සයිබරේ වැඩකාර වෙබ් අඩවි 5 ක පැටිකිරිය| 01

      මෙමලිපිය තුලින් බලා බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ වැදගත් සහ වටිනා වෙබ් අඩවි 5ක් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දීමටයි. මොකද අද වෙද්දි ලංකාව තුළ නම් ගොඩක් දෙනෙක් අන්තර්ජාලය භාවිතා කරන්නේ සමාජ ජාලාමාධ්‍ය සහ ඇතැම් වෙලාවට ගොසිප් වෙබ් අඩවි වෙත යෑම සඳහා පමණයි. නමුත් ලෝකයේ තත්ත්වය මීට හාත්පසින්ම වෙනස් ඔවුන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා වෙබ් අඩවි රාශියක් භාවිතා කරනවා. ඒ අතින් අපි  ඉතාමත් පසුගාමිී මට්ටමක තමයි  තවමත් ඉන්නේ. වෙබ් අඩවිවල ක්‍රියාකාරිත්වය  දැනගෙන සිටීම මගින් ඔයාගේ ජීවිතේ එදිනෙදා කාර්යයන් බොහෝමයක් පහසු කරගන්න පුළුවන් වෙනවා.එම නිසා  සපු කුසුම අපි තීරණය කෙරුවා ලිපි කිහිපයක් මගින් ලෝකය වැදගත් සහ වටිනා වෙබ් අඩවි පිළිබදව අවබෝධයක් ලබාදීමට. 
 

          ලංකාව පිළිබඳව කතාකරද්දී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නේ ඉතාමත් අඩු පිරිසක්,  ඔව් මං දන්නවා  මේ ලිපිය කියවන ඔයා මාත් එක්ක ඒ කරුණුත් එක්ක එක වෙනවා   කියල. සයිබර් අවකාශයේ තුළ ශ්‍රී ලංකාව ක්‍රියාකාරකම් ඉතාමත් සීමා වෙලා තියෙනවා. ලංකාවේ අන්තර්ජාල භාවිතයය පිළිබඳව තොරතුරු සපයන indexmundi යන වෙබ් අඩවිය  පසන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල භාවිතයය 2016  ජූලි මාසේ  වනවිට   7,126,540 බවයි.  ඒය ජනසංඛයාව සමග සංසන්දනය කරන විට   32.1%  මට්ටමක්. 2018 වන විට  මෙම අගය  ලක්ෂ අසූවකට ආසන්න සංඛ්‍යාවකට පැමිණි ඇති බව වෙනත් වාර්තාවල සඳහන් වෙනවා.  නමුත් ජන සංඛ්‍යාව අඩු ඔස්ට්‍රේලියාව වගේ රටවල් අද වෙද්දි අන්තර්ජාලය තුල මාගේ ආධිපත්‍යය ඉතාමත් හොඳින් පතුරා ගෙන ඇති බව බොහෝ මාධ්‍ය වාර්තා මනාවට ඔප්පු කරනවා. ඕස්ට්‍රේලියාවේ අන්තර්ජාල  භාවිතය 22,288,409  මට්ටමකයි පවතින්නේ. එය මිලියන දෙකකට එහා මට්ටමක්.  ඔවුන්ගේ ජන සංඛ්‍යාව සමග බලන විට  එම අගය   95%   ඉක්ම ගොස් අවසන්.එම නිසා මෙම ලිපියකි කියවාන ඔබට සහ මෙම ලිපිය ලියන මට ලංකාව තුළ හිතන්නට කාරණයක් තියෙනවා ඒ අපි සයිබර් අවකාශය තුළ තවමත් පසුගාමී වන්නේ ඇයි යන ප්‍රශ්නය?.

