මතක මාළිගය ලිපි අංක 01

 අද ලියන්න යන ලිපිය බාල,වැඩිහිටි,ඉගෙන ගන්න,රැකියා කරන මේ අදී කාට වුනත් ගොඩක් ප්‍රයොජනවත් වෙවි.මන්ද යත් මතකය කියන්නේ කෙනෙකුගේ ජීවිතය මෙන්ම ඉතා වැදගත් දෙයක් බව අමුතුවෙන් කියන්නට වුමනා නොවේ.මොහොතකට කල්පනා කරලා බලන්න ඔබගේ මතකය ඔබ අතරින් අවම මාසයක් ඔයාව දාලා දුර ගමනක් ගියා කියලා.ඔයාට වෙන්නේ මොකද.ඔයා මේ තාක් කරපු වැඩයි කරන්න ඉන්න වැඩයි සියල්ලටම ආයුබොවන් කියන්න වේවි.මා නිවැරදි බව ඔබ කියයි.පිළිතුර ඔව් මන්ද යත් මතකය පණ මෙන රුක ගත යුතු වස්තුවක්ය.දැන් අප මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වෙත අඩියෙන් අඩිය ගමන් කරමු.

            අපි එදිනෙදා ජිවිතයේ දී අපගේ පාඩම් වැඩ කටයුතු කරනු ලබන්නේ කෙසේද.අපි සටහනක් මතක තියා ගන්න පටන් ගත් මොහොතේ සිට එය මතකයේ තබා ගන්න කොපමණ නම් වෙහෙසක් දරයිද.එයට හේතුව කුමක්ද.ඇයි අපහට සටහනක් නිවැරදිව වේගයෙන් මතක තබා ගන්න බැරි.ඔව් පුද්ගයන් සියයක් අතරින් එක් අයෙකුට පමණ දෙයක් කියන පමනින් මතකයේ දීර්ඝ කාලයක් ගබඩා වනු ඇත.නමුත් අනිකුත් සියලු දෙනාටම විවිධ උපක්‍රම භාවිතා කරමින් තමාගේ මතක තබා ගැනීමේ කාර්යය සිදු කිරීමට වනු නිසැකය.තවත් අයෙකු මෙම ලිපිය කියවන විටම මා හා තර්ක කරණු ඇත එහෙම උපක්‍රම තියෙන්න පුලුවන්ද කියා.පිළිතුර නම් ඔව් තියනවා නමුත් එය භාවිතයෙ දී  පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බවද තරයේ මතක තබා ගත යුතුයි.
  
 කරුණු මතක තබා ගන්නෙකු ප්‍රධාන වශයෙන් කොටස් හතරකින් යුක්ත වේ.
  1. ඇසීම මගින් කරුණු ග්‍රහනය කර කරුණු මතක තබා ගන්නන්
  2. දැකීම මගින් කරුණු ග්‍රහනය කර කරුණු මතක තබා ගන්නන්
  3. කියවීම මගින් කරුණු ග්‍රහනය කර කරුණු මතක තබා ගන්නන්
  4. ක්‍රීයාකාරකම් මුල් කර ගෙන කරුණු මතක තබා ගන්නන්
  දැන් ඔබට පිළිතුරු දීමට ප්‍රශ්නයක් ඔබ හමුවේ මේ වන විටද ගොඩ නැගී ඇති බව මා හොදා කාරවම දනී.එනම් මම ඉහත ගොඩෙන් මොන ගොඩට අයත් පුද්ගලෙකුද .ඇත්තටම ඔබ ගැන දන්නේ ඔබ පමණි.ඔබ මේතාක් පාඩම් කර ලද ක්‍රමය කුමක්ද.එය ඉහත ක්‍රම 4න්  කුමන ගොඩට අයත් වන්නේද.දැන් ඔබ මතක් කර බලන්න ඔබ සිටින්නේ කොතනද යන වග.ඔබ මේ වන විටත් පාඩම් කරන ලද දේ ඔබට මතක සිටීම ඉතාම මන්ද ගාමී හො අසාර්ථකනම් එම ක්‍රමය වෙනස් කිරීමට මේ නියම කාලයයි. අප දැන් ඉහත ක්‍රම පිළිබදව පැහැදිලි අවබෝධයක් ලබා ගනිමු.

