ආර්ථික විද්‍යාවට ප්‍රවේශයක් 03 |economics


මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපි කියවූ කෙනෙක් නම් මේ වන විට ඔබට ආර්ථික විද්‍යාව පිලිබදව දල අවබෝධයක් ලබන්නට ඇත.
අද අපි කතා කරමු ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පයක් ලෙස සැලකෙන නිෂ්පාදන සම්පත් පිලිබදව . අපි පෙර සදහන් කල ආකාරයට මිනිස් වුවමනාවන් අසීමිත වීමත් ආර්ථිකයක පවතින සම්පත් සීමිත වීමත් නිසා ආර්ථික විද්‍යාවේ මූලිකම සංකල්ප ගොඩනැගී ඇත. අතරින් නිෂ්පාදන සම්පත් ඉතා වැදගත් සංකල්පයකි.
නිෂ්පාදන සම්පත් කියල කියන්නේ,
                  අපගේ අවශ්‍යතා හා වුවමනාවන් සපුරාගැනීමට අප භාවිතා කරනු ලබන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කරනු ලබන යෙදවුම් .”
ආර්ථික විද්‍යාවේ ප්‍රධාන නිෂ්පාදන සම්පත් ප්‍රභේද හතරක් යටතේ සාකච්ඡා කරනු ලබයි. අතර,

·         භූමිය
·         ශ්‍රමය
·         ප්‍රාග්ධනය
·         ව්‍යවසායකත්වය
භුමිය හා ප්‍රාග්ධනය දේපල සම්පත් ලෙසත් ශ්‍රමය හා ව්‍යවසායකත්වය මානව සම්පත් ලෙසත් ප්‍රධාන බෙදීම් දෙකක් දැක්විය හැක. සෑම නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම සදහා මෙම නිෂ්පාදන සංයෝග භාවිතා කරනු ලබයි.
දැන් අපි මේ එක් එක් නිෂ්පාදන සාධකයක් දෙස අවධානය යොමු කරමු.

                                           භූමිය
සරලව  භූමිය යනුවෙන් හදුන්වන්නේ ,
                                   භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කල හැකි සියලුම ස්වාභාවික සම්පත් .”
ඕනෑම ආකාරයක ස්වාභාවික සම්පතක් මේ යටතට ගැනේ. උදාහරණ ලෙස වනාන්තර , ගංගා, දියඇලි ආදිය සදහන් කල හැක.මෙම නිෂ්පාදන සාධකය ද ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කල හැක.එනම්,
                               ප්‍රතිස්ථාපනය කල  හැකි සම්පත්
                               ප්‍රතිස්ථාපනය කල නොහැකි සම්පත් ලෙසය .
ප්‍රතිස්ථාපනය කලහැකි සම්පත් යනු,
                            භාවිතයත් සමග නැවත නැවත වර්ධනය වන සම්පත් . මීට කදිම උදාහරණය වන්නේ මුහුදු මත්ස්‍ය සම්පත යි. ප්‍රතිස්ථාපනය කල හැකි සම්පත් සජීවි සම්පත් ලෙස හදුන්වයි.
ප්‍රතිස්ථාපනය කල නොහැකි සම්පත් යනු,
                             භාවිතයත් සමග ක්ෂය වන සම්පත් . ගල් අගුරු , ඛනිජ තෙල් උදාහරණ ලෙස සදහන් කල හැකි අතර මේවා අජීවි සම්පත් ලෙස හදුන්වයි.

                         ශ්‍රමය
නිෂ්පාදන සම්පත් අතරින් වටිනා මෙන්ම සජීවී ම සම්පත ශ්‍රම සම්පතයි.ශ්‍රමය යනු,
               භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සදහා යොදා ගත හැකි සියලුම කායික හා මානසික ප්‍රයත්නයන්‍ .”
එනම් ශ්‍රමය යනු ශ්‍රමිකයා නොව ශ්‍රමිකයාගේ කායික හෝ මානසික ශක්තිය යි.ශ්‍රමයට අදල ලක්ෂණ කිහිපයකි.  අතර,
·         ශ්‍රමය ශ්‍රමිකයාගෙන් වෙන් කල නොහැකි වීම
·         ශ්‍රමය හා කාලය සමග අන්තර් සම්බන්ධතාවයක් පැවතීම
·         එක් එක් ශ්‍රමිකයාගේ ශ්‍රම ඵලදායීතාවය සමජාතීය නොවීම
·         ශ්‍රම සාධකයේ වටිනාකම තීරණය කිරීමට ශ්‍රමිකයාට හැකිවීම.
·         කේවල කිරීමේ හැකියාව
·         සජීවි සාධකයක් වීම
වැනි ලක්ෂණ ගණනාවකින් යුත් නිෂ්පාදන සම්පතක් ලෙස ශ්‍රමය හදුන්වා දිය හැක.

