ආයෙ Pen ගලවන්නේ පරිස්සමෙන්


අපි කොම් එකත් එක්ක වැඩකරද්දි USB drive “Safety remove” කරන එක කොහොමත් මිස් වෙනවා.නැත්නම් මිස් කරනවා.නැද්ද හා...සමහරු මේක දන්නැති කමට කරාට සමහරුනම් දැනගෙනම ඇදලා දානවා.මේක කරන්නම ඕනද?කරේ නැත්තන් අවුල්ද?අවුල් ගියොත් මොකද කරන්නේ කියලා ඔලුවට දා ගමුද? එල..එල..USB drive එකක් වැඩ කරන්නේ කරන්ට් එකෙන්.අපි ඒවා කම්පියුටර් එකට සම්බන්ද කරාම කම්පියුටර් එකේ USB port හරහා පෙන් එකට හරි අදාල උපාංගයට හරි කරන්ට් එක දෙනවා.එතකොට අපි සෙනික අපේ drive එක ඇදලා දාද්දි කරන්ට් ලීක් එක් එකක් (spark) ගියොත් USB එකට හරි කම්පියුටර් එකට අවුලක් යන්න ඉඩ තියෙනවා.අනික ඔයා කම්පියුටර් එක හරහා USB එකට කොපි කරනකොට ඩ්‍රයිව් එක ගැලෙව්වොත් දත්ත වලට හානි වෙන එක අහන්නත් දෙයක් නෑ.ඒත් එහෙම නැති වෙලාවක වුනත් ඔයාගේ කොම් එකයි USB එකයි අතරේ Data transfer වෙන්න පුලුවන්.එතකොටUSB drive එකක් Safety remove කරන්නැතුව ඇදලා දැම්මොත් USB එකේ වගේම කම්පියුටර් එකේ දත්ත වලටත් අවුලක් වෙන්න පුලුවන්.

          ඔයාගේ USB ඩ්‍රයිව් එක අවුලක් නැතුවම කම්පියුටර් එකෙන් ගලවගන්න ක්‍රම දෙකක් තියෙනවා.එකක් Task bar එකේ Notification area වල“Safely remove hardware” හරහා ඔයාගේ USB ඩ්‍රයිව් එක තෝර ගන්න එක හරි කම්පියුටර් තුලින් USB එක තෝරලා Right click කරලා Eject කරගන්න එක.කොච්චර කම්මැලි හිතුනත් මේ දෙකෙන් එක විධියකට USB එක විසන්දි කරලා “Safe to remove hardware”කියන මැසේජ් එක ආවට පස්සේ USB එක ගලවන එක තමයි මොලකාරම වැඩේ.ගොඩක් USB ඩ්‍රයිව් වල Data transfer වෙද්දි නිවෙන පත්තුවෙන එලියක් තියෙද්දි ඩ්‍රයිව් එක ගලවන්නම එපා.කොච්චර අලුත් සීන් ආවත් ඔයාගේ Data වල safety එක තියෙන්නේ USB එක “safety remove”කරාම තමා.
ධනුෂ්ක ප්‍රසාද්
(University of J'pura)
 

Duminda Namal

මම දුමින්ද.ස්වර්ණයම භාෂාවක් ‍වන සිංහල භාෂාව රැක ගන්න උත්සාහ කරන ‍කොල්ලෙ ක්. කියවපු ලිපිය වටිනවා නං එසේම සිංහල භාෂාව තවදුරටත් අන්තර්ජාලය තුල පැවතිය යුතු නම් මේ ලිපිය අනිවා අනිවාර්යෙන්ම share කරන්න .ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් බොක්ස් එක තුල යොදන්න.