් කිරීම සඳහා වේ. මීට අමතරව සම්, චීස් , සිසිල් බීම ආදියද අර්තාපල් වගාවය, තණකොළ වැවෙන ප‍්‍රදේශවල එළු, බැටළු ආදීන් ඇතිකිරීම ද සිදු කරයි. ආදි අයිස්ලන්ත වාසීන් අශ්වයන් ද ඇතිකර ඇත.මොවුන්ගේ ප‍්‍රධාන ආගම රෙපරමාදු ආගමයි. එහෙත් කි‍්‍ර.ව. 1380 දී නෝර්වේ රාජ්‍යය ඩෙන්මාක් රාජ්‍යය හා ඒකාබද්ධ වූ අවස්ථාවේදී අයිස්ලන්තය ද ඩෙන්මාර්කයේ කොටසක් විය. එයට හේතුව ඒ වන විට නෝර්වේ රාජ්‍යයේ නායකයා අයිස්ලන්ත නායකයා වීමයි. එම හේතුවෙන්, අයිස්ලන්තය තුළ කතෝලික - රෙපරමාදු අරගලයක් ඇතිවිය. විටින් විට නෝර්වේ රාජ්‍යයත් - ඩෙන්මාක රාජ්‍යයත් පාලනය කරනු ලැබූ අයිස්ලන්තය අවසානයේදී ඩෙන්මාර්කය විසින් අයිස්ලන්තයටම පවරා දෙන ලදී.එතැන් පටන් විධායක බලය ඇති ජනාධිපතිවරයෙක් එරට පාලනය කරන අතර ඔහු සිව් වසරකට වරක් මහජන ඡන්දයෙන් තෝරා ගනී. එවිට ජනාධිපති අගමැති ප‍්‍රමුඛ ඇමති මණ්ඩලයක් මගින් රට පාලනය කරනු ලබයි. මෙරටෙහි විශේෂත්වය නම් එහි යුද හමුදාවක් හෝ නාවික හමුදාවක් නොවීමයි.කලා ශිල්ප, වෙළෙ¼දාම, කර්මාන්ත, ආදිය ඉගෙනීමට මෙහි පහසුකම් වේ. අගනුවර විශ්ව විද්‍යාලයක් ඇති අතර ප‍්‍රධාන ගුවන් තොටු පොළක්ද ගුවන් විදුලි මධ්‍යස්ථානයක්ද එහිම පිහිටා ඇත. සැතපුම් 3500 ක පමණ මාවත් ඇති මෙහි බොහෝ ප‍්‍රදේශවල ගමනාගමනයට යොදා ගන්නේ තවලම්ය. දුම්රිය මාර්ගයක් තවම ඉදිවී නොමැති අතර රට අභ්‍යන්තරයේ ද ගුවන් සේවා පහසුකම් ඇත.
-ශෂිකා ලක්මාලි පෙරේරා-

























Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.