ගනුදෙනු කිරීමේදී ව්‍යාජ මුදල් හරියටම හඳුනා ගනිමු

ආර්ථික රදා පවතින්නේ ගෘහණිය මතයි. එහදී වැදගත්ම දේ නම් මුදල්ය. මුදල් භාවිතය මනා වගකිමෙන් යුතුව ඉටු කළහොත් එම පවුලේ ආර්ථිකය ශක්තිමත් වනු ඇත. නිතර ගෘහණියන් අත ගැවසෙන මුදල් අතර කාසි වලට වඩා නෝට්ටු හුවමාරුව වැඩිය. අද ලංකාවේ රු10.00 රු 20.00 රු50.00 රු 100.00 රු 500 රු1000 රු2000 යන නෝට්ටු භාවිතයේ පවතී.වගකීමෙන් යුතුව මුදල් නෝට්ටු භාවිතා කරනවා සේම ඒවා පිරිසිදුව භාවිතා කිරීම සිදු කළ යුතුය. මන්ද එය වැදගත් අත්‍යවශ්‍ය කරුණක් වන බැවිනි.

     අප පිරිසිදු මුදල් නෝට්ටු භාවිතා කළ යුත්තේ ඇයි ?ගනුදෙනු කිරීමේදී ප‍්‍රසන්න බවක් ඇති කරයි..රටක භාවිතයට පවිත‍්‍ර මුදල් නෝට්ටු මඟින් එම රටේ පුරවැසියන්ගේ පවිත‍්‍රතාවය හෙළි කරයි.මුදල් නෝට්ටු යොදා ඇති ආරක්‍ෂක සළකුණු පවිත‍්‍ර නෝට්ටුවල පහසුවෙන් හඳුනාගත හැකි බැවින් ව්‍යාජ නෝට්ටු බැහැර කළ හැකි වේ.අපවිත‍්‍ර මුදල් නොට්ටු බෝවෙන රොග බීජ වාහකයන් විය හැකිය.මුදල් ජාතික වස්තුවක් බව අප කවුරුත් දන්නා කරුණකි. එම නිසා ගෘහණියක් ලෙස ඔබත් සුරැකීමට බැඳී සිටී. සමහරක් විට ඔබ සිතාමාතා නොකළද නොසැලකිලිමත්කම නිසා මුදල් නෝට්ටු අපවිත‍්‍ර විය හැකිය. එසේ අපවිත‍්‍ර විය හැකි අවස්ථා ගැන සැලකිල්ලක් දක්වන්නේ නම් මුදල් නෝට්ටු ආරක්‍ෂා වනු ඇත.පවිත‍්‍ර මුදල් නෝට්ටු භාවිතය සඳහා අප කළ යුත්තේ,සිතාමතා මුදල් නෝට්ටුවල යම් යම් දේ ලීවිමෙන් හෝ ඇඳීමෙන් හෝ අන් අයුරකින් විකෘති කිරිමෙන් වැළකි සිටීම.මුදල් නෝට්ටු පොඩ් කිරීමෙන් හෝ ඉරා දැමීමෙන් වැළකි සිටීම.වේයන්, මීයන්, කාවුන් වැනි සතුන්ගේ හානි විය හැකි වන පරිදි මුදල් නෝට්ටු අනාරක්‍ෂිත ස්ථානවල තැබීමෙන් වැළකි සිටීම.තෙතමනය සහිත ස්ථානවල හෝ ගින්නෙන් හානි විය හැකි ස්ථානවල හෝ මුට්ටිවල හෝ පෙට්ටිවල මුදල් නෝට්ටු තැබීමෙන් වැළකි සිටීම.කිසියම් වැඩක යෙදීම නිසා අපිරිසිදුවු අත්වලින් මුදල් නෝට්ටු පරිහරණය කිරීමෙන් වැළකි සිටීම.ගෘහණියක් ලෙස මුදල් නෝට්ටු භාවිතයෙදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. මන්ද සංසරණයේ පවතින මුදල් නෝට්ටු අතර ව්‍යාජ මුදල් නෝට්ටු ඇති බව නිතරම අසන්නට ලැබෙන බැවිනි. හදිසියේ හෝ ඔබ අතට ව්‍යාජ මුදල් නෝට්ටුවක් පත් වුවහොත් ඔබද වැරැදිකරුවකු බවට පත්විය හැකිය. නමුත් ව්‍යාජ මුදල් නෝට්ටු අව්‍යාජ නෝට්ටුවලින් වෙන්කර ගැනීම සඳහා එහි ඇති ආරක්‍ෂක සලකුණු පිළිබඳව ඔබ සැලකිල්ලක් දක්වන්නේ නම් වංචනික මුදල් නෝට්ටු වලට හසුවීමෙන් වැලකිමට හැකියාව ලැබේ.

