නිවසක් පවත්වාගෙන යෑමේ දී අනුගමනය කලයුතු ක්‍රියාපිළිවෙත්

 නිවසක් පවත්වා පවත්වාගෙන යෑමේ දී අනුගමනය කලයුතු  ක්‍රියාපිළිවෙත්

   අපගේ ආදරණීය නවාතැන සොඳුරු නිවස බව බොහෝදෙනෙක් පිළිගන්න කරුණක්. ලෝකයේ   පිරිසකට නිවසස්නයක් හිමි වෙද්දී තවත් පිරිස්කට නිවස්නයක් අහිමියි. නමුත් නිවසක් හිමි බොහෝ දෙනෙක් තමාගේ නිවස පිළිබදව හරි ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද යන්න ප්‍රශ්නයක්. මා එසේ සඳහන් කරන්නේ ඔබ නිවසක් තුල ජීවත් වනවා නම් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් බොහොමයක් පවතින නිසාවෙනි. මන්ද අතීතයේ පැරැන්නන් තුලින් පැවතගෙන එන එසේම වර්තමානයටත් ‍ප්‍රයෝජනවත් වන ක්‍රියාපිළිවෙත් පවතින නිසාවෙනි.  මෙම කරුණු කියවන ඔබට ඇතැම් විට මේවා හාස්‍යයක් හෝ උපහාසයක් විය හැකිය. නමුත් මෙම කරුණු හරි ආකාරයෙන් අවබෝධයෙන් යුක්තව ක්‍රියාත්මක කරන්නේ නම් ඔබගේ එදිනෙදා ජීවිතය එසේම ළඟා වීමට ආසන්න අනාගතය ඉතාම සුබදායී වනු නොඅනුමාන. 


          එම නිසා අපි එම කරුණු මොනවාද යන්න මෙම ලිපිය තුලින් අවබෝධ කර ගනිමු.   ඔබ ඔබගේ නිවස තුළ පවතින කොසු ඉදල් ආදිය තබන්නේ කුමන ස්ථානයේද. ඔව් බොහෝ දෙනෙකුට  පිළිබඳව නිසි අවබෝධයක් නොමැත. ඒවා නොපෙනෙන ස්ථානයක තබන්නේ නම් ඔබගේ පවුල් ජීවිකාව රැකියාව ඉතාම ආරක්ෂාකාරී අන්දමින් ඉදිරියට පවතී. ඒවා පෙනෙන ස්ථානයක ඔබ තබන්නේ නම් ඔබගේ පවුල් ජීවිකාව ,රැකියාවව අතුගෑවී යෑමේ අවස්ථාව වැඩිවේ.

         අප නොසිතන අවධානය යොමු නොවන තවත් ස්ථානයක් නම් නිවසේ නානකාමරයයි. නාන කාමරය තුළ ජලකරාමය කාන්දු වීමට ඉඩ නොතබන්න  මන්දයත්  මේ අාකාරයෙන් ජලය කාන්දු වනවා යනු ඔබගේ  නිවසේ ධනය කාන්දුවීමකි. 

          ඔබ ඔබගේ නිවස තුල කැඩුණු ඔරලෝසුවක් තවමත් තබාගෙන සිටී නම් ඒ පිළිබඳව ප්‍රවේශම් වන්න මා එසේ සඳහන් කිරීම්ට හේතුව කැඩුනු ඔරලෝසුවක් නිවසක පවතින්නේ නම් එය ඔබගේ මූල්‍ය තත්වයට ඉතාම අහිතකර ලෙස බලපාන නිසාවෙනි. කෙටියෙන් සඳහන් කරන්නේ නම් ඔබගේ මූල්‍ය තත්ත්වය ඇණහිටී .
      
