Internet ගණුදෙනු සදහා Card ඒකක් පිළියෙල කරගමු.

Internet ගණුෙදනු සදහා Card ඒකක් පිළියෙල කරගමු.අන්තර්ජාලය තුල සිදු කරණු ලබන ඔන්ලයින ගනු දෙනු අද වන විට ලෝකය තුල ඉතාමත් බහුල වී ඇත.මන්ද යත් එහි පවතින ඉතා පහසු බව,කඩිනම් බව,විශ්වාසවන්ත බව හා නිවැරදි බව ආදී සාධක ඒ අතර ප්‍රධාන තැනක් ගනු ලබයි.එම නිසා අද වන විට ලෝකය තුල පවතින සංවර්ධිත මට්ටමේ රටවල් රාශියක් තම අවශ්‍යතාවන් සපුරා ගනු ලබනුයේ මෙම අන්තර්ජාල ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස වේ.ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පහසුකම අද වන විට ලංකාව තුල ජීවත් වන අප හටද උදා වී ඇති බව සතුටින් යුතුව දැක්වීමට කැමැත්තෙමු.නමුත් මෙම ක්‍රමය තුලද යම් යම් අවස්ථා වල දී තමා කරනු ලබන ගනු දෙනු වලදී පරිස්සම් විය යුතු තැන් නැතුවාම න‍ොවේ.එම නිසා අප බලාපොරොත්තු වන්නේ මෙම ලිපි හරහා නිවරදි ආකාරයට ඔබේ Debit card පත භාවිත කර ගනු දෙනුවක් කරන ආකාරය ගෙන හැර දැක්වීමයි.

      අපහට ඇති වන්නේ  වෙනස් අවශ්‍යතාවයන්ය.කෙනෙකුට ඇදුමක් ගන්නට අවශ්‍ය වන විට තවත් කෙනෙකුට අවශ්‍ය ව්න්නේ  තාක්ෂණික දෙයක් මිල දී ගැනීමටය.මෙම සියලු අවශ්‍යතාවයන් සපුරා ගන්නා අකාරය අපි තවත් ලිපියකින් විමසා බලමු.අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ කොහොමද නිවැරදි ආකාරයෙන් Visa Debit card එකක් බැංකුවෙන් ලබා ගන්නේ සහ එය අන්තර්ජාලයේ ගනු දෙනු සදහා සකසා ගන්නේ යන කරුණු ද්විත්වයට පිළිතුරු ලබා දීමටයි.

       ප්‍රධාන වශයෙන් HNB බැංකුවෙන් ලබා දෙන වීසා කාර්ඩ් එක ගැන අද මම වැඩි වශයෙන් කතා කිරීමට බලාපොරොත්තු වන බව පළමුවෙන්ම දක්වා සිටිමට කැමැත්තෙමු.මන්ද යත් ම‍ාගේ අත්දෑකීම් ගොනු වී පවතින්නේ එම කාඩ් පත මුල් කරගෙන වීම නිසාවෙනි.නමුත් සම්පත් බැංකුවෙන් ලබා දෙනු ලබන සම්පත් අන්තර්ජාල කාර්ඩ් පත,කමර්ෂල් බැංකුවෙන් ලබා දෙන වීසා කාඩ් එකද නරකයැයි කිව නොහැක.මා කතා කරන්නේ එක් බැංකුවක් නිදසුනක් වශයෙන් ගෙනය.එම කරුණු නිසි ආකාරයෙන් අවබෝ්ධ කරගෙන අනික් බැංකු වලට ද එම ක්‍රමය අනුගමනය කරාටකම් නැත.

1.කොහොමද නිසි අකාරයෙන් බැංකුවෙන් විසා කාර්ඩ්පතක් ලබා ගන්නේ?

