දැනගෙන යන්න කෙලෙස්book...

දැනගෙන යන්න කෙලෙස්book...2014 මාර්ක් සකර්බර්ග් තරුණයා සිය මිතුරන් සමග එක්ව සරසවියට සීමා කරමින් ආරම්භ කල මෙම සමාජ ජාලය සමස්ථ ලෝකවාසීන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ කාලය කා දමන ඔවුන් තුල කෙලෙස් වගා කරන උන්මාදයක් බවට පත්වනු ඇතැයි එදා සකර්බර්ග් වත් නොසිතන්නට ඇත.එහෙත් අද ඒ වින්නැහිය සිදු වී හමාරය.ආරම්භ කර සුළු කාලයකින් ඇමරිකාව ඇතුලු රටවල් ගණනාවක් පුරා ව්‍යාප්ත වී මසකට මිලියන 400 ක් පමණ සාමාජිකයන් පැමිණෙන ලොව විශාලම සමාජ ජාල වෙබ් අඩවිය බවට මේ කෙලෙස් උල්පත පත්වු අතර 2014 වන විට බිලියන 1.20 ක් පමණ මේ පරිශීලකයන් පිරිසක් මේ උවදුරට ගොදුරු විය. මෙය මිනිසුන් තුළ ඇති රාග, ද්වේශ, මෝහ වැඩිදියුණු කිරීමටත් නැති රාග, ද්වේශ, මෝහ ඉපදවීමටත් මම ය මාගේ ය යන සක්කාය දිට්ඨිය ‍හොඳටම ඇණ ගසා තද කිරීමටත් නිමවුණු නිර්මාණයකි.


   මේ වන විට ඇතිවී තිබෙන ප්‍රවනතාවය නම් දරුවෙක් ඉපදුණු කළ මිසදිටු ආසියාතිකයන් විසින් මීට පෙර හැදූ කේන්දරයටත් කලින් උපන් සැනින් දරුවාගේ සේයා රූ ඇතුලත් කොට මව හෝ පියා විසින්ම තම දරවාට කෙලස් බුක් ගිනුමක් ආරම්භ කර දීමයි.ඉන්පසු මේ ගිණුම තුළ දරුවාගේ පින්තූර සහ සියලු තොරතුරු යාවත්කාලීන කරමින් පවත්වාගෙන ගොස් පිය උරුමයෙන් ලද දායාදය ලෙස අද දරුවන්ට දෙන දායාදය මේ රාග, ද්වේශෙ, මෝහ පැටව් ගසන කෙලස් බුක් ගිණුමයි.අද සමාජය තුළ යම් මතවාදයක් වේගයෙන් සමාජගත කිරීමට සුදුසුම මාධ‍්‍යය බවට කෙලෙස් බුක් පත් වී ඇත.නමුත් මෙහිදී වැඩි වශයෙන් අත්තටු ලැබෙන්නේ කෙලෙස් අවුස්සන හා හැඟීම් කුළුගන්වන මත සහ පණිවිඩ වලට වීම මෙය කෙලෙස් බුක් ලෙස හැඳින්වීම වඩා නිවැරදි බව තහවුරු කරනු ඇත.


මිනිසා තුළ නැති උවමනාවන් ඇති කරමින් අතේ ඇති සුළු මුදල පවා නිකරුණේ ඩැහැ ගන්නා ‍වෙළඳ භාණ්ඩ හා සේවා ප්‍රචාරණ කටයුතු වලට ‍තෝතැන්නක් බවට මේ කෙලෙස් බුක් පත් වී හමාර ය. එකිනෙකාගේ අදහස් හා ප්‍රචාර ලියූ වීඩියෝ ලෙසසජීවීව සමාජයට මුදා හැරීමේ පහසුකම ද අද මෙයට එක් කොට ඇත.අතීතයේ සිට මිනිසුන් අතිශය පෞද්ගලිකව තම දින පොතේ පමණක් සටහන් කළ දෑ අද කිසිදු හිරිකිතයකින් තොරව ලොවටම පෙනෙන්නට status මඟින් ප්‍රසිද්ධ කිරීමට මේ සකර්බර්ග් මාවතේ ගමන් කරන්නන් නොපැකිලති.Pages තුළ අසැබි පින්තූර සහිත පිටු ඇතුලත් කරමින් විවිධ කාමාතුරයන් අද අපේ තරුණ පරපුරේ වටිනා කාලය මෙන්ම චරිතය ද කෙලසා අවසානය.