   ඔබ ඔබගේ නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තබා ඇති පාපිස්ස  පිළිබඳව මදකට සිතුවාද  පිළිතුර නම් නැත යන බව මම දනිමි.   එම පාපිස්නා ඔබගේ නිවසට භාග්‍යය උදා වීමට බලපායි මන්ද නිවසට පැමිණෙන අමුත්තන්, නෑදෑයන් ආදී සියලු දෙනාම නිකමට හෝ බලන එක් තැනක් වන්නේ ඔබගේ පාපිස්නවයි.  එමනිසා ප්‍රධාන දොරටුව අභියස පිරිසිදු වර්ණවත් පාපිස්නාවක් තබන්න.

                   ඔබ අවුරුද්දක් අවසානයේ නම් අවුරුද්දකට එසෙත් නොමැති නම් උත්සව අවස්ථාවකට ඔබගේ නිවසේ බිත්තිව වල සහ භාණ්ඩ වල තීන්ත ආලේප කරනවා විය හැකියි. නමුත් මතකයේ තබා ගන්න එම තීන්ත ආලේපනය කරන විට මල්කඩ පාට ,අලු පාට නිවස තුල ආලේප නොකරන්න.  ඔබ වර්ණ සහිත තීන්ත  ආලේප කරයි නම් ඔබ හෝ ඔබගේ බිරිඳගේ හදහනට අනුව වර්ණ තෝරා ගැන්න ඒයට ජ්‍යොතිෂවේදියෙකු ලවා බලා ගැනීම ඉතා යහපත් වේ .

                       ඔබ ඔබගේ නිවසේ මුදල් සේප්පුව හෝ අල්මාරිය තබන දිශාව කුමක්ද. එම දිශාව ඔබගේ මුදල් නිවස තුළ රැඳීමට ඉතාමත්ම ඍජු ආකාරයෙන් බලපායි .එම නිසා ඔබ එවැනි සේප්පුවක් හෝ අල්මාරියක් නිවස තුළ ස්ථානගත කිරීමේදී ගිණිකොන දෙසට ස්ථානගත කරන්න.
                       
ඔබ ඔබගේ නිවෙස තුස තුළ පවතින දොරවල් විශේෂ හේතුවක් නොමැති නම් සම්පූර්ණයෙන්ම විවෘතව තබන්න මන්දයත් ඔබ දොරක් අඩක් පමණක් විවෘත කිරීමෙන් ඔබට හිමි වීමට පවතින සුපෝගභෝගී ජීවිත  ගත් කිරීමට ඒය බාධා පැමුණුවාවි. එම නිසා හැකි සෑම විටම දොරවල් සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට වගබලා ගන්න. 

                                       ඔබ නිවසේ මිදුල අතුගාන විට එය නිවස පැත්තට කළ යුතුය එසේ  නොමැතිව එළිය පැත්තට වන්නට මිදුල් අතු ගෑම මගින් ඔබගේ ධනය අඩු වීමට එය බලපායි.එමනිසා නිසා මිදුල අතුගාන බොහෝ අවස්ථාවලදී මේ පිළිබඳව අවධානයෙන් යුක්තව මිදුල් අතු ගෑමට වගබලා ගන්න.
                 
ඔබේ නිවස තුළ පවතින තරප්පුපෙල නැතිනම් පඩිපෙල අසල, ඒ හා බද්ධ වී පවතින බිත්තියේ යම් පින්තූරයක් එල්ලන විට එය සරල  රේඛාවක ආකාරයට දිගට එල්ලන්න.
            
   මෙම කරුණු ඔබගේ එදිනෙදා ජීවිතයේ එසේම අනාගත ජීවිතය සාර්ථක කර ගැනීමට මනා පිටුවහලක් වනු නොඅනුමානයි .එම නිසා මෙවැනි කරුණු ඔබගේ යහළුවන් අතර බෙදාහැරීමට කටයුතු කරන්න මන්ද එය ඔවුන් ගේ ජීවිතය ද සාර්ථක වීමට මගක් වනු ඇත.

                     

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.