        HNB බැංකුවේ බැංකු ගනුමක් දැනටමත් පවතින්නේ නම් නව බැංකු ගිනුමක් ආරම්භ නොකිරීමට වග බලා ගන්න.නමුත් එසේ ගිනුමක් නොමැති නම් අලුතින් නව ගිනුමක් ආරම්භ කරන්න.ඔබට නව ගිනුමක් ආරම්භ කිරිමේ දී අවම ශේෂය වශයෙන් රු.3000 මුදලක් ගිණුමට බැර කිරීමට කියනු ලබයි.(ශාඛාවෙන් ශාඛාවට වෙනස් වේ).ඉන් අනතුරුව ඔවුන් විසින්ම ඔබගේ නව ගිනුමේ අයදුම් පත්‍රය පුරවනු ලබයි.එම නිසා ඔබ එම පිරවීම සිදු කරන අතරතුර "නෝනා,මහත්තයා(Madam,Sir) මට වීසා කාර්ඩ් එකක් අවශ්‍යයි අන්තර්ජාලය තුල ඔන්ලයින් ගනු දෙනු කිරීම සදහා"යනුවෙන් ඔවුන් වෙත පවසා සිටින්න.ඉන් පසු ඔබගේ අත්සන් ලබා ගෙන ඔබහට  HNB Visa Debit card පතක් එම මොහොතේ දීම ලබා දෙනු ලබයි.අනිකුත් පෞද්ගලික බැංකු වල ද මා දන්නා අකාරයට මෙම ක්‍රියා පිටිපාටිය ඔවුන් විසින් අනුගමනය කරණු ලබයි.එම නිසා ඔබට මා පවසන ඉහත බැංකුව තුලින් පමණක්ම මෙම කාඩ් පත ලබා ගත යුතුයැයි කියා නියමක් නැත.නමුත් මා දන්නා අකාරයට මෙම කටයුත්ත සිදු කිරීමේ දී ඉතාමත් හොදින් අප හට අනගි සහයක් ලබා දෙමින් කටයුතු කරන බැංකුවක් ලෙස මෙම  හැටන් නැෂනල් බැංකුව නම් කර හැකිය.
               
            මෙම කටයුත්ත සිදු කල මාගේ සමීපතයන් කිහිප දෙනෙකුම කියා සිටියේ කමර්ෂල් බැංකුවද එසේම සම්පත් බැංකුවද මෙම කටයුත්ත සිදු කරීම සදහා අනගි සහයක් ලබා දෙන බවයි.HNB Visa card එකේ PIN(රහස් අංකය) එම මොහොතේ දීම ලබා දෙනු ලබයි.එම අංකය ඔබට එළියේ පෙට් යන්ත්‍ර තුලින් ගනු දෙනු කිරීම සදහා ප්‍රයෝජනවත් වේ.එසේම තවත් Internet password එකක් ලබා දෙනු ලබයි.එයද වෙනම ලිපියක් ලෙස ලබා දෙය. මේ ආකාරයෙන් ඔබ අතට රහස් අංක සහිත ලිපි දෙකක් ලබා දෙනු ලබයි.සතියේ දිනයක් නම් අවම දින දෙකක් ඇතුලත දී ඔබගේ විසා කාරඩ් පත සක්‍රීය කර දෙනු ලබයි.එසේම සති දෙකක් ඇතුලත දී ඔබට තවත් අන්තර්ජාල රහස් අංක සහිත ලිපියක් තැපැල් මාර්ගයෙන් ඔබ අතට පත් වනු ඇත.නමුත් මෙහි දී ප්‍රයෝජනවත් වන ලිපියක් වන්නේ එලියේ ගනු දෙනු කිරීම සදහා ලබා දෙනු ලබන ලිපියේ අංකය පමණයි.නමුත් අන්තර්ජාලයේ ගනු දෙනු සදහා එය ද ප්‍රයෝජනවත් නොවේ.එම නිසා එම ලිපි තුන ප්‍රවේශම් සහිත තැනකින් තබා ගන්න යම් දිනක එය ප්‍රයෝජනවත් වන නිසාවෙන්.ඔබට ලැබෙන විසා කාර්ඩ් පතේ රූප සටහනක් ඉහත රූප සටහන් අංක 01 තුලින් දැක ගත හැකිවේ.


 2.අන්තර්ජාල ගනු දෙනුවක් සදහා කාඩ්පත සූදානම් කර ගන්නේ කෙසේද?


