
ඉයර්ෆෝන් භාවිතා කිරීම නිසා ශ්‍රවණාබාධ ඇති වෙන බව විද්‍යාත්මකව තහවුරු වී ඇත. ඉයර්ෆෝන් එකක් හරි හෙඩ්ෆෝන් එකක් හරි නැති කොල්ලෙක්,කෙල්ලෙක් අද හොයාගන්නවා බොරුනේ.ඉස්සරනම් ඇඟ වයරින් කරගත්තු ඩයල්නෙ හිටියේ.ඒත් දැන් කස්ටියම බ්ලූටූත් වලට බැහැලා.මොනා හරි කමක් නෑ මං මේ කියන්න යන්නේ හෙඩ්ෆෝන්,ඉයර්ෆෝන් හින්දා අපි අමාරුවේ වැටෙන හැටි ගැන.ඉයර්ෆෝන්,හෙඩ්ෆෝන් හින්දා කන් බිහිරි වෙන්න පුළුවන් කියන කසු කුසුව ඇදුනේ 80 දශකයේ වොක්මන් යන්ත්‍ර එළිදැකපු කාලේ ඉඳන්.ඒත් ඒක පික්සු කතාවක් කියලා හැමෝම ඒ කතාව පැත්තකට දාලානෙ තිබුනේ.ඒත් දැන් නම් පුතේ ඒ සෙල්ලම් හරියන්නෑ
ඉයර්ෆෝන් හින්දා ශ්‍රවණාබාධ හෝ කන් බිහිරි වෙන්නට පුළුවන් බව දැන් විද්‍යාත්මකව තහවුරු කරලා තියෙනවා.එංගලන්තයේ ලේසෙස්ටර් විශ්ව විද්‍යාලයේ මාටින් හමාන් ඇතුළු පර්යේෂකයන් හොයාගෙන තියෙන්නේ ඩෙසිබල්(dB) 110 කට වඩා වැඩ් ශබ්දය ස්නායු සෛල විනාශ කරනවා කියලා.ස්නායු සෛල ඒ කියන්නේ නියුරෝන තුළින් ගමන් කරන ස්නායු ආවේග පිටතට කාන්දු වෙන්නැතුව හරියටම ඒ ඇතුලෙන් ගමන් කරන්නේ නියුරෝන වලට පිටින් තියෙන මයලින් කොපුව කියන ආවරණය හින්දා.ඒත් ඩෙසිබල් 110ට වඩා වැඩ් ශබ්ද නියුරෝන තුළින් නිතරම ගමන් කරද්දී මයලීන් කොපුවෙන් ස්නායු සෛල වෙන් වෙනවා. කනේ ඉඳලා මොළයේ සෛල පාලක ස්ථානය හෙවත් ශ්‍රවණ බාහිකයට ආවේග අරන් යන ස්නායු මේ අනතුරට ලක් වුනාම නියමාකාර විධිහට ආවේග ගමන් කරන්නැති හින්දා ශ්‍රවණාබාධ ඇති වෙනවා.
එච්චරක් විතරක් නෙවෙයි මචං ඩෙසිබල් 110ට වැඩ් හඬ නිතරම ඇහුවොත් සදහටම බීරෙක් වෙලා තමයි නවතින්නේ.ඒ කියන්නේ ඉල්ලං කන එක උපරිමෙන්ම කෑහැකි.මේවා මං කියන ඒවා නෙවෙයි පර්යේෂකයන් තමයි හොයාගෙන තියෙන්නේ.තව ඒ අය හොයාගෙන තියෙනවා ඉයර්ෆෝන් හරි හෙඩ්ෆෝන් හරි වලින් නික්මෙන හඬ අඩි 100ක් දුර ඉඳලා මැන්නත් ඩෙසිබල් 140ක් වෙනවා කියලා.පිස්සු හැදෙයි නේද? ඉයර්ෆෝන් පාවිච්චි කරන හැම සිය දෙනෙක්ගෙන් පනස් තුන්දෙනෙක්ට ශ්‍රවණාබාධ ඇතිවෙලා තියෙන බව ඇමරිකාවේ කථන, භාෂා හා ශ්‍රවණ සංගමය හෙවත් ආෂා (ASHA-The American Speech-Language-Hearing Association) ආයතනය පහුගිය අවුරුදු 10 පුරාවට කරපු සමීක්ෂණ වලින් හෙලිවෙලා තියෙනවා.
ගීත අසන්නට, රේඩියෝ අසන්නට, ජංගම දුරකථනයෙන් කතා කරන්නට මේ කියන ඕනැම දෙයකට අපි ඉයර්ෆෝන් පාවිච්චි කරනවනම් අපේ කන් දෙක ගැන ආසාව අතෑරගත්තට කමක් නෑ පුතේ.මේ ගැන සමීක්ෂණ කරපු ඇලෙක්ස් ජොන්සන් , CNN පුවත් සේවයට කියලා තිබුණා ඉයර්ෆෝන් පාවිච්චි කරන වැඩි දෙනෙක් ටිනිටස් තත්වය පෙන්නුම් කරනවා කියලා. මොකක්ද මේ ටිනිටස් කියන්නේ?ඉන්නකෝ කියලා දෙන්න.ටිනිටස් තත්වය කියලා කියන්නේ කන ඇතුලේ තරමක කුරු කුරුවක් ඉබේම ඇහෙන අවුලක්.මේක බීරි බවේ මුල්ම සංඥාවක්.ඒක ගනන් ගන්නැතුව හිටියහම කුරු කුරුව තදින්ම ඇහෙන්න ගන්නවා.ඒ තමයි අන්තිම අනතුරු ඇඟවීම.ඒකත් ගනන් ගන්නැතුව හිටියහම බීරෙක් වෙලා තමයි නවතින්නේ.සැප කනේ නේද?
මේ විදියට කුරු කුරුවක් ඇති වෙන්නේ ඩෙසිබල් අගය ඉහළ ශබ්දය කනට නිතරම ඇතුල්වීම හින්දා.සාමාන්‍යයෙන් ඩෙසිබල් 80ශබ්දය හොඳ වුනත් ඊට වඩා සියක් වාරයකටත් වඩා ප්‍රබල ඩෙසිබල් 110 ශබ්දය නිතරම කර්ණ සංඛය තුළ තියෙන ශවණ සංවේදී ස්නායු තුඩු විනාශ කරනවා.ඊට පස්සේ සැකයක් තියාගන්න එපා ඔයා සදාකාලික බීරෙක් වෙලා තමයි නවතින්නේ...
-ධනුෂ්ක ප්‍රසාද්-
(ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය)