1.wikipedia.org   

  මෙම වෙබ් අඩවිය ලෝකෙ තුළ ඇති වඩාත්ම කතාබහට ලක්වන  විශ්ව කෝෂයක් ලෙස සඳහන්  කරන්න පුළුවන්. මෙම විශ්වකෝෂයේ අනිකුත් විශ්ව කෝෂයට වඩාකෝෂ යන්ට වඩා වෙනස් වන්නේ ගිණුමක් සාදා ගන්නා ඕනෑම කෙනෙකුට තමාට කැමති මාතෘකාවක් තෝරාගෙන ඒ පිළිබඳව විස්තර ලිපි ලිවිය හැකි නිසාය. එසේම තවත් අයෙකු විසින් ලියන ලද ලිපියක් නව දැනුම යොදා වෙනස් කිරීම්ට වුවද ඕනෑම අයෙකුට හැකි වීම තවත් සුවිශේෂීතාවකි.  මෙය ලාභ නොලබන හුදෙක්ම දැනුම් ලබා ගැනීම සඳහා සකස් කරන ලද විශ්ව කෝෂයක් සහ තවත් අතකින් වෙබ් අඩවියක් ලෙස සඳහන් කිරීමට පුළුවන් . මෙහි මූලාරම්භය  ඇමෙරිකා එක්සත්ජනපදය තුල වීම නිසා මෙය ඇමරිකාව තුල ඉතාමත් ජනප්‍රිය විශ්වකෝෂයක් වන අතර අද වන විට ලෝකයේ බොහෝ දෙනෙක් මෙම වෙබ් අඩවිය තමාගේ විවිධ වූ මාතෘකා ගවේෂණය කිරීම සඳහා භාවිතා කිරීම දකින්න පුලුවන්. මෙම වෙබ් අඩවිය නඩත්තු කරගෙන යෑම සඳහා අවශ්‍ය මුදල් සපයා ගනු ලබන්නේ ලොව සිටින විවිධ වූ පුද්ගලයන් විසින් වෙබ් අඩවියේ ඉදිරි උන්නතිය සඳහා ලබාදෙන මුදල් මඟිනි. ලෝකයේ  ජනප්‍රිය වෙබ් අඩවි වලින් පස්වැනි ස්ථානයේ තමාගේ ස්ථානය තවමත් පවත්වාගෙන යෑමට මෙම වෙබ් අඩවිය සමත්වෙලා තියෙනවා. 

2.vk.com

 මෙම වෙබ් අඩවිය සමාජ ජාල වෙබ් අඩවියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ලංකාව තුළ නම් නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙබ් අඩවියක් තමයි facebook කියන්නේ අන්න ඒ facebook එකට හාත්පසින්ම සමාන වෙබ් අඩවියක් ලෙස මෙම වෙබ් අඩවිය දක්වන්න පුලුවන්. නමුත් මෙම වෙබ් අඩවිය ලංකාව වගේම බටහිර රටවල් තුළ ජනප්‍රිය නොවන්නේ මෙහි මූලාරම්භය  රුසියාව තුල  සිදුවු නිසායි. ලංකාවේ ෆේස්බුක් වගේම රුසියාවට එනම් නැගෙනහිරහිර පැත්තට පවතින චීනය ,කසකස්තානය උස්කිබකිස්තානය වැනි රටවල් වල ෙමම වෙබ් අඩවියේ ඉතාම ජනප්‍රියයි එමනිසා විචාරකයන් පවසන ආකාරයට මෙය ෆේස්බුක් අභිබවා යන මට්ටම්ට වුවද පැමිණිය හැකි බව දක්වනවා. මොකද චීනය වැනි දැවැන්ත රාජ්‍යයන් වල ජනතාව පවා මෙම වෙබ් අඩවිය තමාගේ එදිනෙදා ජීවිතයේදී යහළුවන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමට භාවිතා කරන නිසා. චීනය කියන්නේ ජන සංඛ්‍යාව අතින් ලෝකයේ අංක 1 බව  කවුරුත් දන්න කරුණක්.  යම්හෙයකින් චීනයේ දැනට මෙම වෙබ් අඩවිය භාවිතා කරන මට්ටම ඉහළ ගියහොත් ලෝකේ  ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවිය වන්නේ මෙම වෙබ් අඩවියයි.2018 ඔක්තෝම්බර් මස වන විට මෙහි  ගිණුම් හිමි සාමාජික සංඛ්‍යාව මිලියන 500 ඉක්මවා ගොස් අවසන් එම නිසා ලෝකයට බලපෑම් කළ හැකි වෙබ් අඩවියක් ලෙස මෙම වෙබ් අඩවියය දැක්විය හැකියි. මෙය ලෝකයේ 16 වෙනි ස්ථානයට ජනප්‍රියම වෙබ්  අඩවියයි.ෙඩාලර් මිලියන 42,751( million) අදායමක් මෙම වෙබ් අඩවිය සෑම වර්ෂයක් තුළ දීම උපයයි. 