       කාඩ් පත යම් දින ගනනකින් පසු සක්‍රීය වන කරුණ සබෑය නමුත් මෙම කාඩ්පත අනතර්ජාල ඔන්ලියින් ගනු දෙනු සදහා නැවත වරක් සක්‍රීය කර ගැනීම අනිවාර්යය වේ.ඒ සදහා හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන ශාඛාව තුල පිහිටි කාර්ඩ් සෙන්ටර් එකට දුරකථන ඇමතුමක් ලබා දීමට සිදු වේ. ඒ සදහා නිසි ආකාරයෙන් ඔබගේ දුරකථනය රී චාර්ජ් කර ගන්න.මන්ද යත් එහි Customer care වැඩසටහනක් ක්‍රියාත්මක වන නිසාවෙනි. ඉන් පසු  011-246 24 62 යන අංකයට ඇමතුමක් ලබා ගන්න. ඉන් පසු පහත පියවර අනුගමනය කරන්න.
  1.   011-246 24 62 යන අංකයට ඇමතුමක් ලබා ගන්න. සිංහල භාෂාව සදහා අංක 01 ඔබන්න.
  2.   කාඩ්පත් සේවා සහය සදහා අංක 01 නැවත වරක් ඔබන්න.
  3.  දැන් මෙතැන් සිට ඔබගේ සියලුම සංවාදයන් පටිගත කිරීමක් සිදු වන නිසා අත්‍යවශය කරණු පමණක් කතා බහ කරන්න.
  4.  "මැඩම්, සර් මට මගේ විසා කාඩ් එක අන්තර්ජාල ගනු දෙනු සදහා සකසා ගන්න ඕනැ එය සිදු කර දෙන්න පුලුවන් ද"
  5. ඉන් පසු ඔවුන් ඔබගේ කාඩ් පතේ ඉදිරි පස ඇති අංක 16 යුත් අංක අසනු ඇත එය ලබා දෙන්න(රූප සටහන් අංක 01 හි රතු පාටින් රවුම් කර ඇත).
  6. එසේම කල් ඉකුත් වීමේ දිනය අසනු ලබයි එය මම රූප සටහන් අංක 01 හි කහ පාටින් රවුම් කර ඇත එය ලබා දෙන්න.ඔවුන් අසනවා කාඩ් පත කුමන දින වෙන තුරු සක්‍රීය මට්ටමේ තබන්නද කියා ඔබ පවසන්න කාඩ් පතේ ඇති කල් ඉකුත් වීමේ දිනය දක්වාම එය සක්‍රීය මට්ටමින් තබන්න යනුවෙන්.
  7. දැන් ඔබගේ ජ.හැ.අංකය හා උපන් දිනය විමසනු ලබයි එය ඔවුන්ට ලබා දෙන්න.
  8. දැන් ඔබගේ අන්තර්ජාල ගනු දෙනු සදහා කාඩ් පත ඔවුන් එම මොහොතේ දීම සකසා දෙනු ලබයි.
  9. දැන් ඔබගේ කාඩ්පත ගනු දෙනු සදහා සියල්ල සුදානම්.
 ගනු දෙනු කිරීම පිළිබදව අවබෝධයක් ඇත්නම් දැන් ඔබට අවශ්‍ය ගනු දෙනු අන්තර්ජාලය තුලින් සිදු කිරීමට හැකි වේ.එසේ ගනු දෙනු කිරීම පිළිබදව අවබෝධයක් නොමැති නම් එය සිදු කිරීමට නොයන්න.අප ලගදීම ලිපියක් තුලින් එම මතෘකාව ලිපිබදව කතා කරමු.සැළකිය යුතුයි මෙම ඉහත කරුණු සිදු කිරීම් දී ඔබ අතින් සිදු වන වැරදි අඩු පාඩු අපහසුකම් සදහා අප විසින් වග නොකියයි.මෙම ලිපිය හුදෙක්ම නිවැරදි තොරතුරු වලින් අනූන වන අතර ඒ සම්බදයෙන් වගකීම් අප බාර ගනු නොලැබේ.
                   ඔබට මෙම ලිපිය අනිවාර්යෙන්ම ඔබගේ ඉදිරි කටයුතු සදහා අශිර්වාදයක් වනු ඇත.මෙම අඩවියේ ඉදිරි උන්නතිය හා ඔබගේ දැනුම තවදුරටත් වර්ධනය කර ගැනීම සදහා ඔබගේ අදහස්, යෝජනා,උපකාර අපි නිරනත්රයෙන්ම බලා පොරොත්තු වේ.එය පහතින් ඇති අදහස් දැක්වීමේ තීරය තුල ලියන්න.එසේම මෙම ලිපිය ඔබගේ සමාජ ජාල අඩවි තුල පළ කර මෙහි ඉදිරි උනන්තිය සදහා පිටුවහලක් ලබා දෙන මෙන් ද  කාරුණිකව ඉල්ලා සිටිනවා.

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.