        ඔබ ව්‍යාජ මුදල් නෝට්ටුවක් හඳුනාගන්නේ කෙසේද?දිය සලකුණ : මෙය භාවිතයේ පවතින පරණ මුදල් නෝට්ටු වල සිංහ රූපය එකසේ දීප්තිමත්ව ද අලුතින් නිකුත් කරන මුදල් නෝට්ටු වල සිංහයාගේ කඩුව රූපයේ ඉතිරි කොටසට වඩා දීප්තිමත්ව පෙනෙන සේද යොදා ඇත.කපුරෙදි මිශ‍්‍රිත පල්පයකින් මුදල් නෝට්ටුව සාදා තිබීම. එසේම එම කඩදාසිය සාමාන්‍ය කඩදාසියක් මෙන් පාරජම්බුල කිරණ වැටීමෙන් ආලෝකය පරාවර්තනය නොකරයි.ආරක්‍ෂෂිත නූලක් අඩංගු කර ඇත.විනිවිද පෙනෙන සලකුණු : නෝට්ටුව ආලෝකයට දෙසට ඇල්ලු විට එහි ඉදිරි පස සහ පිටුපස පැතිවල පිහිටි විශේෂ සලකුණක් එකට සමපාත වන අයුරින් දැකිය හැකිය.ඉන්ටැගිලියෝ මුද්‍රණ ශිල්ප ක‍්‍රමයට අනුව නෝට්ටුවේ ඇතැම් ස්ථාන අතට දැනෙන පරිදි උස් මට්ටමකින් මුද්‍රණය කිරීම.මුද්‍රණය කර ඇති නෝට්ටුව ඇල කිරීමේදී නොට්ටුවේ පහළ මැද ආලෝකයට දිස්වන ලෙස නෝට්ටුවේ වටිනාකම සඳහන් කර ඇත.

      හදිසියේ හෝ ඔබ අතින් මුදල් නෝට්ටුවකට හානි වුවහොත් හෝ ඔබ අතර හානි වු මුදල් නෝට්ටු ලැබුණොත් හානි වු මුදල් නෝට්ටු වලට ගෙව්මි කරනුයේ කෙසේද? සමහර අවස්ථාවලදී මුදල් නෝට්ටුවම ඒ ආකාරයෙන්ම තිබුණද යම්කිසි හානි විමකට ලක් වී තිබිය හැකිය. එනම් නෝට්ටුවක් වෙන් නොවනසේ ඉරි තිබීම, කොටස් දෙකකට ඉරි වෙන්ව තිබීම වැනි අවස්ථා පෙන්වා දීමට පුළුවනි. එවැනි අවස්ථාවකදී බැංකුවකට, තැපැල් කාර්යාලයකට එලෙස හානිවු මුදල් නෝට්ටු ඉදිරිපත් කර එම වටිනාකම ලබා ගත හැකිය.වලක්වා ගත නොහැකි හේතුන් නිසා මුදල් නෝට්ටුවලට හානි සිදුවුවහොත් ඒ සඳහා වටිනාකම ගෙවිමේ බලය ශ‍්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී. නමුත් ඒවා සඳහා වටිනාකම ගෙවනු ලබන්නේ හුදු අනුග‍්‍රහයක් වශයෙන් පමණි. විකල වු මුදල් නෝට්ටු සඳහා සම්පුර්ණ වටිනාකම ලබා ගැනීමට නම් එම මුදල් නෝට්ටු,අව්‍යාජ විය යුතුය.නෝට්ටුවේ ඉතිරි වී ඇති ප‍්‍රමාණය ආසන්න වශයෙන් එහි සම්මත ප‍්‍රමාණයෙන් 3/4 පංගුවක් විය යුතුය.මුදල් නෝට්ටුවේ වම්පස හා දකුණු පස ඇති අංක දෙකින් එක් අංකයක් හෝ සම්පුර්ණයෙන් කියවා ගත හැකි විය යුතුය.මුදල් නෝට්ටුව කැබැලි කිහිපයකට ඉරී වෙන් වී ඇත්නම් එම කැබැලි එකම මුදල් නෝට්ටුවකට අයත් බවට හඳුනාගත හැකි විය යුතුය.අර්ධ වටිනාකම ලබා ගැනීමට නම් එම මුදල් නෝට්ටු අව්‍යාජ විය යුතුය.මුදල් නෝට්ටුවේ ඉතිරි වි ඇති කොටස සම්මත ප‍්‍රමාණයෙන් හරි අඩක් විය යුතු අතර එම කොටස තනි කැබැල්ලක් ලෙසින් තිබිය යුතුය.අංකය සම්පුර්ණයෙන් හා පැහැදිලිව තිබිය යුතුය.වර්තමානයේ දෛනික ජීවිතයේ ප‍්‍රධානම අංගයක් නම් උදේ රැකියාවට ගොස් හවස නිවෙසට පැමිණිමය. සැමදා අඛණ්ඩව රැකියාවට යෑමේ ප‍්‍රධාන අරමුණ නම් මුදල් ඉපයීමය. මන්ද පවුලේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමටය. එලෙස දැඩිවෙහෙසක් දරා ඔබගේ සැමියා ඔබ අතට පත් කරන මුදල එහි වටිනාකම ආරක්‍ෂාවන පරිදි ගනුදෙනු කිරිම වඩා වැදගත් වේ.එසේනම් ගෘහණියක් ලෙස වඩා වගකීමෙන් මුදල් භාවිතා කළ යුතුය. වෙළෙඳපළෙන් භාණ්ඩයක් මිලදී ගැනිමේදී එහි මිල සාධාරණද යන්න විමසා බැලිය යුතුය. කූට වෙළදුන්ට හසුවී ඔබගේ මුදල් නාස්ති විය හැකිය. නිකරුණේ මුදල් නාස්තිය වලක්වා ගත යුතුය. අද ආර්ථික රටාවත් සමඟ මුදල් වැදගත් සාධකයක් බවට පත් වි ඇති නිසා මුදල් අරපිරිමැස්මෙන් යෙදවිම ඉතා වැදගත් වේ.

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.