ලොව ප්‍රථම ගවේෂණාත්මක වාර්තාකාරිනිය -නෙලී_බ්ලයි ( Nellie Bly)


1864 පෙන්සිල්වේනියාවේ උපන් එලිසබත් කොච්‍න් නොහොත් නෙලී බ්ලයි කුඩා කළ ලිසී යන සුරතල් නාමයට භාජනය වූයේ කුඩා කල සිටම ඇය තම සහෝදරයන් පවා අභිබවා යාමට සමත් වූ නිසාය.. මැයගේ පියා ධනවත් මෙන්ම වෘත්තීන් වශයෙන් තැපැල් ස්ථානාධිපති වරයෙකු මෙන්ම විනිසුරුවරයෙකුද විය. එලිසබත්ට වයස අවුරුදු 5 පිරෙන විට ඇපලෝ නගරයට සිය පවුල සමඟ යාමට සිදු වුව ද එහිදී වසරක් ගත වත්ම ඇගේ පියා මිය යාම  ඈට තදින් බලපෑ කරුණක් විය.. තම පියාගෙන් ලද එකම දායාදය වූ පුස්තකාලය ඇයට සම්පතක් විය..

         එලිසබත් අධ්‍යාපනය ලැබුවේ කාන්තා පාසලක නෙවාසිකාගාරවය..ඇය නිවෙස බලා ආ විට පියාගේ පුස්තකාලයට වී පොත පත කියවීම පුරුද්දක් කොට ගෙන සිටියා ය. වයස අවුරුදු 20 ක් පමණ වන විට එකල ක්‍රමයට අනුව තරුණියන් විවාහ වීමට අවශ්‍ය විය..නමුත් එළිසබත්ට අවශ්‍ය වූයේ රැකියාවක් කිරීමටය... ඇගේ සිහිනය සැබෑ වීමේ පළමු පියවර ලෙස එවකට ඩිස්පැච් පුවත්පතේ ඇගේ ලිපියක් පල වී තිබුණේය..

        ඇය පුරුෂයාට මෙන්ම කාන්තාවට ද රැකියා අවස්ථා ලබා දිය යුතු බවට ලියූ එම ලිපිය ඒ පුවත්පතේ පල වී තිබුනේ ලියූ තැනැත්තාගේ ලිපිනය එවන ලෙස දන්වමිණි..එළිසබත් එය පුවත්පතට යවා තිබුණේ අත්සන සහිතව පමණි..ඇය වහාම පුවත්පත් කතුවරයා හමුවීමට ගියාය.. ගැහැණු පුලුටක් නොමැතිව පූර්ණ වශයෙන්ම පිරිමින් පමණක් කටයුතු කළ කාර්‍යාලයක් එහි විය.. ඇයට ප්‍රථම වතාවට වාර්තාකාරිනියක් ලෙස පත්වීමක් ලැබිණි...

       ඇය ලේඛන කලාවට ආරූඪ නාමයක් ලෙස නෙලී බ්ලයි ලෙස භාවිතා කළාය.එකල කාන්තාවන් රැකියා අංශය තුළ පත්ව තිබූ තාඩන පීඩන පිළිබදව ඇය වාර්තා කරන්නට විය..මේ නිසා සමාජයේ කැළඹීමට පත් විය..

     පසුව වැය මෙක්සිකොවේ විදේශ වාරකාරිනියක ලෙස පත්වීම් ලැබුවා ය.ඇය අසාධාරණය ,අයුක්තිය අභිමුව නොසැලී තම ලේඛන කලාව මෙහෙය වූවාය.. රාජ්‍ය තන්ත්‍රය විවේචනය කළාය ...පසුව ජෝන් පුලිට්සර් සහ ජෝන් ඒ කොකර්ල්ගේ  වර්ල්ඩ් ( world)  පුවත්පතේ සේවය කළාය..

      මෙය ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ශය විය.ඇය මානසික රෝහලක වෙස් වලාගෙන එහි පිඩා විඳින කාන්තාවන් පිළිබඳව තොරතුරු පුවත්පතට වාර්තා කරන්නට පටන් ගත්තාය. 'බ්ලැක්වේල්ස්' දූපතේ මානසික රෝහලක් වෙත් වෙස් වලාගෙන ගොස් ඇය රෝගී කාන්තාවන්ට එහි එල්ල වන අසාධාරණ සැලකිලි පිළිබඳව වාර්තා කළාය.. නෙලී එක් එක් රෝගින් සමඟ කතා කළාය.ඇතැම් කාන්තාවන්ට මානසික රෝග නොවූ අතර පවුලේ නොසලකා හැරීම් නිසා මෙසේ දුක් විඳීනට සිදු වී තිබිණි. ආහාර පාන හා රෝහල් කාර්‍යමණ්ඩලයේ අඩු සැලකිලි පිළිබඳව ඇය වාර්තා කළාය..

     ඇයට ලොව වටා ගොස් වාර්තා කිරීමට අවශ්‍ය විය.. 1889 නොවැම්බර් 19 වන දින් නැව් නැගි ඇය ලොව පුරා ගොස් ලෝකයේ කෙලවර සොයා යන ගමන ඇරඹීය. මේ වාර්තාවන් නිසා world පුවත්පත් උණු උණුවේ අලෙවි විය. 

      ඇය ශ්‍රී ලංකාවේ ගත කළ දින 5 ඇගේ ජීවිතයේ නව අත්දැකීම් සමුදායක් බව සඳහන් වේ.1923 ඇය මිය ගියද ඇය ඇමරිකාවේ හොඳම වාර්තාකාරිනිය ලෙස නම් දැරුවාය.



           Meenu Gunasinghe
(University of J'pura)

 (University of J'pura) 















                                                                                                                           

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.