පරිගණක පරම්පරා

පරිගණක පරම්පරා.
සෑම ජීවියකුට මෙන් ම පරිගණකයට ද එයට ම පොදු වූ පරම්පරාවක් තිබේ.අද ඔබ දකින පරිගණකය මීට වසර කිහිපයකට පෙර පැවතියේ කෙසේ ද ,ඒ සඳහා භාවිතයට ගන්නා ලද තාක්ෂණයන් මොනවාද ,එහි කාර්යක්ෂමතාවයන් කෙබඳු ද යන ආදී කරුණු පිළිබඳ ව අප මෙම ලිපියෙන් මෙම ලිපියෙන් විමසා බලමු.ඇතැම් විටක කෙනෙකු මෙම පරම්පරා පිළිබඳව දන්නවා විය හැක.තවත් විටක මේ පිළිබඳව කිසිම දෙයක් නොදන්නවා විය හැකි ය.දන්නා අයට මෙන්ම නොදන්න අයට ද වඩාත් හොඳින් දැන ගැනීම සඳහා මෙම ලිපිය සකස් කරමි.පරිගණකයට ඒ සඳහා අවශ්‍ය පළමු අඩිතාලම සකස් කරනු ලබන්නේ චාල්ස් බැබේජ් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා විසිනි.ඔහු සලකනු ලබන්නේ පරිගණකයේ පියා ලෙසිනි .මන් ද යත් ඔහු විසින් සම්පාදනය කරන ලද ඇබකස් යන්ත්‍රය එනම් බෝල රාමුව පරිගණක නිර්මාණය වීම සඳහා පළමු අඩිතාලම දැමූ අවස්ථාව ලෙස පෙන්වා දිය හැකිය.එසේ ම ඔහු විසින් විටින් විට සම්පාදනය කරන ලද අනෙකුත් යන්ත්‍ර දෙස බලන විට ඔහු විසින් සම්පාදනය කරන ලද difference engineසුවිශේෂී ස්ථානයක් ගනු ලබයි.මන්ද යත් මීට පෙර නිර්මාණය කරන ලද කිසිදු යන්ත්‍රයක දත්ත ආදාන ,එසේ ම සකස් කිරීමක් මෙන්ම ගබඩා කිරීම හා ප්‍රතිදානයක් දක්නට නොලැබිණි.ඔහු විසින් ලබා දුන් එම අත්තිවාරම නිසා අද ඔබ අත ඇති පරිගණක සියල්ලම නිර්මාණය වී ඇත .එසේ නම් පරිගණක පරම්පරා පිළිබඳ ව අවධානය යොමු කරමු.


1.පළමු පරම්පරාව 
මෙම පරම්පරාව සුවිශේෂී වන්නේ පරිගණකය නිෂ්පාදනය සඳහා භාවිතයට ගන්නා තාක්ෂණය නිසා ය.මෙම පරම්පරාවේ දී පරිගණකය නිෂ්පාදනය සඳහා රික්තක නල තාක්ෂණය භාවිතයට ගන්න අතර මෙම පරම්පරාව තුළ පරිගණක ඉතාම විශාල මට්ටමක පැවති ය .එම නිසා ප්‍රායෝගික වශයෙන් මෙය නඩත්තු කිරීම ඉතාමත් අපහසු මට්ටමක පැවතිණි.ඇතැම් විට එම පරිගණක සුවිශාල වූ ශාලාවකට සම කළ හැකිය.එසේ ම විටින් විට රික්තක නල දැවී අළු වී යාම නිසා ඒවා මාරු කිරීම සඳහා වෙනමම වෙහෙසක් දැරීමට සිදු විය .කාර්යක්ෂමතාව අතින් ගත් විට ඉතාම පහළ මට්ටමක මෙම පරිගණක පැවතිණි.ඇතැම් විට ගණනය කිරීම තත්පරයට 5000-10000 අතර අගයක් ගන්නා ලදී . පරිගණකය තවත් තැනකට ගෙන යා හැකි මට්ටමක නොපැවතිණි .


2.දෙවන පරම්පරාව 
මෙම පරම්පරාවේ ඇති පරිගණක නිෂ්පාදනය සඳහා භාවිතයට ගන්නා ලද තාක්ෂණය වන්නේ ට්‍රාන්සිස්ටර් තාක්ෂණයයි .මෙම පරම්පරාවේ පරිගණක පළමු පරම්පරාවට සාපේක්ෂව කාර්යක්ෂමතාව ඉහළ අගයක් ගනු ලැබීය .නමුත් එය ද සැලකිය යුතු මට්ටමක නොපැවතිණි.විශාලත්වය අතින් එයද පළමු පරම්පරාවේ පරිගණක වලට සමාන විය.නඩත්තුව ඉතින් මෙය ද පළමු පරම්පරාවට සමාන විය.


3.තුන් වන පරම් පරාව
මෙම පරිගණක නිෂ්පාදනය සඳහා භාවිතයට ගන්නා ලද තාක්ෂණය වන්නේ IC අනුකලිත පරිපථ තාක්ෂණයයි.මෙය දෙවන පරම්පරාවට සාපේක්ෂව කාර්යක්ෂමතාවක් පෙන්නුම් කරන ලදී . විශාලත්වය අතින් ද එය අනිත් පරම්පරා දෙකට සාපේක්ෂව මද වශයෙන් කුඩා බවක් පෙන්වන ලදී .


4.හතර වන පරම්පරාව 
අද භාවිතයට ගන්නා පරිගණක තාක්ෂණය මෙම 4 වන පරම්පරාව ලෙස සැලකිය හැකි ය .මෙහිදී භාවිතයට ගන්නා ලද තාක්ෂණය වන්නේ ක්ෂුද්‍ර පරිපථ හෙවත් මයික්රො processor තාක්ෂණයයි .මේවා පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ය.නඩත්තුව ද ඉතාමත් ලෙහෙසි මට්ටමක පැවතයි.කාර්යයක්ෂතාවය අතින්ද ඉතාමත් ඉහල අගයක් ගනු ලැබයි.


5.පස් වන පරම්පරාව.
සිතාමතා කටයුතු කරන ක්‍රතිම බුද්ධියකින් ක්‍රියාකරනපරිගනක මෙම පරම්පරාව තුලදී නිර්මාණය කිරීමට පරිගණක ව්ද්වතුන් කටයුතු කරයි.දැන් දැන් එවැනි පරිගණක ලෝකය තුල නැකුවා නොවේ.




Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.