 "පනින රිලවාට ඉනිමං තැබුවාක් මෙන්" අද දරුවන් අතට දෙමාපියන් ලබාදෙන දෙවන කෙලෙස් උල්පත ස්මාර්ට් දුරකථනය යි... "අනේ....දැන් කාලේ ඉස්සර වගේ හදන්න බෑ. ඒ අය සමාජයට යන්න නම් මේවා ඕනෙමයි. නැත්තන් කොන් වෙනවනේ..." මෙසේ කියමින් දරුවාගේ කෙලෙස් බුක් පිටුවටම මූණ ඔබාගෙන කෙ‍ලෙස් රසවිඳින අවාසනාවන්ත අද අප රට ද පිරී යමින් ඇත.මේ දරුවන් දැන් ඉන්නේ වෙනම ලෝකවල ය...ගෙදර සිටියත් දෙමාපිය ඇසුරක් නැත. නෑදෑ ගෙදරකට ගියත්වැඩිහිටි උගත් පිරිසක් අතරට ගියත්පොදු රැස්වීමකට ගියත් ඒ අය ඉන්නේ සකර්බර්ගේ ලෝකයේ ය.


    ලෝකයේ කොහේ හෝ අසංවර මිනිසෙකු විසින් නිර්මාණය කළ පින්තූරයක් තමන් ද share කර ඒකට වැටෙන likes ගනිමින්, comments කියවමින් මේ අය සතුටු වෙති. තමාගේ විවිධ කෝණවල සෙල්ෆි හා සේයා රූ පළකරමින්...ඒවා මහජන ප්‍රදර්ශනයට දමා මම කියන, මගේ කියන හැඟිම හෙවත් සක්ඛාය දිට්ඨිය හොඳට හිරකර ගනී.රාජ්‍යය හා ප්‍යෙද්ගලික ආයතනවල වටිනා රාජකාරි කාලයෙන් බොහෝ වෙලාවක් මේ සඳහා ගතවන බව නොරහසකි. රාජ්‍යය නායකයා හා රජය කරවන්නන් අත පෙර දවස පටන්ම වැරදි තිබෙන්නට ඇත. නමුත් ඔවුන් පිළිබඳ යම් ගරුසරුවකින් කටයුතු කිරීමේ ගුණය එදා සමාජය තුළ තිබුණි...එහෙත් අද මේ කෙලෙස් බුක් පිටු අතර තම රාජ්‍යය නායකයන්ගේ මුහුණු වලට විවිධ උසුළු විසුළු කොට, පරිභව කරමින් පුහු වීරයන් වීමට වෙර දරන පාපතර තරුණ පරපරාවක් බිහි වී ඇත.ඔවුන් තම දෙමාපියන්ට වුවද මෙසේ කිරීමට පසුබට නොවන පාපතරයන්ගේ මුල් පුරුක වී හමාරය.සසර දුකින් අත්මිදීමට සිවුරු දරාගත් යතිවරයාණන් වහන්සේලා ද අවාසනාවන්ත ලෙස දැන් මෙහි ගොදුරක් වී ඇති බව කණගාටුවට කරුණකි.
  



             ඒ අතර කෙලෙස් පොතේ පිටු යොදාගෙන ධර්මය ප්‍රචාරය කිරීමට වෙර දරණ කීප දෙනෙක්ද මේ අතර නැතුවාම නොවේ. ඔවුන්ද මේ අවධානමට ගොදුරු වීමට ඉඩ ඇත. ලෝකයේ මිනිසුන්ට යා යුතු මග කියාදෙන්නට ශාස්තෘවරයෙක් පහළ වී නොතිබූ පරිසරයක් තුළ ඔවුන් සකර්බර්ග් සරණ ගියාට, සකර්බර්ග් වාදීන් වූවාට කම් නැත. එහෙත් අපට එදා මෙදා තුර ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මාර්ගෝපදේශකයාණන් වහන්සේ මුණගැසී ඇත. ඒ ධර්මය පිරිසිදුව කතා කරන යුගයක උපදින්නට ඔබ පින් කර ඇත. ඒ ධර්මය පිරිසිදුව ඇසෙන දේශයක ඉපදුණු වාසනා ගුණය ඔබ සතු ය. ඒ නිසා පින්වත් මිනිසුනේ ඔබ කෙලෙස් පොතට ඇතුලත් කරන පින්තූරයක් හෝ සටහනක් ඔබට මහත් සේ පව් පුරවමින් මරණින් මතුවත් ඔබට පව් පුරවමින් සැරිසරයි.ඔබේ රටදැයබුදු සසුන වෙනුවෙන් වැය කරන්නට තිබෙන වටිනා කාලය කා දමන්න එපා.


ධනුෂ්ක ප්‍රසාද් 
(ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.