දේශපාලන විද්‍යාවේ ආරම්භය



දේශපාලන විද්‍යාවේ ආරම්භය
දේශපාලන විද්‍යාව යනු අග්‍රගණ්‍යම සමාජ විද්‍යාවකි. මෙම විෂය ඉතා ඈත අතීතයකට උරුමකම් කියයි. දේශපාලන විද්‍යාව විෂයක් ලෙස අධ්‍යයනය කිරීම ආරම්භ වූයේ ග්‍රීක යුගයේදී ය. දේශපාලන විද්‍යාවේ ආරම්භය හා විකාශය පිලිබදව සැලකීමේදී ප්‍රධාන යුග හතරකට බෙදිය හැක . ග්‍රීක , රෝම , මධ්‍යතන හා නූතන යුග ලෙසය. ක්‍රි.පූ.5,4,3 සියවස් ග්‍රීක යුගයට අයත් වන අතර මෙම විෂය මූලික වශයෙන්ම අධ්‍යයනය කිරීමට යොමු වී ඇත්තේ මේ කාලයේය. ග්‍රීක දේශපාලන දර්ශනය සොක්‍රටීස්ගෙන් ආරම්භ වූ අතර ඔහුගේ අනුගාමිකයන් වූ ප්ලේටෝ හා ඇරිස්ටෝටල් දාර්ශනිකයන් විසින් මෙම විෂය වර්ධනය කර ඇත.

දේශපාලන විද්‍යාව විද්‍යාත්මකව අධ්‍යයනය කිරීමේ ආරම්භකයා වූයේ ඇරිස්ටෝටල් ය. ඔහු ග්‍රීසියේ පෞර රාජ්‍ය ගණනාවක පාලනය සිදුවන ආකාරය අධ්‍යයනය කිරීමට නව විෂයක් හදුන්වා දෙන ලදි. පසුව දේශපාලන විද්‍යාව බවට පත්වන්නේ එයයි. මෙම යුගයේ ප්‍රධාන අධ්‍යයන මාතෘකාව වූයේ රාජ්‍යය පිලිබද හැදෑරීමයි .

Aristotle
ක්‍රමිකව ග්‍රීක යුගය බිද වැටීමෙන් පසු රෝම යුගය ඇරඹෙයි. මෙම යුගයේ වැදගත් චින්තකයන් ලෙස පොලිබියස් , සිසරෝ හා සෙනකා යන අය වැදගත් වෙයි. මෙම යුගයේ ද ප්‍රධාන අධ්‍යයන මාතෘකාව වූයේ රාජ්‍ය පිලිබද හැදෑරීමයි . ක්‍රි.පූ. 15 වන සියවස අවසාන වන විට රෝම යුගය බිදවැටී මධ්‍යතන යුගය බිහිවේ. මෙම යුගයේ දේශපාලනය කතෝලික පල්ලියේ ආගමික බලයට යටත් ක්‍රියාත්මක වී ඇති අතර ශාන්ත පෝල් , ශාන්ත ඔගස්ටීන් හා ශාන්ත තෝමස් ඇක්වයිනාස් යන පූජකවරුන් වැදගත් චින්තකයන් වේ. මෙම යුගයේ දී  දේශපාලන විද්‍යාවට නව සංකල්ප එක් නොවූ අතර රාජ්‍යය ප්‍රධාන අධ්‍යයන මාතෘකාව විය.
ක්‍රි.පූ.4 වන සියවසේ ග්‍රීක යුගයෙන් පටන් ගෙන ගෙවුණු රෝම හා මධ්‍යතන යුග හරහා නූතන යුගය දක්වා දේශපාලනය අධ්‍යයනය කළ සියලු දෙනා අවධානය යොමුකළේ රාජ්‍ය හා සම්බන්ධ විවිධ අංශ පිලිබදවයි. අනුව රාජ්‍ය , ආණ්ඩුව , විවිධ රාජ්‍ය ක්‍රම හා ආණ්ඩුක්‍රම වැනි කරුණු පිලිබද විෂය අධ්‍යයනය කිරීමේ දී මෙම යුගවල අවධානය යොමු වී ඇත.

නූතන යුගය ආරම්භ වන්නේ 16 වන සියවසේදී . මෙම යුගයේ ආරම්භක වැදගත් ම චින්තකයා වන්නේ නිකලොයි මැකියාවේලි ය. ඔහු දේශපාලන විද්‍යා විෂයට නව මාතෘකාවක් වන බලය පිලිබද කරුණු දැක්වීය. ඔහු හැරුණු කොට මෙම බලය පිලිබද අදහස් දැක්වූ චින්තකයන් අතර තෝමස් හොබ්ස් , මැක්ස් වේබර්ස් , හැරල්ඩ් ලැස්වේල්, කැට්ලින් කප්ලාන්, මොගන්තෝ වැනි අය වැදගත් වේ.

17,18,19 සියවස් වන විට ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම වර්ධනය වූ අතර සමග දේශපාලන විද්‍යාවට නව මාතෘකා ගණනාවක් එක්විය . අතර දේශපාලන පක්ෂ , නියෝජන ක්‍රම , නීතිය , අධිකරණ යන අංශයන්ට වැදගත් තැනක් හිමිවෙයි. 20 වන සියවස වන විට තව දුරටත් දේශපාලන විද්‍යාවේ කරුණු වේගයෙන් වර්ධනය වූ අතර ඊට ii වන ලෝක යුද්ධයෙන් පසු ඇති වූ දේශපාලන තත්වය හේතු වී ඇත . අනුව ගැටුම් නිරාකරණය හා කලමනාකරණය , අන්තර්ජාතික දේශපාලනය, රාජ්‍ය පරිපාලනය , දේශපාලන සංස්කෘතිය වැනි විවිධ අංශ දේශපාලන විද්‍යාවට එක් වී ඇත.

පියුමි මධුෂිකා
(ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.