                ප්‍රාග්ධනය
ප්‍රාග්ධනය යනු,
         භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සදහා යොදාගන්නා මිනිසා විසින් නිෂ්පාදනය කරන ලද නිෂ්පාදන ආධාරකයන් . “
මෙය තොග සංකල්පයකි.නිදසුන් ලෙස ගොඩනැගිලි , කම්හල් , සැකසූ ගොවිබිම් දැක්විය හැක.භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සදහා ප්‍රාග්ධනය ඍජුවම දායක කරගන්නා අතර ප්‍රාග්ධන තොගය, ස්කන්ධය , සම්භාරය  ආදී නම් වලින් හදුන්වන්නේ මෙම නිෂ්පාදන සාධකය යි. අනුව ප්‍රාග්ධනය,
·         මූර්ත සංකල්පයකි
·         ප්‍රාග්ධන භාණ්ඩ ඇසුරින් නිෂ්පාදන ප්‍රවාහයක් බිහිකිරීම
·         තාක්ෂණය මත තීරණය වන සංකල්පයක් වීම
·         මිනිසා විසින් නිෂ්පාදනය කර තිබීම
·         ඵලදායීතාවය ඉහල නැංවීමට උපකාර වීම
ආදී ලක්ෂණ රාශියකින් යුක්ත සම්පතකි.ප්‍රාග්ධනය පිලිබදව කතා කිරීමේ දී අපට ප්‍රාග්ධනයේ ප්‍රභේද නැතහොත් ප්‍රාග්ධන වර්ග කිහිපයක් හදුනාගත හැක. අතර

   භෞතික ප්‍රාග්ධන
ආර්ථිකයක සියලුම ප්‍රාග්ධන සම්පත් හැදින්වීමට භාවිතා කරන සංකල්පයකි. නිෂ්පාදන ක්‍රියාවලිය සදහා නැවත නැවත යොදාගත හැකි ක්ෂය වීමෙන් අවසන් වන කල්පවත්නා ප්‍රාග්ධන වත්කම් .

                                         සංසරණ ප්‍රාග්ධනය
යම් නිශ්චිත  අවස්ථාවක දී ආර්ථිකය තුල පවත්නා විවිධ භාණ්ඩ තොග වේ. අමුද්‍රව්‍ය , අර්ධ නිමි භාණ්ඩ ආදිය උදාහරණ වේ.
                                         මානව ප්‍රාග්ධනය
මුදල් ආයෝජනය කිරීමෙන් බිහිවන මානව ප්‍රාග්ධනය යනු කිසියම් ක්ෂේත්‍රයක්  පිලිබද ඉහල නිපුනතාවකින් යුක්ත ශ්‍රම කොටසකි. අධ්‍යාපන අත්දැකීම්, පුහුණු වීම් මත මානව ප්‍රාග්ධනය බිහිවේ.

                                         සමාජ ප්‍රාග්ධනය
පුද්ගල අන්තර් සම්බන්ධතා මගින් බිහිවන ස්වඋපකාරක කණ්ඩායම් මේ යටතට ගැනේ.

                                        ස්වාභාවික ප්‍රාග්ධනය
ආර්ථිකයක පවත්නා ස්වාභාවික සම්පත් මේ යටතට ගැනේ.උදාහරණ ලෙස භූමිය, ගංගා , ඔක්සිජන් ආදිය සදහන් කල හැක.

                                            ව්‍යවසායකත්වය
නව ව්‍යාපාර අවස්ථා හදුනාගෙන වෙනුවෙන් ආර්ථික සම්පත් මෙහෙයවා අවධානම් දරමින් ලාභ උත්පාදනය කිරීමට ඇති හැකියාව යි.
                             ව්‍යවසායකත්වයේ ලක්ෂණ  ලෙස,
·         මානව සාධකයක් වීම
·         ආරම්භක ශක්තිය ලබාදීමේ හැකියාව
·         අභියෝගවලට සාර්ථකව මුහුණදීමේ හැකියාව
·         නායකත්ව ගුණාංග  ආදී කරුණු දැක්විය හැකිය.
මේ අනුව ආර්ථික විද්‍යාවේ ප්‍රධාන නිෂ්පාදන සාධක පිලිබදව මේ ආකාරයට කරුණු සදහන් කල හැකිය.



පියුමි මධුෂිකා
(university of J'pura)

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.