    1.ඇසීම මගින් කරුණු ග්‍රහනය කර කරුණු මතක තබා ගන්නන්
 ඇතැම් විට මෙම ගණයේ පුද්ගයන් ඔබ දැක ඇති.ඔබගේ පංතියේ ඉතා හොදින් පාඩම් වලට සවන් දී කරුණු මතක තබා ගනි.ඔවුන් ඒ සදහා තමාගේ පූර්ණ අවදානය යොමු කරනු ලබයි.මෙය සෑම පුද්ගලන්ටම පොදු වූ කරුණු මතක තබා ගැනීමේ ක්‍රමයක් නොවේ.මෙන්ද යත ඔබගේ කෙටි අවධානය බිදී යාමකින් ඔබට ඔබගේ අනිකුත් මතක තබා ගැනීමන් ඒ සමගම ඔබට අහිමි විය හැකි වේ.නමුත් මෙම ක්‍රමය මගින් මතක තබා ගන්න ගේ මතකය අන් සියල්ලන්නන්ටම වඩා ඉදිරියෙන් පවති.ඔබගේ මනසේ මතක ශක්තිය අනිකුත් පුද්ගලයන්ට වඩා ඉහළ අගයක පවතිය.මෙවැනි අය ඇත්තේ විරල වශයෙනි.

  2.දැකීම මගින් කරුණු ග්‍රහනය කර කරුණු මතක තබා ගන්නන්
මෙවැනි අය කරුණු මතකයේ තබා ගනු ලබන්නේ තමාගේ සටහන්,පොත් ආදීය නැවත නැවත බලා යම් ආකාරයක කියවීමක් සිදු කරගෙනය. එසේම මෙවැනි ආකාරයේ මතක තබා ගැනීම් සිදු කරන පුද්ගලයින් වඩා කැමති තමාගේ මාතෘකාව පිළබදව විඩියෝ පට නැරඹීම ආදී දෘශය මාධ්‍ය මගින් ඉගෙන ගැනීමට වේ.මෙම අය සමාජය තුල තරමක් සුළඔ වේ.එසෙම මෙම ක්‍රමය ඉතාමත් ඉක්මනින් කරුණු මතකයේ රැදෙන ක්‍රමයක් ද වේ.

 3.කියවීම මගින් කරුණු ග්‍රහනය කර කරුණු මතක    තබා ගන්නන්
මෙම ක්‍රමය තුල තමන්ගේ සටහන් මතක තබා ගන්නා පුද්ගලයන් සිදු කරණු ලබන්නේ තම සටහන හිතින් එසේත් නොමැති නම් හඩනගා කියවීමයි.මෙම ක්‍රමය අසාර්ථක ක්‍රමයක් ලෙස ද විටක නම් කර හැකිය මන්ද යත් මතකය තුල ගබඩා වීම ඉතා පහළ මට්ටමක, මෙම ක්‍රමය පසු වීමයි.

 4.ක්‍රීයාකාරකම් මුල් කර ගෙන කරුණු මතක තබා ගන්නන්
මෙය මෙම ක්‍රමයන් තුලින් පවත්නා හොදම ක්‍රමය ලෙස නම් කර හැකිය.මෙය ක්‍රියාකාරකම් සමග සිදු වන මතක තබා ගැනීමේ ක්‍රමයක් නිසා අද වන විට බොහෝ පිරිසක් මෙම ක්‍රමය තුල කටයුතු කරයි.මෙම ක්‍රමය තුල දී පාඩම් කර සටහන මගින් ප්‍රශ්න සෑදීම, ඒවාට තමාම පිළිතුරු සැපයීම,කොටස් වශයෙන් විවිධ ක්‍රම යොදා පාඩම් කරණ ලද කරුණු කොළ වල ලිවීම,පොත් සෑදීම,ගවේශනය,සාකඡ්ච්චා ගොඩ නැගීම,තර්ක කිරීම,තව අයෙකුට පැහැදිළි කර දීම ආදී ක්‍රම මෙම ක්‍රමය තුල පවතී.මෙම ක්‍රමය තුල දී ඔබගේ සටහන් මතක තබා ගැනීමේ හැකියාව 70% වඩා වැඩි අගයක පසු වෙයි. 

      දැන් ඔබම තීරණය කරන්න ඔබ කව්ද ඔබ අනුගමනය කරන ක්‍රමය දැනටමත් නිවැරදිද, නිවැරදි නම් එම ක්‍රමය ඉදිරියටත් පවත්වාගෙන යන්න.නමුත් එය අසාර්ථක නම් මෙම ක්‍රමයන් තුළින් සාර්ථක යැයි සිතන ඔබට ගැළපෙන ක්‍රමයකට මාරුවන්න.ඉදිරි ලිපියකින් ඉතාමත් ඉක්මනින් මතක තබා ගන්නා උපක්‍රම ගැන කතා කරමු.

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.