3.Weebly.com

2006දී ලෝකයට හදුන්වෙවා දුන් ෙවබ් අඩවියක් ලෙස මෙම වෙබ් අඩවිය දක්වන්න පුළුවන්. මෙම වෙබ් අඩවිය ලෝකයතුල 39 වන ස්ථානයට ජනප්‍රියම වෙබ් අඩවියයි. මෙසේ ජනප්‍රිය වීමට හේතු  නම් වෙබ් අඩවි නිර්මාණය  පිළිබඳව කිසිදු මූලික දැනුමකින් තොරව වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේ හැකියාව මෙම වෙබ් අඩවිය මගින් ලබා දෙන නිසාය. අද වන විට මෙහි මූලස්ථානය ඇමරිකාවේ   සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පිහිටා ඇති අතර ෙමහි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන් 50 ක් ඉක්මවා ගොස් අවසන්. මෙය නොමිලේ තමාගේ වෙබ් අඩවිය නිර්මාණය කරගත් හැකියි වෙබ් අඩවියක් වන අතර ඇතැම් සීමාවන් වෙත යෑම සඳහා වූ මුදල් ගෙවීම්ක් සිදුකළ යුතු වීමද සුවිශේෂීතාවයක් විදිහට  දකින්න පුලුවන්. David Rusenko, Dan Veltri, Chris Faninයන  පුද්ගලයින්ගේ මෙහෙයවීමෙන් මෙම වෙබ් අඩවිය අන්තර්ජාලය තුල තවමත් තමාගේ කාර්යයක් සිදු කරමින් පවතී.

4.pixlr.com

 ඡායාරූප නිර්මාණය කිරීමේදී අප බොහෝ දෙනෙක් භාවිතා කරන්නේ adobe photoshop වැනි මෘදුකාංග මෙවැනි මෘදුකාංග භාවිතා නොකර අන්තර්ජාලය ඔස්සේ online තමන්ගේ ඡායාරූප සකස් කිරීමට ඉඩ පහසුකම් සලසා දෙන වෙබ් අඩවියක් ලෙස මෙම වෙබ් අඩවියයේ දක්වන්න පුළුවන්. මෙම වෙබ් අඩවිය ඔබගේ පරිගණකයට මෙන්ම ඔබගේ    ස්මාර්ට් ජංගම තුළ දුරකථනයෙන් ටැබ් පරිගණක යන්ත්‍රයට ඉතාමත් හොදින් සහය දක්වයි. එම නිසා ඉතාමත් සරල දැනුමක් භාවිතා කර තමා ගේ ඡායාරූපය  නිර්මාණය කර  ගැනීමේ හැකියාව මෙම වෙබ් අඩවිය තුළින් පරිශීලකයාට උදාවේ.

5.helakuru.lk

ලංකාව තුල ඉතාමත්ම හොඳින් තමාගේ සේවාව නොමිලේ සපයන වෙබ් අඩවියක් ලෙස මෙම වෙබ් අඩවියය නම් කරන්න පුළුවන්. වෙබ් අඩවිය තුලින් sinhala කිසිදු ප්‍රශ්නයකින් තොරව ටයිප් කිරීමේ පහසුකම් සපයා දෙයි. එතැනින් නොනවතින මෙම වෙබ් අඩවියේ ස්මාර්ට් උපකරණ වෙත තමාගේ මෘදුකාංග ලබාදෙමින් තමාගේ සේවාව පුළුල් වශයෙන් ලංකාව තුළ දීප ව්‍යාප්ත කර  තියෙනවා.අද වනවිට විට මොවුන් විසින් හඳුන්වා දී තිබෙන කථනය මගින් අකුරු ටයිප් කිරීමේ ක්‍රමය ලංකාව තුල  ඉතාමත් හොඳින් ජනප්‍රිය වී තියෙනවා. එම නිසා නම කිවූ  සැනින් බොහෝ දෙනෙක් මෙම වෙබ් අඩවිය සහ මෙම වෙබ් අඩවිය මගින් ලබාදෙන සේවා පිළිබඳව දන්නවා. ජංගම දුරකථන තුල සිංහල ටයිප් කිරීමේ නිවැරදි ක්‍රමය නම් මෙම helakura මගින් ලබාදෙන සේවාවයි.

එසේනම් ඔබට අප විසින් ලබාදුන් මෙම දැනුම් එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට බොහෝ  පිටුවහලක් වෙයි. එම නිසා ලංකාව තුළ නැතිවෙන සිංහල භාෂාව ආරක්ෂා කරගැන ගැනීම සඳහා සිංහල භාෂාවෙන් නිර්මාණය වී ඇති මෙම sapu kusuma අඩවිය පිළිබදව ඔබගේ යහලුවන් දැනුවත් කිරීමට අමතක නොකරන්න. නැවත වරක් මෙම  අඩවියට පැමිණීමට ඔබට ආරාධනා කරනවා. 

-දුමින්ද නාමල්-





Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.